පානම ප්‍රදේශයේ වනාන්තර, වෙරළ, කලපු හා ජනාවාස ඇතුලු කෘෂිකාර්මික ඉඩම් අක්කර 1220ක්, 2009 වසරේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම නිසා එහි පාරම්පාරිකව ජීවත්වූ සිය ගණනක් පවුල්වලට උන්හිටිතැන් අහිමිවිය.

නව පාලනයක් ලංකාව තුළ පත් වුවද, තවමත් ඔවුන්ට අයත් ඒ ඉඩම් නැවත මේ වන තෙක් ලබා දී නැති අවස්ථාවක පසුගිය ජූලි 15වනදා සිය ඉඩම්වලට ඇතුලුවීමට පානම මිනිසුන් තීරණය කළේය. නමුත් මෛත්‍රී සහ රනිල් නව පාලනය ගොඩනැගීම සදහා පානම මිනිසුන් වෙහෙස වුවද ඔවුන ට 15වනදා අත් උනේ තමන්ගේම ආණ්ඩුවේ පොලීසිය විසින් පානම ජනයා බියට පත් කිරීම සදහා විවිද උප්පරවැට්ටි යෙදීමකි.

එහි සුවිශේෂී සිදුවීමක් වූයේ නිළ ඇදුම් ඇදි පොළිස් නිළධාරීන් විසින් එම අවස්ථාවට සහභාගී වූ පානම වැසියන් ඇතුලු සියලු දෙනා වීඩියෝ ගත කිරීමයි.

නමුත් ඒ වීඩියෝ ගත කිරීම්වලන් පානම මිනිසුන්ගේ ධෛර්ය සිදලීමට මෛත්‍රී, රනිල් පාලනයට නොහැකි බව පැය ගණනාවක් පොලීසියත්, ලාහුගල ප්‍රාදේශීය ලේකම් සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් සමගත් තමන්ට වී ඇති අසාධාරණය ගැන සංවාද කරගත් පානම් මිනිසුන් පැවසීය.

පොලිස් සහ හොරා පොලිස් වීඩියෝ

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලනය සමයේ පානම මිනිසුන්ගේ ඉඩම් කොල්ලකෑම සිදුවිය. එවකට මේ ගැටලුව පිළිබද කිසියම් හෝ සාකච්ඡාවක්, විරෝධතාවයක් දක්වන අවස්ථාවේදී ඒ සදහා බුද්ධි අංශ යැයි පවසමින් සිවිල් ඇදුම් ඇදගත් පිරිස් කිහිපදෙනෙක් පැමිණිම සුළභය. නමුත් නව පාලනය යටතේ එවන් බුද්ධි අංශ නිළධාරීන් විශාල පිරිසක් කැමරා ද සහිතව පැමිණීමත්, විශේෂයෙන් නිළ ඇදුම් ඇදගත් පොළිස් නිළධාරින් පිරිසක් ඊට අමතරව පැමිණ වීඩියෝ ගත කිරීම යහපාලනය තුළ අද ද දක්නට ඇති තත්ත්වයකි. මේ තත්ත්වය පානම පමණක් නොව වෙනත් ඕනෑම ස්ථානයක ජනතාවගේ නැගී සිටීමකදී දක්නට ඇති නව බියකරු තත්ත්වයකි. මෙයින් හැගවීමට උත්සහ කරන්නේ ‘රාජපක්ෂගේ වියරු තියරිය‘ යහපාලනය තුළත් එයට වඩා සක්‍රීයව සිදු කිරීමට ගන්නා උත්සහයක් බවට පත්වෙමින් අති බවට මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසයි. ඉහත වීඩියෝව එයට කදිම සාක්ෂියකි.!

එසේම ‘අපිව වීඩියෝ කරන්න අපි අපරාධ කාරයෝද?‘ යනුවෙන් ඇසීමට ධෛර්යක් ඇති මිනිසුන් කිහිප දෙනෙක් එහි සිටීම අව්‍යාජ පුරවැසි ක්‍රියාකාරීත්වයන් වඩාත් ශක්තිමත් බව පෙන්වීම ට ද පානම උදාහරණ සපයයි.

පානම ඉඩම් කොල්ලය පිළිබද සාරාංශගත වාර්තාවක් සදහා පිවිසෙන්න.