සිංහල, Colombo, Democracy, Gender, Governance, Health, Human Rights, Human Security, Life quips, Media, Stories from the silent

ජ‛පුර උපකුලපතිවරයාගේ කන්‍යා භිතීකාව

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති එන්. ඒ. කරුණාරත්න, සිසුවියන්ගේ කන්‍යාබාවය පරීක්ෂා කිරිමට ගොස් ඇති බව පසුගිය දා සන්ඩේ ලීඩර් පුවත් පත වාර්තා කලේය. එය සන්ඩේ ලීඩර් පුවත්පත හඳුන්වා තිබුනේ ආදරභීතිකාව ලෙසය. කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ආරංචිමාර්ග පවසන්නේ මෙම උපකුලපතිවරයා විසින් විශ්ව විද්‍යාල භූමියේ ඇති බංකු සහ සමර් හටි බිද දමා තම ආදර භීතිකාව ප්‍රදර්ශනය කරමින් ඇති බවය.

කෙසේ වෙතත් මෙම උපකුලපතිවරයා විසින් පසුගිය 21වනදා විශ්ව විද්‍යාල භූමිය තුළ පෙම්කලා යැයි කියන සිසුවියන් 20ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට ලක් කර එයින් ශිෂා්‍යාවන් 5 දෙනකු විශ්ව විදයාල ගිලන් රථයෙන් කඑබෝවිල රෝහලට ගෙන ගොස් කන්‍යභාවය පරීක්ෂාවට ලක් කිරීමට අවශ්‍ය බව පවසා ඇති අතර පසුව එම ශිෂයාවන්ගේ දෙමාපියන් ගෙන්වා මොවුන් විශ්ව විද්‍යාලයේ ඉගෙන නොගන්නා බවත්, මෙම සිසුවියන් විවාහ කර දෙන ලෙසත් දෙමාපියන්ට පවසා ඇත.
කෙසේ වෙතත් පසුගිය (21) පැවැති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලයේ උදුල් ප්‍රේමරත්න මහතා පැවසූවේ, ‛‛ශිෂ්‍ය අයිතීන්ට හා මිනිස් අයිතිවාසිකම්වලට ඉඩ නොදී උපකුලපතිවරයා විශ්ව විද්‍යාලය තුළ කෲර පාලනයක් ගෙනයන බවයි.

පසුගිය දිනක විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටි සිසු සිසුවියන් 20 ක් රඳවාගත් උපකුලපතිවරයා ඉන් සිසුවියන් 5 දෙනකු බලහත්කාරයෙන් ගිලන් රථයක දමාගෙන කළුබෝවිල රෝහල වෙත යවා ඔවුන්ගේ කන්‍යාභාවය පරීක්‍ෂා කරන ලෙස ඉල්ලා ඇති බවත්, එම සිසුවියන්ගේ දෙමාපියන් කැඳවා දැඩි අවවාද කර අපහාස කර ඇති බවත් අ.වි.ශි.බ මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියේ ය.

මේ පිළිබදව අදහස් දැනගැනීමට විශ්ව විදයාලයේ උපකුළපතිවරයා සම්බන්ධ කරගැනිමට ‛විකල්ප’ කිහිප වරක්ම උත්සහ දැරුවද එය අසාර්ථක විය.

කෙසේ වෙතත් සමාජයේ මෙම කන්‍යාබාවය පිළිබදව ඇති අතාර්කික, අමානුෂිකත්වය වියැකී යන මොහොතක විශ්ව විද්‍යාල වැනි සමාජයක් තුළ මෙය යලි සමාජ ගත කිරීමට දක්වන වෑයම එක්කෝ මානසික ව්‍යාධිය නැතිනම් උපන් රෝගයක් ඉස්මතු කරන්නකි. මෙවන් උගතුන් ගෙන් ඉගෙන ගන්නා ‛විශ්ව විද්‍යාල සිසුන්ටත් එයට ඇස් කන් පියා සිටින අචාර්යවරුන්ටත් අවසානයේ ශිෂ්ඨ යැයි කියා ගන්නා බෞද්ධ සමාජයටත් දෙයියන්ගේම පිහිටයි.

මෙම පුවත කියවූ මිත්‍රයෙක් මෙසේ පැවසීය. ‛‛ දැන් මුන් දෙමළාගේ ලේ බලා අවසන්, දැන් මුන් මුන්ගෙම සහෝදරියන්ගේ ලේ බැලිමේ මුර්ග උමතුවෙන් පෙළෙනා බවයි ෙප්න්ෙන්. දැන් මුන්ට ලේ කියන්නේ සාමන්‍ය දෙයක්, මරණය කියන්නේ සාමාන්‍ය දෙයක්. මිනිසුන්ගේ ගැහැනුන්ගේ ගරුත්වය මේ සාමාජයට ඕන නෑ. මුන්ට ඕන ආශ්චර්යය. අාසියාෙව අාශ්චර්යය ෙවන්න. ෙම්කට තමා කියන්ෙන් මුග්ධ අාශ්චර්යය කියලා. අනෙක මේක ඒක පැත්තකින් මේක අවුරුදු ගණනනාවක පාපතර යුද්ධය විසින් අපට ඉතිරිකළ දේයි, වසර ගනනාවක්, ලේ සහ මරණය මේ සමාජයට සමාන්‍ය දෙයක් බවට පත් කරා. කඳුලු නැති ඇස්, ෙව්දනා ෙනාදැෙනන හිත් ඇති කරා’’

සටහන – තපූ