එළඹෙන ජිනීවා පරාජය සහ බොරු-හබුරු

Image Credit: transcurrents

එළඹෙන මාර්තුව ජිනීවා හි මානව හිමිකම කවුන්සිලයේ 25 වන සැසි වාරයේ මාසය යි. 25 වන සැසි වාරය මාර්තු 03 දා ඇරඹී 28දා අවසන් වෙයි.

සැසිවාරය ඇරඹී ‍තෙවන දිනයෙහි එනම් 06දා මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන නවී පිල්ලේ ඇයගේ වාර්ශික වාර්තාව ඉදිරිපත් කරයි. එහි බොහෝ දුරට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කෙටි සදහනක් තිබෙනු ඇත. ‍එම සඳහන අනෙක් රටවල් නියෝජිතයිනට ශ්‍රී ලංකාව ගැන වාක්‍යක් දෙකක් කීමට අවස්ථාව පාදා දෙයි. එබැවින් ප්‍රථම සතියේ දීම ශ්‍රී ලංකාව සාකච්ජාවට බදුන් වීම ඇරඹේ.

දැනටමත් ජිනීවා තානාපති අංශ ශ්‍රී ලංකාණ්ඩුවේ මෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දරණ මානව හිමිකම් සංවිධානයන්හි අදහස් උදහස් වලට සවන් දීම අරඹා තිබේ. ජනවාරි මාසයේ දී ජිනීවා කරා පැමිණි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ලංකාණ්ඩුව වෙනුවෙන් ලොකු මැදිහත්වීමක් කලේ ය. ඔහුගේ මැදිහත්වීම ආරම්භයේ දී දීප්තියක් ඇති කල නමුත් මානව හිමිකම් සංවිධාන විසින් ඊට දැක්වන ලද කරුණු සහගත ප්‍රතිචාරය නිසා දැන් දැන් ශ්‍රී ලංකාණ්ඩුවේ ස්ථාවරය සැක කිරීමට බෙහෝ රටවල් පටන් ගෙන ඇති බව පෙනේ.

ජනාධිපති ලේකම්වරයාගේ විසින් ඉදිරිපත් කරන ලද කරුණූ විශේෂයෙන්ම ‘මනුෂ්‍ය හැකියාව අනුව ඉටු කළ හැකි සියළු උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර අවසන්ය’ යි යනුවෙන් කරන ලද ප්‍රකාශය හාස්‍ය ජනකය. ඉන් අදහස් කෙරෙන්නේ මානුෂ්‍ය බලයෙන් ක්‍රියාවට නැංවිය නොහැකි නිර්දේශයන් ද උගත් පාඩම් කොමිසම විසින් කර ඇත්දැයි තානාපති අංශ විමසන බව අසන්නට ලැබේ.

ජිනීවා හිදී එළෙස පාරම් බෑ නමුත් මිලියන ගණනින් ගෙවා ඇමෙරිකානු රූපවාහිනියක විකාශණය කළ ආණ්ඩුවේ ප්‍රචාරක වීඩියෝවක ජනාධිපති ලේකම්වරයා කියන්නේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පටන් ගත්තා විතරයි කියා ය. මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි මෙන්ම එය ඉලක්ක කොට රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන් කර ඇති එකිනෙකට පරස්පර ප්‍රකාශ විසින් මෙකී නිර්දේශ සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ව්‍යාජ කැපවීම අපූරුවට පෙන්වයි.

වසරකට පෙර ජනමාධ්‍ය අමතමින් කළකට පෙර රාජපක්ෂ ආණ්ඩුවේ මානව හිමිකම් දූතයා වූ අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සියයට 99ක් ක්‍රියාත්මක කර ඇති බවයි. ඔහු එසේ කියා තිබුනේ බිස්නස් ස්ටෑන්ඩඩ් නම් ඉන්දියානු පුවත් පතට 2013 මාර්තු 07දා ය.

එම මාසයේම 22දින මාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල ආණ්ඩුවේ ඩේලි නිව්ස් පුවත් පතට කියා තිබුනේ කොම්සමේ නිර්දේශ සියයට 50ක් ඉටුකර අවසන් බවයි. සති දෙකක් ඇතුළත ඉටු කළ නිර්දේශ සියයට 49කින් පහළ බැස තිබුණි!!

ලලිත් වීරතුංගගේ ජිනීවා කතාවට තෙසතියකට පසු විදේශ අමාත්‍ය පීරිස් ඉන්දියානු පුවත් සේවයට(පීටීඅයි) කියා තිබුණේ නිර්දේශයන්ගෙන් සියයට 85ක්ම ක්‍රියාත්මක කර අවසන් බවයි.

මෙම ප්‍රකාශයන්ගෙන් කුමක් නිවැරදි දැයි සොයා ගැනීම දුෂ්කරය. ඇත්ත කතාව නම් මේ හැම එකක්ම බොරු බවයි; නැත්නම් අර්ධ සත්‍යයන් බවයි. ඉතා ‍ලෙ‍හෙසියෙන් ක්‍රියාත්මත කළ හැකිව තිබූ යුද්ධයේ දී මිය ගිය සියළු දෙනා සිහි කැරෙන ජාතික දිනයක් ප්‍රකාශ කිරීම වැනි නිර්දේශයක්වත් ආණ්ඩුව ක්‍රියාත්මක කළේ නැත. තවත් නිර්දේශයක් වූ යුද හමුදාට එල්ල වූ මිනිස් ඝාතන චෝදනා විභාග කිරීමට, හොරාගේ අම්මාගෙන් පේන අසන්නා සේ, යුද හමුදාවේම අධිකරණයක් පත් කිරීම තවත් බොරැවක් බවට පත් විය. ඉටු නොකරන ලද මිනිස් හැකියාව අනුව කල හැකිව තිබූ නිර්දේශ ලැයිස්තුවක් ම දැන් ජිනීවා හි සංසරණය වෙයි.

උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන්ගෙන් අර්ධ වශයෙන් හෝ ක්‍රියාවට නගා ඇත්තේ මෘදු යෝජනා බව ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය විසින් ද දැන් ප්‍රකාශ කර තිබේ. එහි හරය වූ නීතියේ පාලනය පිහිටුවීම පිළිබඳ නිර්දේශ කිසිවක් රාජපක්ෂවරු ක්‍රියාවට නඟා නැත.

2009 වසරේ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ දර දිය ඇද්දේ තානාපති දයාන් ජයතිලකය. ඔහු දැන් කියන්නේ යුද්ධයේ අවසන් සමයේ දී සිදුවූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් පිළිගත හැකි ස්වාධීන පරීක්ෂනයක් පැවැත්වීමට රාජපක්ෂ ආන්ඩුව අසමත් වී ඇති බව ය. ඔහු ඒ බව කියා සිටියේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ ජිනීවා කතාව වැඩකට නැති එකක් ලෙස ප්‍රතික්ෂේප කිරීමට ඉංග්‍රිසියෙන් ලියන ලද ලිපියක ය. ඔහුට අනුව යුද්ධාවසානයෙන් පසු ‍සිදුව ඇති එකම සාධනීය වර්ධනය උතුරු පළාත් සභා මැතිවරණය පැවැත් වීම පමණකි.

ආචාර්‍ය දයාන් ජයතිලක සමඟ උරෙනුර ගැටී මානව හිමිකම් කවුන්සිලයෙහි රාජපක්ෂ ආණ්ඩුවට දර දිය ඇදි මහාචාර්‍ය රාජිව විජේසිංහ ද දැන් කියන්නේ ජයතිලක කියන කතාවම ය. වැඩ නැති කතා වලින් අන්තර් ජාතික තෙරපුම් නතර කළ නොහැකි යැයි කියන ඔහු මානව හිමිකම් චෝදනා පරීක්ෂා කිරීමට ස්වාධීන සහ විශ්වසනීය දේශීය යාන්ත්‍රණයක් සඳහා නම්-ගම් ද යෝජනා කරමින් කියන්නේ ජපානය සහ ඉන්දියාව වැනි රටවලට එම පරීක්ෂණයේ නිරීක්ෂක කාර්‍ය භාරයක් ද පිරි නැමිය යුතු බව යි. ඒ වනාහී අර්ධ ජාත්‍යාන්තර කොමිසමකි.

යුද්ධ කාලීන ආණ්ඩුවේ හිටපු තානාපතිවරුන් පස් වසරක් ගතවීත් යුද්ධ සමයේ මානව හිමිකම් කෙළෙසීම් ගැන නිසි පරීක්ෂණයක් සිදුව නැතැයි කියන විට ඒ සඳහා අන්තර් ජාතික පරීක්ෂනයක් අවශ්‍යයැයි කියන තර්කය තව දුරටත් සනාථ වෙයි.

එපමණක්ම නොවේ. කටුනායක නිදහස් වෙළද කලාපයේ රොශේන් චානක පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම සොයා බැලීමට පත් කරන ලද ‍කොමිසමේ වාර්තාව පවා සඟවා ගෙන සිටින ආණ්ඩුවක්, මාතලේ සමූහ මිනී වළෙන් මතු වූ සිංහල තරුණ ඇටසැකිළි 152ක් පිළිබඳ ව්‍යාජ පරීක්ෂන කොමිසමක් පත් කොට එම පරීක්ෂණය යට ගැසූ ආණ්ඩුවක්, වැලිකඩ බන්ධනාගාරයේ දී වෙඩි තබා ඝාතනය කෙරුණු සිරකරුවන් 27 දෙනා එකිකෙනා විසින් වෙඩි තබා ගෙන මිය ගොස් ඇතැයි සාහසික වාර්තාවක් ඉදිරිපත් කළ ආණ්ඩුවක්, යුද්ධ භුමියේ මියෑදුනු දස දහස් ගණනාවක් දෙමළ ජනයා පිළිබඳ නිසි පරීක්ෂණයක් කරනු ඇතැයි සිතිය හැක්කේ කෙසේ ද? ජිනීවාහි කානාපති කාර්‍යාල කරා යන මානව හිමිකම් පිරිස් ඉදිරිපත් කරනු ලබන කරුණු එවැනි ය.

මෙම තානාපති අංශ උනන්දුවක් දක්වන තවත් විශේෂ කාරණයක් වන්නේ සුලුතර ප්‍රජාවන්ගේ ආගමික නිදහසට එල්ල වෙමින් ඇති අවසානයක් නැති තර්ජන ගර්ජන සහ මර්දනය යි.

හිටපු තානාපතිවරුන්, ශ්‍රාස්ත්‍රඥයින්, නීති‍වේදීන් යනාදී ශ්‍රී ලංකාවේ විද්වත් පුරවැසි එකතුවක් වන සිකුරාදා හමුව(ෆ්‍රයිඩේ ‍‍ෆෝරම්) ජනවාරි මාසයේ දී ප්‍රකාශණයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකාව අත්ත‍නෝමතික රාජ්‍ය පාලනයක් කරා ඇදී යමින් තිබෙන බවයි. ඒ වනාහී පසුගිය අගෝස්තු අග සතියෙහි ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය‍ වන නවී පිල්ලේ විසින් ද ඉදිරිපත් කළ නිරික්ෂණය යි. එමගින් ඇයගේ වාර්තාව තහවුරු වෙයි.

නවී පිල්ලේ විසින් එළඹෙන මාර්තු මාසයේ දී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කැරෙන ශ්‍රී ලංකාවේ වගවීම සහ ප්‍රති සංධානය පිළිබඳ වාර්තාව දැනටමත් ශ්‍රී ලංකාණ්ඩුව වෙත යවා ඇතියි කියනු ලැබේ. එහි කරුණූ වශයෙන් දොස් වෙතොත් ඒවා නිවැරදි කිරීමට ලංකාණ්ඩුවට අවස්ථාව තිබේ. එනමුත් එහි එන නිරීන්ෂන සහ නිගමන වෙනස් කිරීමට ලංකාණ්ඩුවට නොහැකි ය. ලංකාණ්ඩුවේ ප්‍රතිචාර ලැබීමෙන් පසු ලබන සතිය අග වන විට එම වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ වෙබ් අඩවියෙහි පළ කැරෙනවා ඇත.

එමෙන් ම මාර්තු දෙවන සතිය වන විට ශ්‍රී ලංකාව සම්බන්ධ ඇමෙරිකානු යෝජනාවේ ප්‍රථම පිටපත කවුන්සිලයේ සමාජික රටවලට ලබා දෙනු ඇතැයි ද විශ්වාශ කැරේ. ජිනීවාහි නිල නොවන ආරංචි මාර්ග කියන්නේ දැනටමත් එවැනි කෙටුම්පතක් ඇති බවයි‍.

මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාව මාර්තු 26දා සාකච්ඡාවට ගැනෙනු ඇති අතර ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව සාකච්ඡා කිරීමත් ඡන්දය විමසීමත් යෙදෙනු ඇත්තේ මාර්තු 27 දාටය. මෙම වාර්තාව ඇයගේ වාර්තාව ඇය විසින් පසුගිය සැප්තැම්බරයේ දී කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවට වඩා විස්තීර්න වනු ඇති අතර ශ්‍රී ලංකාවට වාසි දායක වනු ඇතැයි සිතන්නට ඉඩක් නැත.

ඇමෙරිකානු කොන්ග්‍රසය විසින් අනුමත කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව අනුව යමින් යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලීම පිණිස අන්තර් ජාතික යාණ්ත්‍රණයක අවශයතාවය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කැරෙන යෝජනාවේ තිබෙනු ඇතැයි කල්පනා කෙරේ. නමුත් ‍කුමණාකාර යාන්ත්‍රණයක් යෝජනා කෙරෙනු ඇත්දැයි හරි අදහසක් ජිනීවා මානව හිමිකම් කවයන්හි නැත. එවැනි යෝජනාවක් ජයග්‍රහණය කරවා ගැනීම 2013 යෝජනාව සම්මත වූ තරම් ලෙහෙසි නොවනු ඇතැයි ද කල්පනා කෙරේ. කෙසේ වෙතත් දැනට පෙනෙන අන්දමට ශ්‍රි ලංකාවේ වගවීම සහ ප්‍රති සංධානය පිළිබඳ (ඇමෙරිකානු) යෝජනාවකට මානව හිමිකම් කවුන්සිලයේ බහුතර සහයෝගය තිබේ.

පිට පිට තෙවසරක දී ශ්‍රී ලංකාව පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය විසින් යෝජනා තුනක් සම්මත කරනු ලැබීම රාජපක්ෂවරුන් විසින් ශ්‍රී ලංකාවට අත් කර දී ඇති ඛේදජනක ඉරණමේ පිළිඹිබුවකි. අනෙක් රටක් සම්බන්ධයෙන් එවැනි උදාහරණ විරළය. ඉන්දියානු විදේශ අමාත්‍යවරයා ‍පසුගිය සතිය මැද කියා සිටි පරිදි ශ්‍රී ලංකාවට හුදකලාව පැවැතිය නොහැක.

එය රටක් වශයෙන් ලෝක ප්‍රජාවෙහි විශ්වාශය දිනා ගත යුතු ය. ඒ සඳහා ද්විත්ව මූලෝපායක් අවශ්‍ය ය. එනම් ප්‍රජාතන්ත්‍රීයකරණය සහ යුද්ධයේ අපරාධ සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවළියක් දියත් කිරීම යි.

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය එහි අනෙක් පැත්ත ය. අත්තනෝමතිකත්වය සහ මානව හිමිකම්/යුද්ධ අපරාධයන්ට දඩුවම් නොකිරීමයි. ජිනීවාහී මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද වැටන්නේ මේ දර්ශක අනුව ය.

ඊට ඇත්තේ තවත් සති හයක් පමණි.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya


  • Hemal

    මානව හිමිකම් සමුළුවට අමුද්‍රව්‍ය සපයන්නෝ

    “මානව හිමිකම් කර්මාන්තය අතිශයින් ලාභදායක රැකියාවකි.
    – උතුරු අයර්ලන්ත දේශපාලක ඡේම්ස්‌ ටි්‍රම්බල්

    ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන ඒමට අදහස්‌ කරන ජිනීවා මානව හිමිකම් සමුළුවට තව ඇත්තේ දින 16 කි. දැන් මේ සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව අමුද්‍රව්‍ය සපයන්නෝ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වේ. ඇමරිකාවේ කැලිෙµdaනියාවේ රෙසිටාහි වික්‌ටරි මාර්ගයේ අංක 19447 බාරේ ක්‍රියාත්මක වූ එන්. එµa. ආර්. නමින් හැඳින්වූ සංවිධානය පසුගිය වසර කීපය මුළුල්ලේම ශ්‍රී ලංකා විරෝධී ප්‍රචාර දියත් කළේය. මේ සංවිධානයේ සාමාජිකයෙක්‌ කොටි කවියෙකි.

    එකී සංවිධානයට සම්බන්ධව ක්‍රියා කළ අයෙක්‌ පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එහි ප්‍රතිඵලය දැන් හෙළි වී තිබේ.

    මෙම එන්. එµa. ආර්. සංවිධානයේ සහයකයන් කවුරුන්ද? ඒ චැනල් ෙµda රූපවාහිනියට ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව දක්‌වමන් වීඩියෝ දර්ශන යෑවූ ජර්මනියේ ඡේ. ඩී. එස්‌. සංවධානය මෙන්ම කොටි බෝම්බකාරියන් ගැන වීඩියෝ පටයක්‌ නිපදවූ ආනේ බියස්‌ටෙඩ් නමැති නෝවිජියානු අධ්‍යක්‍ෂවරිය සම්බන්ධ ශ්‍රී ලංකා චැම්පේන් ෙµda පීස්‌ ඇන්ඩ් ජස්‌ටිස්‌ නමැති සංවිධානයයි.

    වසර 30 ක්‌ තිස්‌සේ මෙරට පැවැති භීෂණය නිමවීමත් සමඟම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු මෙරටට යළි ආවේ නිකමට නොවේ.

    ඔවුන්ගේ ක්‍රියාවන්හි පසුබිම මැනවින් සනාථ වී ඇත. දින 16 ක කාලයක්‌ ජිනීවා සමුළුවට තිබියදී මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිහිපත්වීම මවිතයක්‌ නොවේද?

    මෙලෙස මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඬ නගන්නේ කොළඹ බටහිර තානාපති කාර්යාල සඳහාය. එකී කාර්යාල මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශ පටිගත කර තම රටවල්වලට යවනු ලබයි.

    මේ එන්. එµa. ආර්. හෙවත් එක්‌සයිල් නෙට්‌වර්ක්‌ ෙµda මීඩියා ඇන්ඩ් හියුමන් රයිට්‌ස්‌ ඉන් ශ්‍රී ලංකා සංවිධානය ප්‍රභාකරන් තිස්‌ වසරක්‌ තිස්‌සේ බිහිසුණු ඝාතන සිදුකරද්දී කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත.

    මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ තානාපති කාර්යාල වෙත සහාය වන්නේ මෙරට පාර්ශ්වයන් නොවේද?

    මෙකී එන්. එµa. ආර්. සංවිධානයේ එක්‌ ක්‍රියාකාරිකයෙක්‌ නෝර්වේ රාජ්‍යයේ ද අනික්‌ තැනැත්තා බ්‍රිතාන්‍යයේ ද තවත් අයෙක්‌ ප්‍රංශයේද ලඝූ ලේකාවක්‌ ජර්මනියේ ද දේශපාලන රැකවරණ පතා ඇත.

    මේ කිසිවකුත් මාරාන්තික තර්ජනවලට ලක්‌වුවන් නොවේ. එසේම ඉන්දුනීසියාවට ගොස්‌ නැගෙනහිර ටිමෝරයට අත නොතබනු යෑයි ඝෝෂා කළ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියෙක්‌ව වසර කිහිපයකට පෙර ඉන්දුනීසියානු බලධාරීන් පිටුවහල් කරනු ලැබිණි.

    අද මේ පුද්ගලයා ද මාධ්‍ය වෙස්‌ ගෙන තිබේ.

    එහෙත් සැබෑ යථාර්ථය කුමක්‌ද? මරණීය තර්ජන එල්ල වන බව කියමින් ඇමරිකානු තානාපති කාර්යාලය හරහා ඇමරිකාවට ගිය අයෙක්‌ යළි මෙරටට සම්ප්‍රාප්ත වී රඟදැක්‌වීමට යන මානව හිමිකම් නාටකය කුමක්‌ද?

    මේ මානව හිමිකම් නාටකය රඟදක්‌වන්නේ ජනතාවගේ යහපත උදෙසා යෑයි සිතිය හැකිද? එකී මානව හිමිකම් නාටකය පසුබිමේ සියලු ක්‍රියාවලට සහය වන්නේ විදේශ තානාපති කාර්යාල සහ ඇතැම් රාජ්‍ය විරෝධී දේශපාලකයන් සහ අබිරහස්‌ පාර්ශ්වයන් බව වාර්තා වී ඇත.

    බ්‍රිතාන්‍ය, ඇමරිකාව, කැනඩාව, යුරෝපා සංගමය ද දැන් මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන ශ්‍රී ලංකාවට චෝදනා කරයි. ඇමරිකාවේ සිට මෙරටට පැමිණි පාර්ශ්ව පවා ඝෝෂා කරන්නේ මානව හිමිකම් පිළිබඳවය.

    එහෙත් ඇමරිකානු යුද අපරාධ ගැන වචනයක්‌වත් පැවසීමට ඔවුන් ක්‍රියාකරන්නේ නැත.

    මෙම තත්ත්වය මැද ඊනියා සටන් විරාම ගිවිසුම අත්සන් කර පෙබරවාරි 22 දාට වසර 14 කි. මෙකී ගිවිසුමත්a සමඟම බුද්ධි නිලධාරීහු විශාල පිරිසක්‌ ඝාතනය වූහ. ඔවුන්ගේ මානව හිමිකම් ගැන කිසිවකු හඬ නැගුවේ නැත.

    එහෙත් කොටි සංවිධානයේ චරපුරුෂයන්ගේ මානව හිමිකම් ගැන ද දැන් හඬ නැගේ.

    මෙයට හොඳම නිදසුන සිවරාම් හෙවත් තාරකී නමැති ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙයවූ තැනැත්තායි.

    ඔහු මියයැමෙන් පසු ප්‍රභාකරන් මහා මනතීර් සම්මානය පිරිනැමීය. නෝර්වේ කොටි ජාලය ද තාරකීs කොටින්ට අහිමි වූ වස්‌තුවක්‌ බවට ප්‍රකාශ කෙරිණි.

    ඔස්‌ලෝ නුවර මාර්ගයක කොටි ධජය සමඟ තාරකීගේ ඡායාරූපය ද ගෙනයනු ලැබීය.

    එහෙත් එකී කොටි තාරකීව මානව හිමිකම් මුවාවෙන් යළි කරලියට ගෙන ඒමට උත්සාහ කරති.

    මේ පසුබිම මැද ඉන්දීය විදේශ ඇමැති සල්මන් කුර්ෂිද් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්‌වී ක්‍රියා කළ යුතු බව පවසා ඇත.

    ඉන් කුර්ෂිද් පවසන්නේa යුද අපරාධ ගැන අන්තර් ජාතික පරීක්‍ෂණයකට ශ්‍රී ලංකාව සහාය වීම කළ යුතුය යන්නයි.

    එහෙත් කාශ්මීර් ජාතිකයන් පස්‌දෙනකුට හමුදා නිල ඇඳුම් අන්දවා වෙඩි තබා මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ ඉන්දීය සෙබළුන් එකී ක්‍රියාවට වරදකරුවන් නොවන බවත් මරුමුවට පත්වූයේ සටන්කාමීහු බවත් ඉන්දීය රජය පවසා ඇත.

    මෙයට අමතරව කාශ්මීරයේ 10,000 කට අධික පිරිසක්‌ අතුරුදන් වී තිබේ.

    කාශ්මීරයේ ඉන්දීය පොලිස්‌ හා හමුදා භටයන් 800 කට මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා චෝදනා එල්ල වී ඇත.

    එසේ වුවත් අන්තර්ජාතික පරීක්‍ෂණයක්‌ නැත.

    ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්‌තවාදය ඇති කිරීමට මුල් වූයේ ඉන්දියාව හා රෝ බුද්ධි සේවාවයි. එකී ත්‍රස්‌තවාදය මර්දනය කළ විට ඉන්දියාව කියන්නේ යුද අපරාධ චෝදනා සඳහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට සහභාගි විය යුතු බවයි.

    එසේ නම් ඉන්දීය සාම හමුදාව සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන පියවරක්‌ නොගන්නේ මන්ද?

    ඊට අදාළ ග්‍රන්ථයක්‌ නවදිල්ලි විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ සිසුන් විසින් ප්‍රකාශයට පත්විය. මේ ගැන ඉන්දියාව මුනිවත රකී.

    මේ අතර ඔස්‌ටේ්‍රලියානු ගී්‍රන් පක්‍ෂයේ මන්ත්‍රිනී ලි රිහානොන් එරට සෙනෙට්‌ සභාව ලවා පෙරේදා ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ විමර්ශන යෝජනාවක්‌ සම්මත කරගෙන ඇත.

    ඇය සංචාරක වීසා මත මෙරටට පැමිණ උතුරට ගොස්‌ ද්‍රවිඩ සංධාන නායකයන් හා මාධ්‍ය පාර්ශ්ව හමුවිය. එසේ නම් ඇයට අමුද්‍රව්‍ය සපයා ඇත්තේ මෙරටින් බව සනාථ නොවන්නේද?

  • Sarath

    ” මෙරට බෞද්ධ බලවේගය විනාශ කිරීමට බලවත් රටවල් නොයෙක් වෙසින් මානව හිමිකම් චෝදනා නගමින් අර අදින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

    අද අපට මානව හිමිකම් පාඩම් කියා දීමට බිස්වාල් වැනි දුතියන් එවන්නේ ඉන්දියානු තානාපති නිලධාරිනියක් නිරුවත් කරමින් ඇගේ මානව හිමිකම් කැඩූ ඇමෙරිකාව වීම හාස්‍යට කරුණක් යැයිද උන්වහන්සේ අවධාරණය කරති.

    මෙරටට එරෙහිව මානව චෝදනා එල්ල කරන දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන පිටුපස සිටින්නේ ආගමික බලවේගයක් බව පැහැදිලි බවත් එසේම ප‍්‍රභාකරන්ව මෙහෙයවූයේත් එවැනි ආගමික බලවේග බව පැහැදිලිවම පෙනුණා. මේ කිසිදු බලවේගයක් මේ රටට සෙතක් කිරීමේ අරමුණින් නොව රටේ බෞද්ධ බලවේගය වනසාලීමේ අරමුණින් මානව හිමිකම් චෝදනා ගෙන එන බව සක්සුදක් සේ පැහැදිලියි.බිස්වාල් වැනි දුතියන්ට පන්දම් අල්ලන දේශද්‍රෝහීන්ගේ ක‍්‍රියාකාරම් නිසා රටට හානියක් සිදුවන බව කිව යුතුය.

    එදා ප‍්‍රභාකරන් බෝම්බ ගහනවිට වෙව්ලමින් ඇදන් යට රිංගා සිටි අපේ දේශද්‍රෝහීන් දැන් එළියට විත් මානව හිමිකම් ගැන නන්දොඩවනවා’ යයිද මේධානන්ද හිමියෝ පැවසූහ.”

    මෙන්න මානව හිමිකම් චෝදනා වල සුනන්දට නොපෙනෙන තිත්ත ඇත්ත..