Colombo, Governance, Human Rights, Human Security, Life quips

පොලිසිය වෙඩි තැබූ නි.වෙ.ක තරුණයා මිය යයි.


මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ යෝජිත පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් පනතට විරෝධය පෑ කටුනායක ආයෝජන කලාපයේ සේවකයන්ගේ සාමකාමි උද්ඝෝෂණයට පොලීසිය විසින් පහර දී වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා සිටි රොෂේන් චානක නැමැති ‍සේවකයා මිය ගිය බව රාගම රෝහල් බලධාරීන් ඔහුගේ ඥාතීන්ට දැනුම්දී තිබේ.

22 හැවිරිදි රොෂාන් මිනුවන්ගොඩ, ගල්ලොලුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කටුනායක නිදහස් වෙළඳ කලාපයේ එච්.එස්. ස්ටීල් ආයතනයේ ‍සේවය කරමින් සිට ඇති අතර ඔහු සේවයට පැමිණ ඇත්තේ මීට මාස 4කට පමණ පෙරය.

පසුගිය (30) වනදා පැවැති විරෝධතාවයේදී පොලීසිය තැබූ වෙඩි පහරක් තරුණයාගේ උකුල් ඇටය ප්‍රදේශයට වැදී ඇත. එම ප්‍රහාරයෙන් ඔහුගේ පාදයට රුධිරය සපයන ධමනියකට හානි වී තිබීම හේතුවෙන් පාදයක් කපා ඉවත් කිරිමට සිදු වු බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

පොලිස්පති සහ ආණ්ඩුව ඉල්ලා අස්ිවිය යුතුද? දිවි නස‍ා ගත යුතුද?