ප්‍රජා භාරකාර අරමුදලේ(Community Trust Fund (CTF) හිටපු, කළමනාකරුවෙක් සහ මානව හිමිකම් ආරක්ෂකයෙක් වූ පට්ටානි රාසික් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරවනු ලබන්නේ 2010 පෙබරවාරි 11වන දිනය. ඉන්පසුව රසීක් ඝාතනය කර සගවා තිබූ ඔහුගේ සිරුර 2011 ජූලි මස 29 දින වාලච්චේන ප්‍රදේශයෙන් හමුවන අතර, රසීක්ගේ පුත් රිස්කාන් විසින්, එය තම පියාගේ සිරුර යයි හදුනා ගන්නා ලදී. මානව හිමිකම් ආරක්ෂක පට්ටානි රාසික් ඝාතනය කර 2021 පෙබරවාරි මස ට වසර 11ක් ගත වෙයි. මේ වසර 11ට පාලක කණ්ඩායම් දෙකක් ලංකාවේ බලය හොබවන ලද මුත්, තවමත් පට්ටානි රාසික් ඝාතනය කළ ඝාතකයින් සොයා ගැනීමට කිසිදු බළධාරියෙක්ට නොහැකි වී තිබේ. රාසික්ගේ සමීපතමයින්, දේශීය, විදේශීය සංවිධාන සහ පුද්ගලයින් කෙතරම් වෙහෙසුනද තවමත් ශ්‍රී ලංකා රාජ්‍යට මානව හිමිකම් ආරක්ෂකයෙක් වූ රාසික්ට යුක්තිය ඉටු කිරීමට නොහැකි වී තිබේ. (Read More: https://www.vikalpa.org/article/7412) එහි තවත් විශේෂයක් වූයේ, එවකට, 2010 පෙබරවාරි 11වන දින සිට රාසික් අතුරුදහන් කර මාස 19කට ආසන්න කාලයක් ගත වී තිබුණත්, ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරීකයෙකු වූ රාසික් මහතා ඝාතනය කරන තෙක් ඔහුව සොයා ගැනීමට ලංකාවේ ආරක්ෂක අංශ සමත් වූයේ නැත. අවසානයේ ඔහුගේ පවුලට මෙන්ම සමීපතමයන්ට හමුවූයේ ඝාතනය කර වළදාමා තිබු රසීක්ගේ සිරුර පමණය.

සම්පූර්ණ සටහන(වීඩියෝ/ඡායාරූප) සදහා පහත සැබැදියට පිවිසෙන්න

My Page

සම්පත් සමරකෝන් | Sampath Samarakoon