end of the War, Featured Articles, Features, Kilinochchi

හමුදා බාධාකිරීම් මැද අතුරුදහන් වූවන් සොයා කිළිනොච්චියේ උද්ඝොෂණයක්

අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස බල කරමින් සංවිධානය කළ උද්ඝෝෂණය අද (23) දහවල් 12.30 ට කිලිනොච්චි නගර මධ්‍යයේදී හමුදා බාධකිරීම් මැද පවත්වනු ලැබිණ. මෙම උද්ඝෝෂණයට පැමිණි පිරිස් බොහොමයක් හමුදාව විසින් බස්රථවල දමා පිටත් කර හැරියද, ඉතිරිව සිටි පිරිස සමග උද්ඝෝෂණය පැවැත් වූ බවත්, මෙහිදී හමුදාව පැමිණ උද්ඝෝෂකයන් අත තිබූ බැනර් ඉවත් කරන ලෙස අණ කළත්, හමුදාවේ මෙම බාධා කිරීම් පිළිබඳව මාධ්‍ය හරහා ජනතාවට අනාවරණය කරන බව පැවසීමත් සමග බාධා කිරීම් වලින් වැලැකුණු බවත් ‛අපි ශ්‍රී ලාංකිකයෝ’ සංවිධානයේ උදුල් ප්‍රේමරත්න ‛විකල්ප’ සමග පවසන ලදී.

උද්ඝෝෂණය අවසන් වූ පසු, උදෑසන හමුදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා නිදහස් කළ බව ද උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් පැවසීය.

මෙම උද්ඝෝෂණයේ විශේෂ අවස්ථා ඇතුළත් ඡායාරූප මේ සමග පල වේ.