iMage; Kalpa Rajapaksha

“දැන් මේ කතා කරන මොහොතේ කවුරු හරි ඇවිල්ලා ගුවන් හමුදා කදවුරට බෝම්බයක් දානවා. ඒ බෝම්බෙන් අපි මැරෙනවා. කවුද අපේ ජීවිත වලට වග කියන්නේ?”
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත් වහාම අහෝසි කරන ලෙස, ගුරු සංගම්, ශිෂ්‍ය සංගම් ඇතුලු ක්‍රියාකාරීන් කොළඹදි සාමකාමී විරෝධතාවයක යෙදී සිටියදි, නිරෝධායන නීති උල්ලංගනය කලා යැයි පවසමින් පොලීසිය විසින්, අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජෝසප් ස්ටාලින් ඇතුලු පිරිසට අධිකරණය ඇප ලබා දුන්නේය. ඇප ලැබීමෙන් පසු, නැවතත් පොලිසිය විසින් නිරෝධායනයට යැයි පවසමින් එම පිරිස බලහත්කාරයෙන් රැගෙන ගොස් මුලතිව් ගුවන් හමුදා කදවුරේ මේ වන විට රදවා ඇත. හමුදා කදවුරේ රදවා සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජොස්ප් ස්ටාලින් වැඩිදුරටත් පවසන්නේ,

“දැන් මේ අපි ඉන්නේ කාගේ යටතේද? මේ රටේ අධිකරණ පද්ධතියට අපි අයිති නෑ. මේ රටේ ව්‍යවස්ථාදායකයට අපි අයිති නෑ.” යනුවෙනි.

බලන්න සම්පූර්ණ වීඩියෝව