සිංහල, Democracy, Human Rights, Human Security, Jaffna, Media

යාපනය “උදයන්” පුවත්පත් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්…

publish-vikalpa-uthayan-attack.jpg

යාපනයේ පළවන “උදයන්” පුවත්පත් කාර්යාලයට(24) රාත්‍රී 11.10ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. යාපනය, කස්තුරියා පාරේ පිහිටි උදයන් පුවත්පත් කාර්යාලයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට හානි සිදුවී ඇති බවත් වාර්තාවේ. එසේම එහි ප්‍රධාන කර්තෘවරයාගේ කාමරයේ වීදුරු සියල්ල බිඳී ඇති බවත් ඒ වන විට එහි ආරක්ෂාවට යොදවා තිබූ පොලිස් නිළධාරියාට තුවාල සිදුවී ඔහු රෝහල් ගත කර ඇති බව උදයන් සහ සුඩර් ඔළි පුවත්පත්වල කළමණාකාර අධ්‍යක්ෂක ඊ. සරවනබවන් මහතා ප්‍රකාශකරයි.

සරවනබවන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙය, දුක් වේදනා විඳින දමිළ ජනයා වෙනුවෙන් හඬක් නඟන මාධ්‍යවේදීන් නිහඬ කරවීමට ගත් උත්සහයක් බවයි. එසේම ජනමාධ්‍ය සම්ප්‍රදායන් හැකිතරම් ආරක්ෂාකරමින් යාපනයේ පළකරනු ලබන උදයන් පුවත්පතට පසුගිය කාලයේ දිගින් දිගටම ප්‍රහාර එල්ලවූ බවත් මෙය එහි ආසන්නම සිද්ධිය බවත්ය.

මේ සම්බන්ධයෙන් යාපනයේ සහකාර පොළිස් අධිකාරී ප්‍රේමරත්න මහතාත්, යාපනය පරිපාලන නිළධාරී මේජර් නිශ්ශංක මහතාත් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකරන බවත් සරවනබවන් මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් ඊයේ ප්‍රහාරයෙන් උදයන් පුවත්පතේ මාධ්‍යවේදීන් දැනටමත් බිය වී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

උදයන් සහ සුඩර් ඔළි පුවතත්පතේ කළමණාකරන කර්තෘ එස්. විද්‍යාදරන් මහතා කොළඹ අපරාධ කොට්ඨාශ කාර්යාලයේ රඳවාගෙන සිටින අතර ඔහු අත්අඩංගුවට පත් වීමට පෙර සුදු වෑන් රථයකින් පැමිණ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් තිබූ බවත් දැනට උදයන් පුවත් පතේ කර්තෘ කානමයිල් නාදන් මහතා ද පවතින අයහපත් තත්වය නිසා වසර 2කකට ආසන්න කාලයක් සිය යාපනය කාර්යාලයේම රුඳී සිටින බවත් වාර්තාවේ.