Anuradhapura, සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‘කකුල්වලට දම්වැල් දමා, හිස බූගා, ඇහිබැම ඉවත්කර, ‘කෝමා’ තත්ත්වයේ සිටින්නේ, වසර 04ට පෙර අතුරුදහන් වූ මගේ පුතායි.’


‘කෝමා’ තත්ත්වයේ, කකුල් වලට දම්වැල් දමා සිටින මුත්තුරාසා දිල්රුක්ෂන් අවුරුදු 04ට පෙර අතුරුදහන් වූ තමාගේ පුතා බව මන්නාරම ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ පදිංචි පස්දරු මවක් වන මුත්තුරාසා රීසා(47* පසුගිය 07 වනදා සවස මහර බන්ධනාගාරයේ දී ප‍්‍රහාරයට ලක් වීමෙන් පසු රාගම රෝහලේ දී සිටියදී හඳුනාගෙන ඇත.

ඊයේ (09* මෙම කාන්තාවත්, ඇයගේ ස්වාමිපුරුෂයා වන අන්තෝනි මුත්තුරාසාත් (49*, දරුවන් තිදෙනොත් සහ සමීපතම ඥාතීන් දහදෙනෙකුත් මන්නාරම නගරයට පැමිණියේ මන්නාරම අගරදගුරු රායප්පු ජෝශප් සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී විනෝ නොගරාදලින්ගම් යන අය හමු වී තමන්ගේ පුතා බේරා දෙන ලෙස ආයාචනයක් කිරීමටය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙසේය,

අද ‘කෝමා’ තත්ත්වයේ පසුවන මුත්තුරාසා දිල්රුක්ෂන්, 2006 වර්ෂයේ දී රැුකියාවක් කිරීම සඳහා කටාර් බලා පිටත් වී ඇත. දුර රටක සිටිය ද ඔහු මන්නාරම, ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ සිටින තම පවුලේ අය සමග පැවති සම්බන්ධතාවය අතහැර නොමැත.

නමුත් 2007 නොවැම්බර් මස 28 වන දින ලංකාවට පැමිණ, තම පවුලේ සාමාජිකයන් බැලීම සඳහා බෝට්ටුවකින් පේසාෙලෙ ඔස්සේ මන්නාරම බලා පැමිණෙන විට නාවික හමුදාව විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත. පසුව මුරුන්ගන්, කලිමෝට්ෙටෙ, පුලියන්කුලම් ප‍්‍රදේශයේ තිබූ රැුඳවුම් කඳවුරක මොහුව රඳවා තබා ගෙන ඇති අතර, එම අවස්ථාවේදීත් ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග නිරන්තර ලියුම් ගනුදෙනුවක් ඔස්සේ සම්බන්ධතාවය පවත්වාගෙන ගොස් ඇත.

වන්නි ප‍්‍රදේශයේ හමුදාව දියත් කළ යුද්ධයේදී ඉලූප්පයිකඩවෛ ප‍්‍රදේශයේ සිට අවතැන් වූ මොහුගේ පවුලේ සාමාජිකයන් ඉරුට්ටුමඩු ප‍්‍රදේශයේ අවතැන් වී පසුව මැණික් ෆාම් කඳවුරේ කලාප අංක 04 හි රඳවා ඇත. දිල්රුක්ෂන් සහ පවුලේ සාමාජිකයන් අතර පැවති සම්බන්ධතාවය අතහැරී ගොස් ඇත්තේ එවිටය. මොහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් ජාත්‍යන්තර රතු කුරුස සංගමයට සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කොට ඇතත්, කලිමෝට්ෙටෙ කඳවුරේදී මොහු අතුරුදහන් වූ අවස්ථාවේ සිට අවුරුදු 04ක් පුරා මොහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැත.

මෙවැනි තත්ත්වයක් යටතේ, දිල්රුක්ෂන් රාගම රෝහලේ ‘කෝමා’ තත්ත්වයේ පසුවන බවට, පසුගිය 05 වෙනිදා දෙමළ පුවත්පතක පළවූ පුවතක, පවුලේ සාමාජිකයන් දැක ඇත. පසුව මොහුගේ මව වන රීසා පසුගිය 07 වෙනිදා සවස රාගම රෝහලට ගොස් ඇත. මුලින්ම බන්ධනාගාර නිළධාරීන් විසින් රෝහලට ඇතුළු වීමට ඇයට අවසර දී නැත. නමුත් පසුව රෝහලට ඇතුළුවීමට අවසර දී ඇති අතර එහිදී ‘කෝමා’ තත්ත්වයේ සිටින තරුණයා, 29 හැවිරිදි තම පුතා බව මව විසින් හඳුනා ගෙන ඇත.

රාගම රෝහලේ හදිසි ප‍්‍රතිකාර අංශයේ, කකුල්වලට දම්වැල් දමා සිටින පුතාගේ හිසේ කෙස් බූ ගා, ඇහි බැම ඉවත් කර ඇති බව දිල්රුක්ෂන්ගේ මව පවසයි. (උපුටා ගැනීම – තිනක්කුරල් 2012 ජූලි 10)

[Photo by – www.vikalpa.org]