සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

’පොලීසිය පැනවූ පෝස්ටර් නීතිය’ අද කඩයි

පොලීසිය විසින් පසුගිය දා පැනවූ පෝස්ටර් නීතිය හෙවත් පෝස්ටර් ඇලවීම තහනම් කිරීමේ නීතිය අද(8) සවස 4ට කොළඹ කොටුවේදී පොදු විපක්ෂය සහ විවිධ බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති විසින් සංකේතවත් ලෙස පෝස්ටර් අලවා එම නීතිය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක් කිරිමට යන බව වාර්තාවේ.

ආණ්ඩුවේ ඒකාධිපති වියරුවට එරෙහිව මෙම පෝස්ටර් ව්‍යාපාරයට විපක්ෂයේ ප්‍රධානීන් මෙන්ම වෘත්තීය සමිති, බහුජන ව්‍යාපාර වල ක්‍රියාධරයෝ ද සහභාගී වෙයි.

ඒකාධිපති වියරුවට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන මෙම පොස්ටර් ඇලවීමේ ව්‍යාපාරය සහ උද්ඝෝෂනයේ තේමාව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීමත් බව එම ව්‍යාපාරය පවසයි.