සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

”මානව හිමිකම් ක්‍රියාධරයින්ට එල්ල කරන ප්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි.”


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියි.

එහි වැඩිදුරටත් සදහන් වන්නේ ‘‘රාජ්‍ය මාධ්‍යන්ගේ වර්තමාන ඉලක්කය බවට පත්ව ඇති සුනිලා අබේසේකර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු යන මෙම මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනාම ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද ස්වකීය ප්‍රජාව තුළ මහත් පිළිගැනීමකට හා අවධානයට පාත්‍රව සිටින, එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම උදෙසා දැවැන්ත කාර්යභාරයක් සහ කැපවීමක් සිදු කර ඇති බව අවිවාදිතය. ඔවුන්ට එරෙහිව රජයේ ඍජු පාලනය යටතේ ක්‍රියාත්මක ජාතික රූපවාහිණිය, අයිටීඑන් නාලිකාව සහ ලේක්හවුස් ආයතනය යන සියල්ලම ඔවුන්ගේ ඡායාරූප ද යොදා ගනිමින් දරුණූ සහ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යමින් සිටී. මෙම දුෂ්ඨ ප්‍රචාරයන්ගේ අරමුණ මෙකී මානව හිමිකම් ක්‍රියාකාරිකයන් එල්ටීටීඊ හිතවාදීන් ලෙස දක්වා ඔවුන්ගේ ජීවිත අනතුරකට හෙළීම බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බිය පළ කරයි.‘‘

මේ එම මාධ්‍ය නිවේදනයයි

මාධ්‍ය නිවේදනය

මානව හිමිකම් ක්‍රියාධරයින්ට එල්ල කරන ප්‍රහාර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ නිෂේධ කිරීමකි.

සුනිලා, සරවනමුත්තු සහ නිමල්කාගේ ආරක්ෂාව පිළිබදවයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනෙකු ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය විසින් ගෙන යන වෛරී සහ උසිගන්වන සුළු ප්‍රහාරයන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

මෙම ප්‍රහාරයන්ට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඔවුන් සහභාගිවීමත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳව සිය අදහස් දැක්වීමත්ය. විරුද්ධ මත දැරීමේ අයිතිය ශ්‍රී ලංකාවේ පුරවැසියනට ව්‍යවස්ථාවෙන්ම හිමි වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ කටයුතු කිරීම අන්තර් ජාතික වශයෙන් පිළිගැනෙන හිමිකමකි.

මෙම අයිතීන් පාවිච්චි කරමින් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ දේශපාලන නායකනායිකාවන් ගණනාවක්ම දශක දෙකකට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අන්තර් ජාතික වශයෙනුත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව දේශීය වශයෙනුත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියහ. ඒ අනුව මෙම මානව හිමිකම් ක්‍රියාධරයින් අතීතයේ දී මෙන්ම වර්තමානයේදී ද කැප වී ඇත්තේ එකම අරමුණක් උදෙසා බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ පිළිගැනීමයි.

අද සාකච්ජාවට බදුන් වී ඇති උගත් පාඩම් කොමිසමේ නිර්දේශ විසින් යළි තහවුරු කර ඇත්තේ ද ශ්‍රී ලංකික පුරවැසියන්ගේ භාෂනයේ, ප්‍රකාශනයේ, සමාගමයේ අයිතීන් තරවුරු කිරීමෙන් තොරව සැබෑ ප්‍රගතියක් අත්කර ගත නොහැකි බවයි. රාජ්‍ය මාධ්‍ය විසින් දියත් කර ඇති බිය ජනක වෛර ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාවට නංවන බවට ආණ්ඩුව විසින් ශපථ කර ඇති උගත් පාඩම් කොමිසමේ නිර්දේශයන් එලිපිටම කෙළෙසීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

රාජ්‍ය මාධ්‍යන්ගේ වර්තමාන ඉලක්කය බවට පත්ව ඇති සුනිලා අබේසේකර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු යන මෙම මානව හිමිකම් ක්‍රියාකාරිකයන් තිදෙනාම ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර තලයේ ද ස්වකීය ප්‍රජාව තුළ මහත් පිළිගැනීමකට හා අවධානයට පාත්‍රව සිටින, එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම උදෙසා දැවැන්ත කාර්යභාරයක් සහ කැපවීමක් සිදු කර ඇති බව අවිවාදිතය. ඔවුන්ට එරෙහිව රජයේ ඍජු පාලනය යටතේ ක්‍රියාත්මක ජාතික රූපවාහිණිය, අයිටීඑන් නාලිකාව සහ ලේක්හවුස් ආයතනය යන සියල්ලම ඔවුන්ගේ ඡායාරූප ද යොදා ගනිමින් දරුණූ සහ අසත්‍ය ප්‍රචාරයන් ගෙන යමින් සිටී. මෙම දුෂ්ඨ ප්‍රචාරයන්ගේ අරමුණ මෙකී මානව හිමිකම් ක්‍රියාකාරිකයන් එල්ටීටීඊ හිතවාදීන් ලෙස දක්වා ඔවුන්ගේ ජීවිත අනතුරකට හෙළීම බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බිය පළ කරයි.

මෙයට පෙර අවස්ථාවන්හිදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගිවීම මත නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාධරයන් රාජ්‍ය මාධ්‍ය මිගින් දියත් කරන ලද මෙවැනිම අසත්‍ය සහ දරුණූ බිය ජනක ප්‍රහාරයන්ට ලක් වූ බවත් එම ප්‍රහාරයන් ද තවමත් පවත්නා බවත් මෙහිදී සඳහන් කරමු.

එැබැවින් අප බලවත් ඕනෑකමකින් යුතුව වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ අයිතීන් පිළිගන්නා ලෙසත් ඔවුන්ගේ ජිවිත අනතුරට හෙළන ක්‍රියාමාර්ගයන්ගෙන් වළකින ලෙසත් ය. විශේෂයෙන්ම රාජ්‍ය වෛර ව්‍යාපාරයන්හි ඉලක්කය බවට පත්ව සිටින සුනිලා අබේසේකර, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නිමල්කා ප්‍රනාන්දු යන අයගේ ආරක්ෂාව තහවරු කිරීම රජයේ වගකීමක් ලෙස සළකන ලෙසත් ය.

සුනිල් ජයසේකර / හනා ඉබ්‍රාහිම්
කැඳවුම්කරු / ලේකම්
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය