‘මීට පෙර මහසේත්‍රාත් අධිකරණයේදී තීන්දුව ලබා දෙන විට රජයේ අධිනීතිඥතුමා හොද පැහැදිලි කිරීමක් කළා, අත්හිටවූ සිර දඩුවම සහ සිර දඩුවම හි තියන වෙනස, ඒක ගැන මහාධිකරණ විනිසුරු තුමා ලොකු අවධානයක් ගත් බවක් පෙනෙන්නට නැහැ’යැයි, අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එකැණිලිගොඩ ගේ බිරිද වන සංධ්‍යා එක්ණැළිගොඩ අද(08) හෝමාගම අධිකරණය ඉදිරිපිට දී පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ, 2016 ජනවාරි 25වන දින හෝමාගම අධිකරණයේදී, ගලගොඩඅත්තේ ඥාණසාර විසින්, සංධ්‍යා එක්ණැලිගොඩ මහත්මියට බැණ වැදී, තර්ජනය කිරීමට විරුද්ධව ගොනු කර තිබූ අභියාචනා නඩුවේ තීන්දුව ලබා දීමෙන් අනතුරුවය. ගලගොඩඅත්තේ ඥානසාර පනවා තිබූ බරපතළ වැඩ සහිත මාස 6 ක සිරදඬුවම වසර 5කට අත්හිටුවීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියෝග කර තිබේ.

සංධ්‍යා එක්ණැලිගොඩ පැවසූ අදහස් සදහා පහත වීඩියෝවට පිවිසෙන්න.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වන නඩුව 2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ ලේ බිරිද වන සහ එම නඩුවේ පැමිණිලිකාරියක වන සංධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණ තුළදී බැණවැදී, තර්ජනය කිරීම හේතුවෙන් පසුගිය වසරේ ජුනි 14 වැනිදා ගලගොඩඅත්තේ ඥාණසාරට මාස 6ක සිර දඩුවම් නියම විය.

එසේ සිරදඩුවම් නියම වී තිබියදී, දින 8 කට පසු ඥාණාසර විසින් එම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, එය සලකා බැලූ අධිකරණය ඥාණසාර ඇප මත මුදා හැරියේ ය.

අභියාචනයෙන් පසු ඇප මත මුදාහැර සිටියදී ගලගොඩඅත්තේ ඥාණසාර හෝමාගම අධිකරණය තුළදී අධිකරණයට අපහාස වන අන්දමින් හැසිරීමේ චෝදනාව මත අභියාචනාධිකරණය ඥාණසාරට වසර 19 ක සිර දඩුවමක්, වසර 6 කින් ගෙවී යන පරිදි පසුගිය වසරේ අගෝස්තු 08 වැනිදා නියම කළ අතර එම අභියාචනාධිකරණ තීන්දුවකට අනුව වසර 6ක සිරදඩුවමක් නියමව මේ වන විටත් බන්ධනාගාරගතව සිටියි.

සබැදි සටහන්

[VIDEO] ‘ඥාණසාර හිමිට ජනාධිපති සමාව දුන්නොත් ඒක අධිකරණයට කරන අපහාසයක්’ | සංධ්‍යා එක්ණැලිගොඩ