සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

ගඩාෆිලට හොඳ වැඩේ !


ලිබියානු නායක කර්නල් මුවර්මර් ගඩාෆිට එරෙහිව ලිබියාව තුළ හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල විරෝධයක් එල්ල වෙලා තියෙනවා. ගඩාෆිගේ ආධාරකරුවෝ ට්‍රිපෝලි නගරයේ හිටපු ගඩාෆි විරෝධී උද්ඝෝෂකයන්ට පහර දුන්නට පස්සෙ තත්වය නරක අතට හැරුණා.

ගඩාෆි ලිබියාවෙ පාලන බලය ලබා ගන්නෙ 1969. පුදුමෙ කියන්නෙ අවුරුදු 42 ක් මිනිස්සු බලා හිටපු එක. ගඩාෆිගෙ පුත්තු ලිබියාවට කෙල හල හලා ඉන්න අතරෙ තමයි ජනතාව වීදි බැස්සෙ.

ඊජිප්තුවෙ සෙල්ලම් මෙහෙ කරන්න ආවොත් රට ලේ විලක් වෙයි කියලා ගඩාෆිගෙ පුතා කෑගහනවා. එහෙම කෑගහන්නෙ මිනිස්සුන්ව බය කරන්න වෙන්න ඇති. ඒත් මිනිහා හොඳටම බය වෙලා. තාත්තගෙන් පස්සෙ තමන්ට ලිබියාව පාලනය කරන්න බැරි වෙන බව මිනිහා හොඳටම දන්නවා.

පාලනය කරන්න ඉන්නෙ තමන් සහ තමන්ගෙ පවුලෙ අය විතරයි, ඒක හින්දා කැමති කාලයක් පාලනය කරන්න පුළුවන් කියලා හිතන ගඩාෆිලට සහ ඒ අයව අනුගමනය කරන අනෙක් යාළුවන්ටත් හොඳ වැඩේ.

කෙසේ වෙතත් ගඩාෆිට සහ ඔහුගේ පාලනයට විරැද්ධව එරට ජනයා ප්‍රභල විරෝධයක් දක්වන මේ මොහොතේ ගඩාෆි සමග ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දුරකථනයෙන් කතා කළ බවට වෙබ් අඩවි කිහිපයක්ම මේ මොහොත වන විට වාර්තා කර ඇත. එම වෙබ් අඩවි සදහන් කරන්නේ කථා කලේ කුමක්ද යන්න පිලිබදව තවම තොරතුරැ ලැබී නොමැති බවය.

Photo by – Internet