Colombo, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

නගර සංවර්ධනය සදහා කෝවිල ඉවත් කර ‘රථගාලක්’

කොළඹ, කොල්ලූපිටිය පෙරේරා මාවතේ අරලියගහ මන්දිරයට පිටුපස පිහිටා තිබෙන අවුරුදු 80ක් පැරණි අයිතිහාසික ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස නගර සංවර්ධන අධිකාරිය නියෝග කර ඇත. ඒ අනුව ඊයේ(12) ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිලේ තිබුණු පිලිම ඉවත් කර වෙනත් තැනකට රැගෙන යාමට කෝවිල් පරිපාලන පියවර ගත් බව පැවසේ.

1928 දී මෙම කෝවිල ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා ඉඳි කර ඇති අතර දැන් කොළඹ නගරයේ සංවර්ධනය කිරීම සඳහා මෙම කෝවිල පිහිටි ඉඩම අවශ්‍ය බවත් එම නිසා වහාම මෙම කෝවිලට වෙන්කර තිබෙන නවම් මාවතට ඉඩමට රැගෙන යන ලෙස නගර සංවර්ධන අධිකාරිය කෝවිල් පරිපාලනයට නියෝග කර ඇත.

එසේම දැනට කෝවිල තිබෙන ඉඩම් කොටසේ කොළඹ මහ නගර සභා රථ ගාලයක් ඉඳි කිරීමට තීරණයක් කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.

කොවිලේ දේව රෑපය ඉවත් කරගත් අවසාථාව
කොවිලේ දේව රෑපය ඉවත් කරගත් අවසාථාව

නගර සංවර්ධන අධිකාරියේ නියෝගය ප‍්‍රතික්‍ෂේප කළ කෝවිල් පරිපාලනය කෝවිල සඳහා කොල්ලූපිටියේ නෙල්සන් මාවතේ ඉඩම් කොටසක් දෙන ලෙස ඉල්ලා තිබෙන අතර කෝවිල් පරිපාලනයේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ අධිකාරිය කෝවිල ඉවත් කිරීම අනිවාර්ය බව පවසා තිබේ.

මේ පිළිබඳව ‘විකල්ප‘ වෙත අදහස් දැක් වූ ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල් භාර පාලනාධිකාරී බාලකි‍්‍රෂ්ණන් මහතා
:

‘1928 සිට අද දක්වා ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල කොල්ලූපිරිය පෙරේරා මාවතේ පිහිටා තිබුණා. 1945 වර්ෂයෙන් පසු සෑම අවුරුද්දම උත්සව පවත්වා ශී‍්‍ර පූමාරි අම්මන් මෑණියන්ගේ ආශිර්වාදය අපේ ජනතාව ලබා ගනිමින් සිටියා. මෙම කෝවිලට සෑම ජාතියටම අයත් ජනතාව පැමිණ වැඳ පුදා ගැනීම විශේෂත්වයක්.’

‘ඒත් දින 10 කට පෙර නගර සංවර්ධන අධිකාරිය විසින් අප වෙත ලියුමක් යොමු කර, රටේ සංවර්ධන කි‍්‍රයාමාර්ගයට කෝවිල් ඉඩම අවශ්‍යවන බවත් දින 10කින් කෝවිල ඉවත් කරන ලෙසත් ඒ ඔස්සේ නියෝග කර තිබෙනවා. ඒ සඳහා වෙනත් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස අප කළ ඉල්ලීමට නවම් මාවතේ ඉඩම් කොටසක් වෙන් කර ඇති බව දැන්වූවා. නවම් මාවතේ වෙන් කර ඇති ඉඩම කෝවිල් ඉඳි කිරීමට සුදුසු තැනක් නෙමෙයි. එම ප‍්‍රදේශය පිරිසිදු පරිසරයකුත් නෙවෙයි. ඒ නිසා අපි කොළඹ 3 ප‍්‍රදේශයේ ඉඩම් කොටසක් අපි ඉල්ලා සිටියා. නමුත් නගර සංවර්ධන අධිකාරිය ඒ පිළිබඳව කිසිඳු සැළකිල්ලක් දැක්වූවේ නැහැ. නගර සංවර්ධන අධිකාරිය දුන් දින 10 ක කාල සීමාව ඊයෙන් අවසන් වුණා. නමුත් අපි තව දින 10ක කාල සීමාවක් අධිකාරියෙන් ඉල්ලා සිටියා. දෙන්න බැහැ කිව්වා. එම නිසා වෙනත් කි‍්‍රයාමාර්ගයක් නොමැතිව ශී‍්‍ර පූමාරි අම්මන් මෑණියන්ගේ පිලිමය ඉවත් කර ආමර් වීදියේ තිබෙන නිවසක තැබීමට තීරණය කරා. පසුව විශේෂ පූජාවෙන් පසුව පිලිම ඉවත් කරගෙන ගියා.’

‘අපි හිතන්නේ මේවා ඉතාමත් වැරැදි කි‍්‍රයා මාර්ග කියලයි.’

ඒ සමඟ නැෙඟනහිර තිබෙන උගණ මුරුගන් කෝවිල අසල බෞද්ධ විහාරයක් ඉඳි කිරීමට කටයුතු කරන බව ආරංචි මාර්ග පවසයි. මෙයට ලාහුගල ප‍්‍රාදේශ ලේකම් සහ පානම විහාරයේ විහාරාධිපති ඇතුළු කණ්ඩායමක් උත්සහ දරණ බව ජනතාව චෝදනා කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක් පැවසූවේ,” ‍ෛඑතිහාසිකව හින්දු බැතිමතුන් විසින් වන්දනා කරමින් සිටින උගණ මුරුගන් කෝවිල පිහිටා තිබෙන පරිසරයේ විහාරයක් ඉඳි කිරීම කිසි සේත්ම අනුමැති කරන්න බැහැ. මෙය ඉතා මතා හින්දු ජනතාවගේ හිතට වේදනා ගෙන දෙන්නක්‘‘ බව ඔහු පැවසීය.

මේ පිළිබඳව විකල්ප වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර පොන්. සෙල්වරාසා :

‘උගණ මුරුගන් කෝවිල පරිසරයේ විහාරයල් ඉඳි කිරීමට අපි අනුමැතිය දෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි අම්පාර දිස්ති‍්‍රක් දිසාපති දැනුවත් කර අපේ කණසල්ල පළ කළා. ඒ මොහොතේ දිසාපතිතුමා පැවසුවා, විහාරාධිපතිවහන්සේ පෙත්සමක් භාරදුන් බවෙ. එම පෙත්සමෙන්, උගණ කෝවිල අසල ඉඩම් අක්කර කිහිපයක් අවශ්‍ය බවත් ඔවුන් විහාරයක් ඉඳි කිරීමට යන බවත් පොසොන් පෝය දිනයට පෙර එම ප‍්‍රදේශයේ බෝධීන් වහන්සේ රෝපණය කිරීමට යන බවත් කියා තිබෙන බවත් ඔහු පවසා සිටියා. ඉන් පසු කෝවිල් පරිපාලනය හා ප‍්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා නොකර ඉඩම් වෙන් කරන්න බැරි බව විහාරාධිපතිවහන්සේට දිසාධිපති තුමා දැනුම් දුන් බව අප වෙත ඔහු දන්වා සිටියා.’

‘නමුත් කිසිඳු අවස්ථාවක උගන කෝවිල් පරිසරයේ විහාරයක් ඉඳි කිරීමට ඉඩ නොදෙන බව දිසාපතිතුමා අප වෙත ප‍්‍රකාශ කළා.පසුගිය ජූනි පළමු වෙනිදා රාති‍්‍රයේදී මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පිහිටි කුරුක්කල් මඩම් ශී‍්‍ර සෙල්ල කදිර්කාමර් කෝවිල, මාංකාඩු පිල්ෙලෙයාර් කෝවිල, කිරාන් කුලම් අයියනාර් කෝවිල, පාණ්ඩිරුප්පු ත‍්‍රව්පදි අම්මන් කෝවිල යන කෝවිල් හතරක් කඩා එහි තිබූ පිලිම වලට නාඳුනන පිරිස හානි කර තිබුණා. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනමුත් තවම කිසිඳු සැකකරුවෙක් අත් අඩංගුවට පත්වී නැහැ.’