end of the War, Featured Articles, Features, Jaffna

හමුදාවේ තවත් ඉඩම් දඩයමක් : කුප්පිලාන් අක්කර 250ක භූමියක් හමුදාව බාරයට.

[Photo by – Virakesari Print Edition]

නැවත පදිංචිවීම සඳහා අනුමැතිය දුන් වලිකාමම් දකුණ කුප්පිලාන් ප්‍රදේශයට අයත් අක්කර 250ක භූමියක් හමුදාව විසින් අත්පත් කර ගෙන තිබෙන බව වීරකේසරී පුවත්පත වාර්තා කරයි.
මෙම භූමිය අවරණය වන ලෙස ස්ථිර කොන්ක්‍රීට් වැටක් ද සවිකර ඇති අතර ඒ සමඟ මෙම ප්‍රදේශයේ නැවත පදිංචිවීම සඳහා එම ඉ ඩම පිළිසකර කරමින් සිටි එහි ජනතාවට හමුදාව තර්ජනය කරමින් මෙම කොන්ක්‍රීට් වැට ඉදි කරමින් ඇත.

වලිකාමම් දකුණ කුප්පිලාන් උතුර, ජේ 211 ග්‍රාමනිළධාරී කොට්ඨාශයට අයත් මෙම ප්‍රදේශයේ 2011 වර්ෂයේ ඔක්තෝබර් මස වන විට මුලුමනින්ම බිම්බෝම්බ ඉවත් කර ඇති බවට සහතිකයක් ලබා දී ඇති අතර එහි නැවත පදිංචිවීමට ද අවසර ද ලබා දී තිබිණී. එසේම මෙම ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක උපකාරයෙන් නැවත පදිංචිකිරීමේ කටයුතු ආරම්භ කර, එහි නිවාස කිහිපයක් අර්ධවශයෙන් නිමකර ඇති අතර තුර මෙම තත්ත්වය උදා වී ඇතැයි ජනතාව පවසයි.

එසේම එවකට පැවති යුදමය අවශ්‍යතාවයන් සඳහා ඉදි කර තිබූ පස් බැමි ඉවත් කරමින් සිටි හමුදාව මෙම මස මුල එකවරම එය නවතා දමා මෙසේ කොන්ක්‍රීට් වැටක් ඉදි කරමින් මෙම අක්කර 250කට අයත් භූමිය ඔවුන් සන්තකයට ගැනීමට සූදාන්ම වන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබද එම ජනතාව විසින් රාජ්‍ය ආයතන සහ අනිකුත් සංවිධාන වෙත පැමිණිලි කර ඇති අතර මේ වන විට එයින් කිසිදු ප්‍රථිඵලයක් අත්වී නැතැයි එහි ජනතාව පවසයි. 1990 වර්ෂයේ මෙම ප්‍රදේශයේ සිට අවතැන් වූ ජනතාව මේ දක්වා සිය ඥාතීන්ගේ නිවෙස්වල සහ කුලී නිවෙස්වල ගතකරමින් සිටින අතර වව්නියා, උරුම්බිරායි සහ කුප්පිලාන් දකුණ අදී ප්‍රදේශවල මේ වන විට සරණාගතයන් වශයෙන් ජීවත්වන මෙම ජනතාවට නැවත පදිංචිවීම සඳහා අනුමැතිය මෙන්ම මුදල් ආධාර ද ලබා දී තිබුණත් හමුදාව විසින් මෙම ප්‍රදේශය බලහත්කාරයෙන් ආක්‍රමණය කරමින් සිටින නිසා මෙම ජනයා ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වී ඇත.