ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ මීගමුවේදීය. විකල්ප වෙබ් අඩවිය සිය 10වන වසරට (#VIKALPA10) සමගාමීව පවත්වනු ලබන එම ඡායාරූප ප්‍රදර්ශනය අප්‍රේල් 7 සහ 8 දෙදින පුරා උදෑසන 9සිට රාත්‍රී 8දක්වා, මීගමුව, කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී(සිංගර් මෙගා ‍වෙළදසැල ඉදිරිපිට) ‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් නොමිලේ විවෘතව පවතී.

අප්‍රේල් 7, සවස 03.00 සිට 05.00 දක්වා

කෙටි අදහස් දැක්වීම සහ සංවාදය

සත්‍යවේල් පියතුමා, සංධ්‍යා එක්නැළිගොඩ සහ සාලිය ඉදුරුවිතාන විසින් සංවාදය පෝෂණය කිරීමට නියමිතය.
සාකච්ඡාව මෙහෙයවීම – ‘ප්‍රභාතය’ මාධ්‍ය හා කලා සංවිධානය

අප්‍රේල් 8, සවස 03.00pm – 05.00pm දක්වා

ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමා, කුමාරි කුමාරගමගේ සහ සම්පත් සමරකෝන් විසින් සංවාදය පෝෂණය කිරීමට නියමිතය.
සාකච්ඡාව මෙහෙයවීම – ‘ප්‍රභාතය’ මාධ්‍ය හා කලා සංවිධානය

Facebook event click

##

‘විකල්ප’ වෙබ් අඩවියේ පාඨකයන්ට මෙන්ම පොදු ජනයාටත් විවෘතව තැබෙන මෙම ප්‍රදර්ශනයේදී ඔබට 2009 සිට 2017 දක්වා අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ඇතුලු කොට පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ඡායාරූප ඔස්සේ දැකගැනීමට හැකිවේ.

විශේෂයෙන් ඉහත සදහන් කළ 2009න් පසුව බොහෝ පාර්ශවයන් මගහැරීමට උත්සාහ කරන, එහෙත් ලංකාවේ සමාජය තුළ යුද්ධය, ඉඩම් අහිමිවීම් වැනි ස්වාභාවික නොවන තත්ත්වයන්ගේ ගොදුරු බවට පත්වූ මිනිසුන් සහ ගැහැනුන් තවමත් ඉල්ලා සිටින ‘යුක්තිය’ පිළිබද ප්‍රශ්නය ප්‍රදර්ශනයේදී ඉහළම තලයකට ඔසවා තැබීමට උත්සහ කරනු ලබයි.

2018 අප්‍රේල් 7 සහ 8, උදෑසන 9 සිට රාත්‍රී 8 දක්වා, අප්‍රේල් 7 සහ 8 දෙදින පුරා උදෑසන 9සිට රාත්‍රී 8දක්වා, මීගමුව, කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී(සිංගර් මෙගා ‍වෙළදසැල ඉදිරිපිට) පැවැත්වෙන #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය සදහා ‘විකල්ප’ වෙබ් අඩවිය සහ ‘ප්‍රභාතය’ මාධ්‍ය හා කලා සංවිධානය ඔබ සැමට මෙසේ ආරාධනා කරයි.

ස්වෙච්ඡා දායකත්වය සහ සංවිධානය – ‘ප්‍රභාතය’ මාධ්‍ය හා කලා සංවිධානය