සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips

සිරගෙයි ගීතය

රැයට සඳ නැත
සඳුට එළි නැත
එළිය වුව
කඑ ගල් බිත්තියෙන් දැදුරු වෙයි

වධක කුටි තුළ
ගීත නෑසෙයි
ශබ්ද පමණක් සරයි තනියෙන්
ඒ ශබ්ද රාව – ප්‍රතිරාව දී
විසි වී – හැපී බිඳී
සුනු විසුණු වී
පතුරුවයි දෝංකාරය

යකඩ අත් වුව
තැළෙන විට සුණු විසුණු වෙයි
සිරගෙයි අඳුර තුළ
දැවෙන විට ජීවිත පහන් සිළ
අවදිවෙයි ප්‍රදීපය

වැටුණවුන් බීජ වී
එක් බීජ පැළවී ගසක් වී
අතු පතර විහිදන විට
ඉතිහාසයේ ඇස් අවදිවෙයි

අගාධයෙන්
පුංචි පණිවිඩයක් එනතුරු
බලා සිටිති ඔවුහු – කූඩුවක් තුළ
අපේක්ෂිතව
නිදහස.

උ. වේරන්(නිලාර් එන්. කාසිම් ගේ ‛සහෝදර පියාපත්’ නම් පොතෙන් උපුටා ගන්නා ලදි.)