Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

‛‛මැර පොලිසිය බැට දුන්නා.. ජනාධිපති තුති පිදුවා..’’ පොලිස් පහරදීමට එරෙහිව මාධ්‍යවේදීන් උද්ඝෝෂණයේ..

පසුගිය 14 වනදා විශ්ව විද්‍යාල සිසුන් විසින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට දී පවත්වන ලද උද්ඝෝෂනය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පොලීසිය විසින් පහර දෙන ලදි. එම පහරදීමට විරෝධය දක්වමින් සහ එම පහර දුන් පොලිස් නිළධාරින්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස බලකරමින් අද(19) දහවල් කොළඹ ලිප්ටන් වටරුවුම අසලදී උද්ඝෝෂනයක් පැවැත්වීය.

‛‛මැර පොලිසිය – බැට දුන්නා
ජනාධිපති – තුති පිදුවා
නීති පොතයි – උසාවියයි
තිබිලා වැඩක් – නෑ මෙව්වා’’ යන සටන් පාඨ කියමින් මාධ්‍යවේදීන්, වෘත්තිය සමිති නායකයින්, දේශපාලන පක්ෂ නායකයින්, ශිෂ්‍ය සංගම් නායකයින් ඇතුලු බහුජන සංවිධාවල විශාල පිරිසක් උද්ඝෝෂණයේ යෙදිනි.

එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ මාධ්‍ය සංවිධාන එකමුතුව යි.