සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

මව්බිමට ජය.. ද්‍රෝහීන්ට විනාශය. – දුටුගැමුණු බලකාය නමින් තර්ජන

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස වෙනුවෙන් අධිකරණ කටයුතුවල නිරතව සිටින නීතිඥයින් පිරිසකට පසුගිය 21වනදා දුටුගැමුණු බලකාය නමින් තර්ජනාත්මක ලිපි එවා ඇතැයි වාර්තාවේ.

‛‛බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සත් සිංහල රාජ්‍යක් ගොඩනගමින් තිබෙන මේ වෙලාවේ ඊට එරෙහි වන්නන් ද්‍රෝහීන් ලෙස සලකන බවත්, තවමත් මේ ද්‍රෝහීන් වෙනුවෙන් පෙනී සිටින පුවත්පත්, වෙබ් අඩවි ඇතුලු සියලුම ද්‍රෝහී මාධ්‍ය ආයතන හා මේ ද්‍රෝහීන් ආරක්ෂා කිරීමට වෙර දරණ නීතිඥයින් ඇතුලු විවිධ තරාතිරමේ පුද්ගලයින්ට දඩුවම් දීම ජාතික යුතුකමක් සේ දුටුගැමුණු බලකාය සලකන බව එම තර්ජනාත්මක ලිපියේ සඳහන් වෙයි.’’

කෙසේ වෙතත් පසුගිය යුද සමයේදී ඇතැම් මාධ්‍යවේදීන්, ඇතැම් සිවිල් සංවිධාන සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින්ට ද මෙම දුටුගැමුණු බලකාය නමින් විවිධ ආකාරයේ තර්ජන සිදු කළ බව වාර්තා විය. නමුත් බලධාරීන් විසින් මෙවැනි තර්ජනයන් සිදුකරන මෙම බලකාය හඳුනාගැනීමටවත් ඒ සඳහා ගන්නා උත්සහයක්වත් සිදුකරනු ලැබ ඇතැයි වාර්තා නොවීමද බරපතල ප්‍රශ්ණයක් ව පවතී.

මේ එම තර්ජනාත්මක ලිපිය යි.