Image courtesy: tamilwin

පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ නඩරාජා ගජන් සහ විජයකුමාර් සුලක්ෂන් සිසුන් දෙදෙනා වෙනුවෙන් හෙට(24) ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන බව යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය පවසා තිබේ. එසේම එළබෙණ 25වන අගහරුවාදා යාපනය අර්ධද්වීපය පුරාම හර්තාල් ව්‍යාපාරයකට සහභාගී වන ලෙස දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

wijayakumar_sulakshan_nadarasa_gajan_croppedනඩරාජා ගජන්(23) සහ විජයකුමාර් සුලක්ෂන්(24) ඝාතනය වූයේ ඔක්තෝබර් 20 වනදා රාත්‍රීයේ යාපනය කොක්කුවිල්, කුලප්පිට්ටි ප්‍රදේශය අසල ය. පොලීසිය මුලින් පවසා සිටියේ හදිසි අනතුරක් ඇතිවී සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව වූ බවය. නමුත් පසුව අනාවරණය වූයේ පොලීසිය විසින් සිදුකල වෙඩි තැබීමකදී සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වී ඇති බවය.

සිද්ධිය සම්බන්‍ධයෙන් සිකුරාදා(21) දින යාපනය පොලිස් ස්ථානයේ නිළධාරිහු වන සරත්තිස්ස, ජෙයවර්ධන, චන්දන, ලංකාමන්, සහ නවරත්තින යන පිරිසගේ සේවය අත්හිටුවා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ව සෙනසුරාදා(22) යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී සැකකරුවන් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණි.

අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. මයුරන් මහතා විසින් පවත්වන ලද මරණ පරීක්ෂණයේදී සුලක්ෂන් ශිෂ්‍යාට වෙඩි වැදී තුවාල සිදු වී ඇති බව ඔක්තෝබර් 21 දා නිවේදනය කලේ ය. එසේම ගජන්ගේ හිස් කබලට දැඩි ලෙස හානි සිදු ව ඇති බවත් ප්‍රකාශ කලේය.

625-0-560-320-160-600-053-800-668-160-90-b

සුුුපුරුදු පරීක්ෂණ ඉල්ලීම්

පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩක් නිකුත් කරමින් කියා සිටියේ මේ පිළිබද පරික්ෂනයක් සිදු කිරීමට උපදෙස් දී ඇති බවත්ය.

අපිට සැකයි

නමුත්, දෙමළ සිවිල් සමාජ සංසදය පවසන්නේ. වෙඩි තැබීම වසන් කිරීමට පොලීසිය ගත් උත්සහය නිසා ඉදිරි පරීක්ෂණවල ස්වධීනත්වය පිළිබද සැකසංකා මතු වී ඇති බවය.

‘පොලීසිය විසින් විදිමත්, ස්වාධීන පරීක්ෂණයක් පවත්වනු ඇති බව අපිට විශ්වාසයක් නැහැ. කෙසේ නමුත් අපි මේ සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව ඉන්නවා”
ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස දෙමළ ජාතික සංධානය රජයෙන් ඉල්ලා සිටියේය. එසේම ආර්. සම්බන්ධන් විපක්ෂනායක වරයා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ඉතාමත් ඉක්මනින් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙසත්ය.

ත්‍රිකුණාමලයේදී හමු වූ අවස්ථාවේ විපක්ෂනායක ආර්. සම්බන්ධන් ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත්, ඉන් අනතුරුව පොලිස්පතිවරයා අමතා සිය අප්‍රසාදය පළ කළ බවත් දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන බවත් බීබීසීය වාර්තා කළේය.

මේක සුලු දෙයක් නොවේ – යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය

එසේම යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය සරසවියේ ආචාර්යවරුන්ගේ සංගමය විසින් ද සිදුවීම හෙලා දකින බවට යාපනය විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය සර්වනබවන් මහතා පවසයි.

ආචාර්යවර්ය සරවනබවන්, මේ බව කියා සිටියේ යාපනය සරසවියේ කලා අංශයේ තෙවන වසර ඉගනුම ලැබූ නඩරාජා ගජන් හා විජයකුමාර් සුලක්ෂණ් යන අයගේ මිය යාම සම්බන්ධයෙන් සරසවි ආචාර්යවරුන්ගේ සංගමය විසින් පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් බව ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කළේය.

එහදී සභාපති සර්වනබවන් බවන් වැඩි දුරටත් කියා සිටියේ.

‘‘මෙවැනි වෙඩි තැබීමක් පළමු වතාවට සිදුව ඇත්තේ 2009 වසරේ යුද්දයෙන් පසුවයි. අපි කම්පා වුනා. මේ සිදුවීම අපි සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. ඒ වගේම එම සිදුවීමෙන් සරසවි ප්‍රජාව මහත් කම්පනයකට පත් වුනා.

‘‘ඒ වගේ අපි ආරක්ෂක ලේකම් වරයා විසින් සරසවි සිසුන්ගේ මරණය සම්බන්ධයෙන් සිදු කොට ඇති ප්‍රකාශයට අපි එකග නැහැ. මේක සුළු දෙයක් නෙමෙයි අපි මෙය හෙලා දකිමින් ජනාධිපතිවරයාටත් ආරක්ෂක ලේකම්වරය‍ෙටත් ලිපියක් යොමු කරන්න තීරණය කලා. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් අපක්ෂපාතී තීරණයක් බලාපොරොත්තු වෙනවා“

625-0-560-320-160-600-053-800-668-160-90-d

ගජන් අද අවසන් ගමන් ගියේ ය.

පොලිස්‌ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය ලක්‌ වූ නඩරාජා ගජන්ගේ අවසන් කටයුතු අද(23) ඉරිදා දින කිලිනොච්චිය ඉරණමඩු පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. එයට විශාල ජනකායක් සහභාගී වි සිටි බව වාර්තා විය.

එසේම, විජයකුමාර් සුලක්ෂන් ගේ අවසන් කටයුතු ශෝක දිනය වන හෙට (24සඳුදා) යාපනයේ සිදු කිරීමට නියමිතය.

මේ ඝාතනයන්ට විරුද්ධව හෙට(24) සවස 4ට, කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී, විරෝධතාවයක් පැවැත්වෙන අතර, ඒ පිළිබද දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් අතරතුර, සාහිත්‍යෙව්දිනියක් වන කුමාරි කුමාරගමගේ ඇගේ ෆේස්බුක් පිටුවේ මෙස් සටහන් කර තිබිණි.

බලා සිටියා අප
දශක ගනනාවක්
ගනන් හදමින් තර්ක කරමින් හීන දකිමින්
මියගියා උන්, උන්ගේ දරුවන් සියදහස් ගනනින්
ආවෙ නැහැ කවුරුත්ම ….. කිසිවෙක්ම…
මියගියා දෙවියන් නැවතත්…
නැවත නැවතත් වන්නියේ, උතුරුකරයේ,
………..
ඇති ඉතින්
……….
නැවතත් මියෙන තෙක් ඉතිරිවුන්
බලාහිදිමුද
නොදැක්කාමෙන්??

යාපනයේ ඝාතනයත් ඇතුලුව පොලීසිය විසින් සිදුකල එවැනි අපරාධයන් මාධ්‍ය තුළ වාර්තාවී ඇති අන්දම දැකවෙන සටහනක් සදහා පිවිසෙන්න.