Batticaloa, Democracy, Governance, Human Rights, Human Security, Life quips

බැසිල් අමාත්‍යවරයාට විරුද්ධව, මඩකලපුව සුමන හිමියන්ගේ මාරාන්තික උපවාසයට අදට දින 3යි.

මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් ට අගෞරව වනපරිදි ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැනවැඳුනු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ක්‍රියා කළාපයට විරෝධය දක්වමින් මඩකලපුව-අම්පාර ප්‍රධාන සංඝනායක හා මඩකලපුවේ ශ්‍රී මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමන හිමියන් විසින් පසුගිය 26 වනදා ආරම්භ කෙරුනු මාරාන්තික උපවාසයට අදට දින 3ක් ගත වී ඇත.

පසුගිය 26 වනදා උදෑසන තමන් වහන්සේ සහ ප්‍රදේශවාසීන් මුහුණ පා ඇති ගැටඑ පිළිබඳව සකච්ඡා කිරිමට විහාරස්ථානයට පැමිණිමට ආරාධනා කිරිම සඳහා එම ප්‍රදේශයට පැමිණ සිටි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේ පරුෂ වචනයෙන් බැන වැදී තමන් එළවා ගත් බව මඩකලපුවේ මංගලාරාමාධිපති අම්පිටියේ සුමන හිමියන් පවසා සිටියේ ය.

කෙසේ වෙතත් මෙසේ බැණ වැදුනු අමාත්‍යවරයා තමන් වහන්සේටත්, බෞද්ධ ආගමටත් නිගාවක් කර ඇති හෙයින් අමාත්‍යවරයා පැමිණ මේ පිළිබඳව සමාව ගන්නා තෙක් තම උපවාසය අත් නොහරින බවත්, යම් හෙයකින් තමන් වහන්සේ අපවත් වුවහොත් එහි වගකීම ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා බාර ගත යුතු බවත් අම්පිටියේ සුමන හිමියන් පවසා සිටියි. කෙසේ වෙතත් වසර 22කකට ආසන්න කාලයක් මෙම විහාරස්ථානයට ලබා දුන් ආරක්ෂාවද මේ වන විට ඉවත් කර ඇතැයි සුමන හිමියන් වැඩිදුරටත් පවසයි.

පසුගිය සමයේ මෙම විහාරස්ථානය තිබෙන භූමියේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විහාරාධිපති සුමන හිමියන් විරුද්ධ විමත් සමඟ මෙම ආරවුල හට ගත් බව මඩකලපුවේ ආරංචිමාර්ග පවසයි.