end of the War, Featured Articles, Features, Jaffna

‛‛මගේ අතේ තත්ත්වය බරපතලයි. මට ඉස්සරහට ලියන්න පුලුවන් වෙයිද දන්නේ නෑ’’ – කූගනාදන්

“ප්‍රහාරයෙන් මගෙ ඔළුවයි, අත් දෙකයි, බඩයි තුවාල වුණා. තවම සම්පූර්ණයෙන්ම හොඳ වෙලා නැහැ. වේදනාව තවම තියෙනවා. ඔළුව පැලිලා ප්ලාස්ටර් 14ක් අලවලා තියෙන්නෙ. අතත් බරපතල විදිහට තුවාල වෙලා. මේ මාසෙ 23 වෙනිදා අතේ බැන්ඩේජ් එක ඉවත් කරනවා. මට ඉස්සරහට ලියන්න පුළුවන් වෙයිද? නැද්ද? කියලා දැනගන්න වෙන්නෙ එතකොට තමයි.”

යාපනයේ පලවන ‛උදයන්’ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන්(59) මහතාට පසුගිය 29 සවස කිසියම් පිරිසක් විසින් පහර දී බරපතල ලෙස තුවාල සිදු කරනු ලැබීය. උදයන් කාර්යාලයේ සිට නිවසට පැමිණෙන අතරතුර ප්‍රහාරයට ලක් වූ කුගනාදන් මහතා බරපතල තුවාල සහිතව රෝහල් ගත කළේය. මේ ප්‍රහාරයට එරෙහිව ‛නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ ඇතුළු තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් විසින් කොළඹ (02) සහ යාපනයේ (16) උද්ඝෝෂණ පැවැත්වීය.

තුවාල ලැබූ මාධ්‍යවේදී කුගනාදන් මහතා තමා මුහුණ දුන් මැර ප්‍රහාරයේ අත්දැකීම ‛විකල්ප’ සමග මෙලෙස පැවසීය.

“ප්‍රහාරයෙන් මගෙ ඔළුවයි, අත් දෙකයි, බඩයි තුවාල වුණා. තවම සම්පූර්ණයෙන්ම හොඳ වෙලා නැහැ. වේදනාව තවම තියෙනවා. ඔළුව පැලිලා ප්ලාස්ටර් 14ක් අලවලා තියෙන්නෙ. අතත් බරපතල විදිහට තුවාල වෙලා. මේ මාසෙ 23 වෙනිදා අතේ බැන්ඩේජ් එක ඉවත් කරනවා. මට ඉස්සරහට ලියන්න පුළුවන් වෙයිද? නැද්ද? කියලා දැනගන්න වෙන්නෙ එතකොට තමයි.”

“මට පහර දුන්නෙ තරුණ දෙන්නෙක්. එක්කෙනෙක් උසයි අනික් එක්කෙනා මිටියි. ඒ අය කවුද? මොන හේතුවකට ගැහුවද? කියලා මම දන්නෙ නැහැ. මම උදයන් කාර්යාලයේ් ඉඳලා ගෙදර යනකොට ඒ දෙන්නා මගෙ පස්සෙන් ඇවිල්ලා, එක්කෙනෙක් මගෙ බඩටයි, අනික් එක්කෙනා ඔළුවටයි පහර දුන්නා. පාරේ ගිය කෙනෙක්ට මට පහර දුන්නා කියලා කිව්වාම හැමෝම ඔහොම තමයි කරන්නෙ කියලා පාඩුවෙ යන්න ගියා. මම ලේ හලමින් ගෙදරට දුවලා බිරිඳට කිව්වා. ඊට පස්සෙ මාව රෝහලට ඇතුළත් කරලා තියෙනවා. දවස් තුනක් මම සිහිය නැතුව ඉඳලා තියෙනවා. සිද්ධිය සිදුවුණු තැන ඉඳලා ආමි චෙක් පොයින්ට් එකට තියෙන්නෙ මීටර් තිහක් විතරයි. හැමදාම මම කාර්යාලයට යන්නෙ මේ චෙක් පොයින්ට එක පහුකරලා.”

“2006 අවුරුද්දෙත් මාව හොයාගෙන උදයන් කාර්යාලයට මැර පිරිසක් ඇවිත් තියෙනවා. 2006 ඉඳලා යුද්දෙ ඉවර වන තෙක් උදයන් කාර්යාලයෙ තමයි මමයි මගේ මුළු පවුලමයි හිටියෙ. දැනුත්, ඉස්සරහටත් ‛උදයන්’ තමයි මට ආරක්ෂාව දෙන්නෙ. මේ වගේ සිදුවීමක් වුණාම ජනමාධ්‍යවේදියො එකතු වෙලා උද්ඝෝෂණයක් පවත්වන එක ගැන සතුටු වෙනවා. යාපනයේ මාධ්‍යවේදීන්ට හෝ අනික් මාධ්‍යවේදීන්ට මේ වගේ සිදුවීමක් වෙන්නෙ නැති විදිහට ජනමාධ්‍යවේදීන් එකමුතු වෙලා කටයුතු කරන්න ඕනෙ.