ඊයේ(03) සවස විශාල පොලිස් බලඇණියක් පැමිණ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන කොටුව පොලසීයට රැගෙන ගියේ ය. ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමේදී, අත්අඩංගුවට ගන්නා හේතුව පැහැදිලිව, නිශ්චිත ලෙස පැවසීමට පොලීසිය අසමත් විය. පසුගිය මැයි 28වනදා පැවති විරෝධතාවයකට සහභාගී වීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළා යැයි පසුව පොලීසිය පැවසුව ද එහි ද නිශ්චිත පැහැදිලි කිරීමක් දක්නට නොලැබුණි.

කෙසේ නමුත් අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුලු අත්අඩංගුවට ගෙන සිටින අරගලකරුවන් සියලු දෙනා වහාම නිදහස් කරන ලෙස බලකරමින් අද(04) කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය.

‘මේ අත්අඩංගුවට ගැනීම අනීතික ක්‍රියාවක්’ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ‘විකල්ප’ වෙබ් අඩවිය සමග පවසා සිටියේ ය.

‘ජෝසප්ලා හිරේ යනවා-සටන් කරලා රට වෙනුවෙන්
බැංකු හොරා – රජකරනවා
නීතිය දැන් – අමු හෙළුවෙන්’