iMage: Vikalpa

‘මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ යම් හෙයකින් ජනාධිපතිතුමා, ගලගොඩඅත්තේ ඥාණසාරට හිමිට සමාව ලබා දුනහොත් ඒකෙන් මේ රටේ අධිකරණයට කරන අපහාසයක් වෙනවා සේම මගේ ජීවිතයට සේම, ඉදිරියේදී තිබෙන අනිත් නඩුවලටත් ඒක බලපානවා’ යැයි අතුරුදහන් කරන ලද ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩගේ බිරිද සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මිය අද(30) ප්‍රකාශ කලාය.

සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මිය අද(30) හෝමාගම අධිකරණයට පැමිණ තිබුනේ, 2016 ජනවාරි 25වන දින හෝමාගම අධිකරණයේදී, ගලගොඩඅත්තේ ඥාණසාර විසින්, සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මියට බැණ වැදී, තර්ජනය කිරීමට විරුද්ධව ගොනු කර තිබූ අභියාචනා නඩුවේ තීන්දුව ලබා ගැනීම සදහාය. නමුත් අද දින අධිකරණයේදී එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් නොකළ අතර, එළබෙන පෙබරවාරි 8වන දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා දැනුම් දුන් බව සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මිය පවසා සිටියා ය.

සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මිය දක්වන ලද අදහස් සදහා පහත වීඩියෝවට පිවිසෙන්න.