සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවේ කුලීකරැවන් අධිකරණයට අපහාස කරමින් විරෝධතාවයේ | පොලීසිය බලා සිටීයි[Photos]

අගවිනිසුරුවරිය අද(04) උදෑසන තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව යන මොහොතේ අගවිනිසුරැවරියටත්, අධිකරණයටත් අපහාස වන අයුරැන් සටන් පාඨ කියමින් පෝස්ටර් ආදිය රැගත් පිරිසක්ද අධිකරණය ඉදිරිපිට මාර්ගයේ විරෝධතාවයේ නිරත විය.

ඔවුන් අතර කොළඹ අවට පාතාල මැරයන් ද සිටින බවට ඇතැම් නීතිඥවරැන් ප්‍රකාශ කළේ ය. මොවුන් මෙම ස්ථානයට රැගෙනවිත් ඇත්තේ ආණ්ඩු පක්ෂයට අයත් ඇමතිවරැන් බවට විරෝධතා කරැවන්ම සිදු කල කතාවලින් පැහැදිලි විය.(මෙහි වීඩියෝ පටය තුළින් එය පැහැදිලි වේ – ඉතා ඉක්මනින් මෙහි වීඩියෝව විකල්ප තුළින් බලාපොරොත්තු වන්න)

විශේෂය වන්නේ අධිකරණයට සහ අගවිනිසුරැවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අපහාස කරන පුද්ගලයන් දෙස පොලීසය නිහඩව බලා සිටීමය.

මේ එහි ඡායාරෑප සටහන යි.

මෙහි සම්පූර්ණ වීඩියෝ සහ ඡායාරෑප සටහනක් ඉතා ඉක්මනින් විකල්ප තුළින් බලාපොරොත්තු වන්න

සම්පූර්ණ ඡායාරෑප සටහන