Ampara, Anuradhapura, සිංහල, Badulla, Batticaloa, Health, Human Security, Kandy, Kegalle, Life quips, Matale, Pollonnaruwa, Trincomalee

[Update 17 Jan]ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට..

[Update 17 Jan]ගං වතුරෙන් මිය ගිය සංඛ්‍යාව 39 දක්වා ඉහළට

පසුගි දින කිහිපයේ ඇද හැලුනු ගංවතුර හේතුවෙන් මේ වන විට 39 දෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙහි පුද්ගල මරණ 18 ක්‌ ද අම්පාර දිස්‌ත්‍රික්‌කයෙහි හා මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පුද්ගල මරණ පිළිවෙළින් 11 ක්‌ සහ 08 ක්‌ ද වව්නියා හා බදුල්ල දිස්‌ත්‍රික්‌කයන්හි එක්‌ පුද්ගල මරණය බැගින් වාර්තා වූ බව එම වාර්තා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට යම් මට්ටමකට අයහපත් කාලගුණික තත්ත්වය අඩු වුවත් ඇතැම් ප්‍රදේශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් නැති නිසා අවතැන් ජනතාවගෙන් බොහෝ පිරිසක් තවමත් අවතැන් මධ්‍යස්ථානවල රැදී සිටියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අනුව මඩකලපුව, පොලොන්නරුව, නුවරඑළිය, මහනුවර, අම්පාර, ත්‍රිකුණාමලය, බදුල්ල, මාතලේ, පුත්තලම හා මන්නාරම යන දිස්‌ත්‍රික්‌ක 10 ක ස්‌ථාපිත කර ඇති අවතැන් කඳවුරු තුන්සිය හතළිස්‌ පහක්‌ තුළ එම ජනයා සිටින බව යි.

ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය[UPDATED 9:00PM 16/01/11] දැක්වෙන සටහනක් Google Map on flood-affected areas in Sri Lanka [by-www.groundviews.org]

[Update 13 Jan] 21 දෙනකු මරුට, ලක්ෂ 11ට ආසන්න ප්‍රමාණයක් අවතැන්.

පසුගිය දින කිහිපයේදී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකට ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් මෙ වන විට 21 දෙනකු මරණයට පත් වී 1066000 දෙනෙක් අවතැන් වී ඇති බවත්, 36 දෙනකු විවිධ අනතුරුවලට ලක්වී ඇති බවත් අපදා කළමනාකරන මධ්‍යස්ථානය මීට සුඑ වේලාවකට කලින් ප්‍රකාශ කළේය.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ අවතැන් මධ්‍යස්ථාන 534ක් මේ වන විට පිහිටුවා ඇති බවයි. එසේම මෙම වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් නිවාස 14953කට හානි සිදු වී ඇති බවත් ය.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය එසේම පවතින බවත් වසර 61ට පසු එනම් 1950න් පසු කොළඹ නගරයෙන් වාර්තාවූ අඩුම උෂ්ණත්වය වූ සෙ.අංශක 18.8ත්, ලංකාව් අඩුම උෂ්ණත්වය වන සෙ.අංශක 7.9 වසර 22කකට පසු නුවරඑළියෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
මෙම වර්ෂාව හේතුවෙන් අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මහනුවර, මාතලේ ආදී ප්‍රදේශවල වගා බිම් විශාල ප්‍රමාණයක් විනාශයට ලක් වි ඇති බවත් ඉදිරියේදී මෙම තත්ත්වය තවත් පැවතුනහොත් තමන් ඉමහත් අසීරුතාවයකට පත් වෙතැයි එම ප්‍රදේශවල ජනයා බිය පලකරයි.

ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය දැක්වෙන සටහනක් Flood-affected areas in Sri Lanka – January 2011 සටහනක් (අනුග්‍රහය – http://groundviews.org)