Colombo, end of the War, Featured Articles, Features

බෑං කී මූන් ගේ අනුරූවලට ගිණි තබමින්, සංධාන මැයි රැළිය ‛එක්සත් ජාතීන්ගේ වාර්තාවට එරෙහිව’

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැළිය අද(01) කොළඹ නගරසභා පිටියේ දී මේවන පැවැත්වෙයි.

විශාල ජනතාවක් සහභාගී වූ එම මැයි රැළිය විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ විද්වත්වත් මණ්ඩල විසින් ප්‍රසිද්ධ කර ඇති යුද අපරාධ පිළිබදව වන වාර්තාවට එරෙහිව පැවත්වීය.

එහිදී පැමිණ සිටි ජනතාව බෑං කීං මූන්ට එරෙහිව සටන්පාඨ කියමින් ඔහුගේ අනුරූ වලට ගිණි තැබූහ. එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ මෙම විද්වත් කමිටු වාර්තාව ‛දරුස්මාන්ගේ වාර්තා’ යැයි කියමින් මේ වන විට ආන්ඩු එය ප්‍රතික්ෂේප කර තිබේ.

අද පැවති මැයි රැළියට සහභාගී වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී, ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ප්‍රමුඛ අධාරකරුවන්ගේ පෙළපාළියේදි විද්වත් කමිටු වාර්තාවට එරෙහිව සටන්පාඨ කියමින් ගමන් ගත් අයුරු ‛විකල්ප’ කැමරාවේ සටහන්විය.

මේ එම සටන්පාඨයි.

‛‛දරුස්මාන් මේ අහපන් – උඹෙ ලියවිලි පුච්චාපන්
අපි යන්නේ කොයිපාරේ – අපෙ ජනපති යන පාරේ
අපි මැරුවත් නැගිටිනවා – රට වෙනුවෙන් නැගිටිනවා
රණ විරුවන් දිනු දේශය – අපි රකිනවා – අපෙ දේශය’’

මේ එහි ඡායාරූපයි.