සිංහල, Democracy, Education, Governance, Health, Human Rights, Human Security, Life quips, Media

නැගෙණහිර පළ‍ාතේ හමුදා පුහුණු මධ්‍යස්ථානවල සිසුවියන්ට දැඩි දුෂ්කරතා

හමුදා කදවුරැවල පුහුණුවට ගිය සිසුවියන් පිරිසකට දින 2ක් වැසිකිළි නැහැ

නැගෙනහිර පළාතේ නායකත්ව පුහුණු මධ්‍යස්‌ථානයක සරසවි සිසුවියෝ ඉතාම අවම පහසුකම් මැද දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බව අද(27) දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

එම පුවත් පත වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ, ඔවුන්ට වැසිකිළි පහසුකම් ලබා දීමට පුහුණුව ආරම්භ කර දින 2 ක්‌ ගත වී ඇති අතර, ආහාර පානද කිසිදු ප්‍රමිතියක්‌ නොමැති බව එම සිසුවියන් දෙමව්පියන්ට පවසා ඇත. මදුරුවන්ගෙන් ගහණ පරිසරයක පිහිටි එම කඳවුරේ සිසුවියන්ට පෙරේදා (25 වැනිදා) වනවිට මදුරු දැල් ලබාදී ඇති නමුත්, ඒවා එල්ලා ගැනීමට පහසුකම් නැතැයි ද සිසුවියෝ ප්‍රකාශ කර ඇත.

සිය දරුවන්ට අවශ්‍ය පහසුකම් ලබා නොදී මෙලෙස කටයුතු කිරීම ඔවුන්ට කරන බලවත් අසාධාරණයක්‌ යැයි දෙමව්පියෝ පවසති.

මෙම සිසුවියන්ට නෑමට අවසර දී ඇත්තේ රාත්‍රි කාලයේ පමණි. ඉන්පසුව මේ සම්බන්ධයෙන් දෙමව්පියන් එම කඳවුරේ බ්‍රිගේඩියර්වරයාට පැමිණිලි කිරීමෙන් පසුව දහවල් කාලයේදී නෑමට අවසර දී ඇත. මෙම තත්ත්වය පිළිබඳව ඇතැම් දෙමව්පියන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබේ.