සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

තවත් සැකකාර තරුණයෙකු පොළිසිය විසින් බිළි ගනී

හංවැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයෙකු ඊයේ(22) අඑයම පොළිසිය විසින් වෙඩි තබා ඝාතනය කලේය. දෙමටගොඩ පදිංචි තරුණයෙකු වන මොහු පාතාල කල්ලි සාමජිකයෙකු බව පොලීසිය පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් හරක් හොරු ඇල්ලීමට ගොස් පොළීසිය සහ හොරුන් අතර අතැ වූ වෙඩි හුවමාරුවකට මැදි විී මහ දවල් මිය ගිය බේරුවල සිඟිත්තාගේ හත්දවසේ දානය දෙන්නටත් පෙර පොලිස් වෙඩි තැබීමෙන් මෙම සැකකාර තරුණයා මරණයට පත් ව ඇත.

මෙසේ ඝාතනය කර ඇති තරුණයා වේවැල්ගොඩ ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් තොගලයක් පෙන්වීමට පොලීසිය විසින් රැගෙන යාමේ දී පෙළිස් නිළධාරින් වෙත අත්බෝම්බයක් එල්ල කර පලා යාමට තැත් කිරිමේ දි මෙසේ වෙඩි තැබූ බව පොළිසිය පවසයි.

කෙසේ වෙතත් පොළිස් අත්අඩංගුවට ගෙන මේ අකාරයටම ආයුධ හෝ වෙනයම් නීතිවිරෝධී දෙයක් පෙන්වීමට ගොස් විශාල පිරිසක් මේ වනවිට පොලිසිය වෙඩි තැබිමෙන් මිය ගොස් තිබේ. පසුගිය සති කිහිපය තුළ පමණක් මෙවැනි සිදුවිම් 3ක් මාධ්‍ය වාර්තා කළේය.

මෙම සිදුවීම් බොහෝ දුරට එකිනෙකට සමාන බව පසුගිය සිදුවීම් දෙස බලන විට පෙනි යයි. එනම් සියලු සැකකරුවන් මාංචු හෝ වෙනයම් ආරක්ෂක ක්‍රමවේදයකින් තොරව රැගෙන යාම සහ සියලු සැක කරුවන් අත්බෝම්බ වලින් පොළිසියට දමා ගැසිම ඉන් කිහිපයකි.
පසුගිය 17 වනදා ඇඹිලිපිටිය, මෝදරවානේදී සැකපිට අත්අඩංගුවට ගත් රංමුකගේ අජිත් ප්‍රසන්න පොළිස් වෙඩි තැබීමෙන් මිය ගියේය . මොහු ආයුධ තොගයක් පෙන්විමට යද්දී පොලිස් නිළදාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත්කිරිමේ දී මෙසේ ආත්මාරක්ෂාවට වෙඩි තැබූ බව පොළිසිය පවසා ඇත. මේ ඉන් එක් අවස්ථාවක් පමණකි.

මෙසේ පොලිස් අත්අඩංගුවේදී පොළිස් වෙඩි පහරින් හෝ පොළිසිය තුලදී මෙන්ම මහ දවල් යුද භූමියක මෙන් සිදුකරනා පොළිස් වැටලීම් වලදී සැකකරුවන් මෙන්ම අහිංසක දරුවන් මහපාරේ මිය ගියේ ය. මෙම මියයාම් පිලිබඳව ජනතාව තවමත් පසුවන්නේ මර නින්දේ වීම නීතිය මෙන්ම මිනිස් ජීවිතවල ආරක්ෂාවට යැයි පෙනී සටින පොලිසියට මේසේ බිහිසුනු ලෙස මිනිසෙක් මරා නිදැල්ලේ සිටීමට තරම් සුවපහසු පරිසරයක් නිරිමානය වී තිබීම ආසියාවේ ආශ්චරයය ද?