Democracy, Features, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and reconciliation

‘මේවා අපේ ඉඩම්‘ | වලිකාමම් ජනයා වීථි බසියි(Photos)

IMG_0145

යාපනය, වලිකාමම් ප්‍රදේශයේ ඉඩම් ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගැනීමට විරෝධය පාමින් දහස් ගණනක් ජනතාව ඊයේ (29) උදෑසන පමණ තෙල්ලිපලෙයි ප්‍රදේශිය ලේකම් කාර්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විය.

එම විරෝධතාවයට සහයෝගය පලකරමින් දෙමළ ජාතික සන්ධානයෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා, එම්. ඒ සුමන්දිරන්, ශ්‍රී දරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික ජනතා පෙරමුණයෙහි ගජේන්ද්‍රන්, ද්‍රවිඩ විමුක්ති සන්ධානයෙහි මහ ලේකම් ආනන්ද සංකරි, ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණයෙහි බාස්කරන් ඇතුළු දේශපාලනික නායකයන්ද එම විරෝධතාවයට එක් වි සිටි අතර විරෝධතාවය අතරතුර පොලීසිය විසින් විරෝධතාකරැවන්ට බාධාකිරීම් සිදුක කල අතර එහිදී ඉතා උණූසුම් තත්ත්වයක් හට ගත්තේය.

කෙසේ වෙතත් මෙම විරෝධතාවයට තවත් විශාල පිරිසක් පැමිණිමට නියමිතව තිබූ නමුත් ඊට පෙරදින හමුදා බුද්ධි අංශ යැයි හදුන්වා ගත් පිරිසක් ඒ ඒ ප්‍රෙද්ශව බස්රථ රියදුරන්ගේ නිවෙන්වලට ගොස් එදින් බස්ධානය කිරීමෙන් වලකින ලෙස තර්ජනය කර ඇති බවත් වාර්තා විය.

එම විරෝධතාවයේ සම්පුර්ණ විස්තර ඇතුලත් සටහනක්(වීඩියෝ සමග) ඉතා ඉක්මනින් ‘විකල්ප‘ තුළින් බලාපොරොත්තුවන්න

DSC_0042

DSC_0061

IMG_0054

සම්පූර්ණ ඡායාරෑප සටහන

@VIKALPA