සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‘‘කවුද වෙඩි තියන්න අණ දුන්නේ..?“ – [Video]

පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට
ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය.

ඊයේ වන විට ඝාතනයට ලක් කල තිස්තුන් හැවිරිදි දෙදරැ පියෙක් වන ඇන්ටනී ප්‍රනාන්දුගේ දේහය ඔහු ජීවත් වූ එගොඩවැල්ල නිවසේ තැන්පත් කර තිබු අතර වේදනාවට පත් ව සිටි ඇන්ටනීගේ සමීපතමයින් පැවසුවේ කිසිදු පොලිස් හෝ හමුදා නිළධාරියෙකුටවත් සහ දේශපාලකයෙකුටවත් තම ගමට පැමීණීමට ඉඩ ලබා නොදෙන ලෙසයි. තත්වය එසේ තිබිය දී හලාවත නගරය පුරා හමුදාව සහ පොලිසීය ඇතුලු සන්නද්ධ භට පිරිස් යොදවා තිබිණි.

මේ ඊයේ(16) හලාවත ප්‍රදේශයේ සංචාරය කළ අපට අපගේ කැමරාවට හසු වූ දර්ශන සහ මිලේච්ඡ ලෙස මරා මන ලද ඇන්ටනී ප්‍රනාන්දු පිළිබදවත් වර්තමානයේ ඔහුගේ සමීපතමයින් ඒ පිළීබදව දක්වන අදහස් සහිත ‘විකල්ප‘ තබන රෑපමය සටහනකි.

[youtube]http://www.youtube.com/watch?v=0SlstM4RPfQ[/youtube]