iMage:maheshhapugoda

මෙම ලිපිය ලිවීමට මා පොළඹවන ලඳ ප්‍රධාන කරුණු දෙකක් විය. එනම්, ජනවාරි 18 වන දින සහභාගී වූ The Politics of Memorialisation in Sri Lanka නම් Webinar සාකච්ජාවට සවන් දීමෙන් පසුව උපන් සිතුවිලි සහ Facebook මාධ්‍ය යේ දී දුටු post දෙකකි. මින් පළමු සිදුවීම පිලිබඳ අදහස් දක්වන්නේ නම්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් විෂය විශාරදයන් ගේ සහභාගීත්වයෙන් යුතුව කාලින සිදුවීමක් මුල් කරගනිමින් සංවිධානය කල ශාස්ත්‍රීය සාකච්ඡාවකි.

එහිදී මා විසින් ග්‍රහණය කරගත් කරුණ නම්, දිග් ගැස්සුණු යුද්ධයකින් බැට කෑ සමාජයක නැවත විශ්වාසය, යුක්තිය සහ වගවීම ගොඩනැගීමේ දී අධ්‍යාපනය තීරණාත්මක සාධකයක් වන බවය. මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පිලිබඳ පවසන්නේ නම්, උගනගනු ලබන විෂය පදාර්ථයෙන් මානුෂීයත්වය, ගරු කිරීම සහ විශ්වාසකළ හැකිවීම යන සාධක සදාකාලිකවම ඈත්ව ගොස් ඇති අයුරු දැකිය හැකිය. එය විද්‍යා විෂයන් වෙත මෙන්ම සමාජීය විද්‍යා විෂයන් වෙතද අදාල වේ. මෑතකදී හිටපු මහාචාර්ය නවරත්න බණ්ඩාරගේ ලිපියක පෙන්වා දී තිබුනේ විශ්ව විද්‍යාල යනු උපාධි ඉස්ටෝරු නොවන බව සහ එහි අධ්‍යාපනය මගින් විචාරශීලි කියවීමක් සහිත පුද්ගලයන් බිහිකිරීම අරමුණු වන බවත් පෙන්වා දී තිබුණි (Dialogue , 2020, Volume 06, Issue 02).

නමුත් ඉතා අවාසනාවකට, මේ මොහොතේ විශ්ව විද්‍යාල මෙන්ම සියලුම අධ්‍යාපන ආයතන ඉස්ටෝරු බවට පත් වී ඇත. මාගේ මතය නම්, එවැනි ආභාග්‍යක් වෙත ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතන ඇද දැමීමට එක් පසකින් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන ආයතන ද අනෙක් පසින් දේශපාලනයේ අශිෂ්ට භාවිතා ව ද හේතු වී තිබේ. දීර්ඝ කාලීනව මා විසින් කල නිරික්ෂණයක් ආශ්‍රිතව ගොඩ නගන තර්කයක් නම්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ දී, එම වියත් මණ්ඩල හි නියෝජනය එක් විෂයක්වෙත පමණක් කේන්ද්‍ර වීම දුර්ගන්තයකි.

නිදසුන් ලෙස, නව විෂය නිර්දේශ සකස් කිරීමේ දී පවා, තමන් නියෝජනය කරන විෂය අධිපති වේ යන මතයෙන් පිහිටා කටයුතු කරන ප්‍රවීනයන් ගේ තීරණ මගින් විවිධත්වයක් එක් විය යුතු සමාජ විද්‍යා විෂයන් පවා එක් ආකෘතියකට කොටු කිරීමට උත්සහ කිරීම මෙන්ම වෙළඳපොල ක්‍රමවේද සමාජ විද්‍යා වෙත ද ගෙන ඒමට කරන යෝජනා සහ මානව සහ සමාජ විද්‍යා විෂයන් යනු රටක පිරිවැයක් පමණක් වේ යන මුලධර්මය මත සකසන අධ්‍යාපන ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට අධ්‍යාපනය හරහා විමර්ශනාත්මක පුද්ගයන් බිහිවීම වැළලී ගොස් ඇත. එය එම අධ්‍යාපන ලැබූ ජනයා විසින් පත්කර ගනු ලබන පාලකයන් හරහා තව තවත් සනාථ වේ. එවැනි පසු බිමක, අධ්‍යාපන, සංහිදියාව ගොඩ නැගීමට යොදා ගැනීමට හැකි වේ ද ?

අවම වශයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනයන් හි ප්‍රශ්න කිරීමේ අයිතිය සනාථ කරන පාරිසරක් වේද? විවිධ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වුවද, එකම පොදු වේදිකාවක මත වාද කිහිපයක් බෙදා ගැනීමට හෝ මෙම ආයතනයන් හි අවකාශ සකස් වී තිබේද ? එම මතයක් කුමන හෝ පාර්ශවයක් විසින් පාලකයා හෝ බලය සහිත කණ්ඩායම ප්‍රශ්න කරන්නේ නම්, එහි අවසානය බොහෝ විට අශිෂ්ට ව විසදනු දැකිය හැකිය. මෙවැනි කරුණුවෙත අවධානය යොමු කරමින් අප සාමය සහ සංහිදියාව ගොඩ නැගීමේ අභියෝගය තේරුම් ගත යුතුය.

නැවත ප්‍රතිපත්ති සක්සන්නන්ගේ කරුණ වෙත යොමු වේනම්, පසුගිය කාලය තුළම අධ්‍යාපන ක්ෂත්‍රයේ විද්‍යා විෂයධාරි ඥාණය විසින් ඥාණ යටත්විජිත කරනයක් (Colonization of Knowledge) ගොඩ නගා ඇත. මෙම යටත්විජිත කරණය ප්‍රශ්න කිරීමට විද්‍යා නොවන විෂයන්හි කණ්ඩායම් ඉදිරිපත් නොවිණි. මගේ කියවීම නම්, මෙම ඥාණ යටත්විජිත කරනයට, විද්‍යා නොවන විෂය කණ්ඩායම කැමැත්තෙන්ම යටත් වී තිබෙන බවය. එයට හේතුව නම්, එම යටත්විජිත්කරන කණ්ඩායම සතු වන ආයතනික බලය වේ.

මෙම ආයතිනක බලය සමඟ වන යටත්විජිතකරුවන් හේතුවෙන්, සිහිනෙන් පෙනෙන දෙවියන්ගේ වට්ටෝරු සහ එයින් වන නිෂ්පාදන අනුමත කරන වෛද්‍යවරු, ඇමතිවරු මෙන්ම මාධ්‍ය ද බිහිවීම වැළැක්විය නොහැකිය. මෙම ව්‍යසන මෙතනින් සිමා නොවේ. වරක් ඇඟිලි තුඩු මගින් තදකර මවුවරු විශාල ප්‍රමානයක් වඳ කල බවට පුළුල් ප්‍රචාරයක් දුන් මාධ්‍ය ආයතන අද කිසිදු නීතිමය අභියෝගයක් නොමැතිව හැසිරෙන්නේ, එම ආයතන ප්‍රශ්න කළ හැකි ජනතාවක් බිහි කිරීම වෙනුවට උපාධි ඉස්ටෝරු බිහිකිරීමට යෝජනා කල ඥාන යටත්විජිත කරුවන් ගේ බලපෑම හේතුවෙන් බව මම කලපනා කරමි.

මෙම තර්කය තව දුරටත් ඉදිරියට ගෙනයාමට මම පහත දැක්වෙන පෝස්ට් දෙක භාවිතා කරමි. මා විසින් මෙම පොස්ට් දෙක Facebook නම් සමාජ මාධ්‍යයේ ප්‍රදර්ශනය කරනු ලැබුවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලත් පුද්ගලන් ගේ Wall යෙණි.

Figure 1

පළමු වැනි පොස්ටුව මගින් දැක්වෙන්නේ, යම් නිබන්ධන හෝ කිසියම් ශාස්ත්‍රාලීය ලේඛන ඉවත් කිරීමේ ක්‍රියාවලිය වේ. මෙය ශ්‍රී ලංකාවේ ද නැතිනම් ගෝලීය ව සිදු කළ ක්‍රියාවක් ද මම නොදනිමි. මට අවශ්‍ය වන්නේ, එහි සඳහන් පණිවිඩය වෙත අවධානය යොමු කිරීමය. එනම් උපාධි අපේක්ෂක අපේක්ෂිකාවන් විසින් මාස 06 ක ට ආසන්න කාලයක් යොදා කරන ඥාන සම්පාදනය වෙනුවෙන් අවකාශයක් පවතී ද ? අවසන් වසරේ දී තම පාඨමාලා ව අවසන් කරමින්, මෙය පර්යේෂණය පොතක් ලෙස භාර දුන් පසු එහි අන්තර්ගත ඥාන විභායට සිදුවන්නේ කුමක්ද? මගේ ප්‍රථමික දත්තයන් ට අනුව, සාමය සහ සංහිදියාව පිලිබඳ විශාල දැනුමක් මේ මොහොතේ මෙම ප්‍රථම උපාධි නිබන්දන හරහා සම්පාදනය වී තිබේ. පෞද්ගලිකව පෙළඹී තම නිබන්දනය මුද්‍රණය කරනවා විනා, මෙම පර්යේෂණ මගින් රැස්කළ දත්ත අවම වශයෙන් අදාල දිස්ත්‍රික්ක හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හි අවධානයට වත් යොමු වී තිබේද ? ඉහළ මාන්නියත්වක් වෙත ගමන් කිරීම වෙනුවෙන් විවිධ වෙළඳ පොළ උපයාමාර්ග වෙත අවධානය යොමු කරන ඥාන යටත්විජිතකරුවන් හෝ මෙම ප්‍රථම උපාධි ගවේෂණයන්ගෙන් රැස් කරන ලද දත්තයන් ප්‍රයෝජනයට ගෙන තිබේද ?

Figure 2
දෙවන පොස්ටුවේ සඳහන් වන්නේ යම් කිසි ජනප්‍රිය රූපවාහිනි ප්‍රශ්න විචාරාත්මක තරගයක් දිනු කාන්තාවකගේ වාර්ගිකත්වය අශිෂ්ටව පෙන්වා දෙමින් බෙදා හදාගෙන තිබෙන FaceBook පොස්ටුවකි. මෙහි ප්‍රකාශ කරන දෙය ඉතාම සරලව කිව හැක්කේ, මේක සිංහල රාජ්‍යක්, එකේ අයිතිය සහිත කොටසට අවශ්‍ය විදිහට ඉන්න නැතිනම් යන්න.. මේ මා ඉහත පෙන්වා දුන් ඥානයටත්විජිත කරුවන් / කාරියන් විසින් ගොඩනඟන ලද ආකෘතිකරණය කළ අධ්‍යාපනයේ ප්‍රතිපලයකි. එනම් විවිධත්වයට ගරු කිරීමට හෝ එයට ඉඩ දීමට තරම් විනයක් රෝපණය වන ලෙස ලෝකය හැදෑරීමට හැකි ක්‍රමවේද මුලින් උපුටා දමමින්, පවතින්නේ එක මාර්ගයක් පමණි යන්න විවිධ මාධ්‍ය හරහා ප්‍රකාශ කිරීමය. එය ජනමාධ්‍ය හරහා විය හැකිය. අධ්‍යාපන පෙළ පොත් හරහා විය හැකිය. චක්‍ර ලේඛ හරහා විය හැකිය.

විකල්පය කුමක්ද ? මා දකින එක්, මාර්ගයක් නම්, භාෂණයේ අයිතිය තහවුරු කිරීමය. ශ්‍රී ලංකාව තුල, අපහාස කිරීම යනු නීතිමය අර්ථ ගැන්වීම නැවත කියවිය යුතුය. එසේම එය භාෂණයේ අයිතියේ සීමාව වන්නේ කෙසේ ද යන්න නැවත තහවුරු කරගත යුතුය. එම භාෂණයේ අයිතිය සියලුම ආයතන තුලට රැගෙන ආ යුතුය. එවිට අප අවට සිදුවන සියලු දෑ ප්‍රශ්න කිරීමට හැකියාවක්, ආත්ම ශක්තියක් ගොඩ නැගේ.

දෙවනුව නීතිමය පිබිදීමක් වෙනුවෙන් අප සංවිධානය විය යුතුය. The Politics of Memorialization in Sri Lanka වෙත සවන් දෙනවිට මා හට නැගී ගැටලුවක් නම්, Memorialization වෙත පවතින නීතිමය රාමුව කුමක්ද? එය අයිතියක් ලෙස ට නිතිය වෙත ගෙන ඒමට නම්, අප, අපගේ පාර්ලිමේන්තු නියෝජිතයන් වෙත පිඩනයක් යෙදවීම අත්‍යවශ්‍ය වේ. එවිට, එය පාර්ලිමේන්තුව හරහා සම්පාදිත නීතියක් ලෙස ගෙනවිත් ආයතනයක් හරහා ක්‍රියාත්මක කළ හැකිය. මෙහිදී වඩාත් සීරුවෙන් කටයුතු කළ යුත්තේ මෙවැනි ක්‍රියාවලින් සඳහා අතුරුදහන් කරන ලඳ පුද්ගලයන්ගේ පනත සහ කාර්යාලයට වූ දෙය නොවීමට ද වග බලාගත යුතුය.

අවසාන වශයෙන් කිව යුත්තේ අධ්‍යාපනය යනු දෛනික ජීවිතය ගෙන යාමට අවශ්‍ය මාර්ගෝපදේශනය වේ. එය හමුදා පුහුණුවක් නොවේ.

අරුණි සමරකෝන් | Aruni Samarakoon