සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු! : පෙ.ස.ප උද්ඝෝෂණයේ(Photos)

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය මාසයේ පොරොන්දුවූ පරිදි මාසයක් තුළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට හා පොරොන්දු වූ අධිකරණ ක්‍රියාමාර්ග මේ වන තෙක් ක්‍රියාත්මක නොකිරීමට කිරීමට විරෝධය පාමින් අද(21) සවස, පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින්, ලිප්ටන් වටරවුමේදී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි.

මීට මාසයකට පමණ පෙර දෙමළ දේශපාලන සිරකරුවන් උපවාසයක් ඇරඹූ අතර ඔවුන්ගේ ඉල්ලීම වූයේ තමන්ට චෝදනා තිබේ නම් නඩු පවරන ලෙස සහ චෝදනා නොමැති නම් නිදහස් කරන ලෙසය. මෙම උපවාසය පිළිබඳව පැවැති පාර්ලිමේන්තු සංවාදයකදී මසක් තුළ විශේෂ අධිකරණ 10ක් පිහිටුවා චෝදනා තිබෙන අයට නඩු පැවරීමටත් චෝදනා නොමැති අය නිදහස් කිරීමටත් පියවර ගන්නා බව ආණ්ඩුව වෙනුවෙන් නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා පැවසු බව මාධය්‍ය වාර්තා කර තිබිණී.

නමුත් මේ මස 24වන දිනට එම පොරොන්දුවූ මාසය අවසන් වන නමුත් මේ දක්වාම ආණ්ඩුව සිය පොරොන්දුවට අදාළව කිසිදු පියවරක් ගෙන නොමැති බැවින්, ආණ්ඩුව සිදුකරන මෙම වංචාවට විරෝධය දැක්වීමටත් දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස බල කිරීමටත් අද උද්ඝෝෂණය පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පැවසීය.


Pic by – www.vikalpa.org