end of the War, Featured Articles, Features, Jaffna

ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් 1033ක්, නීත්‍යාණුකූලව අයිති කරගැනීමේ තැතක්


ආරක්ෂක අංශ විසින් යාපනයේ බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් 1033ක් සහ නිවාස රාශියක්, නීත්‍යාණුකූලව තමන්ගේ අයිතියට පවරා ගැනීමට උත්සාහ ගන්නා බව වාර්තාවේ. මෙයින් රජයට අයත් වන්නේ ඉඩම් 29ක් පමණි. ඉතිරිය පෞද්ගලික ඉඩම්ය.

1996 සිට යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15කට අයත් පෞද්ගලික සහ රජයේ ඉඩම් රාශියක් ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබිණ. මෙසේ අත්පත් කර ගත් ඉඩම් වල නීත්‍යාණූකූල අයිතිය තමන්ට ලබා දෙන ලෙස ආරක්ෂක අංශ විසින් සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට ලිපි යවා ඇති බවට වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මස යවා ඇති මෙම ලිපි වලට ප්‍රාදේශීය ලේකම් වරුන් ප්‍රතිචාර නොදැක්වීම නිසා උතුරු පළාත් භාර ආණ්ඩුකාරවරයා විසින් මෙම ලේකම් වරුන්ට බලපෑම් කරමින් සිටියි. ආරක්ෂක අංශ නීත්‍යාණුකූල අයිතිය ඉල්ලා සිටින ඉඩම් සහ නිවාස පිළිබඳ සියළු තොරතුරු තමන්ට ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා, ලේකම් වරුන්ගෙන් ඉල්ලා ඇත.

ආරක්ෂක අංශ විසින් 1996 සිට මේ වන තෙක් අත්පත් කර ගෙන ඇති ඉඩම් සහ නිවාස පිළිබඳ තොරතුරු මෙසේය.

http://euthayan.com/view.php?urldel=backend/html/2012-06-11/01/01_07.gif ලිපියේ සිංහල පරිවර්තනයකි.