සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‘මුලනට කිරි – අපට කැකිරි‘ – උපාධිධාරින් මහපාරේ[Photos/Video]

රැකියා විරහිත උපාධීධාරි සංගමය විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(09) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. මූලිකව ඔවුන්ගේ බලකිරීම වූයේ 2010 සහ 2011 වසරවල උපාධිධාරින්ට වහාම රැකියා ලබා දෙන ලෙසත් කිසිම විටකත් දේශපාලන පත්වීම් ලෙස උපාධිධාරීන්ට රැකියා ලබා දීම නොකරන ලෙසත් ය.

මෙම උද්ඝෝෂණය කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්වෙන අතරතුර විශාල පොළිස් බල ඇණියක් සමග කැරලි මර්ධන කණ්ඩායම් මෙන්ම ජල ප්‍රහාරක රථද සූදානම්ව තිබෙනු දක්නට ලැබිණි. කෙසේ නමුත් ඔවුන්ගේ ඉල්ලීම වූයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්, ජනාධිපති ලේකම් හෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙකු සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි. නමුත් පැයක පමණ කලායක් පොලීස් නිළධාරීන් සමග බහින්බස් වූ උපාධිධාරීන්ට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයෙක් සමග සාකච්ඡාවක් ලැබුණු අතර ඉන් පසු එම උද්ඝෝෂණය තාවකාලිකව නවතා දමන ලදි.

මේ එම උද්ඝෝෂණයේ ඡායාරෑප සහ වීඩියෝ සටහන් ය.

More Photos

Video
[youtube]http://www.youtube.com/watch?v=zpawiMqWTTQ&feature=plcp[/youtube]