සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Kilinochchi, Life quips, Media

ප්‍රභාකරන්ගේ පියාගේ අවමගුල් උත්සවයේදී ලංකාපේලි අත්අඩංගුවට.

අද(10)උදෑසන එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියා වූ තිරුවේනගදම් වේලුපිල්ලේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වෙමින් සිටි මාධ්‍යසේවක වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි මහතා වැල්වැටිතුරෙයි පොළිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අවමගුල් උත්සවයට ලංකාපේලි මහතා සහභාගී වී ඇත්තේ වික්‍රමභාහු කරුණාරත්න මහතාගේ නව වමාංශික පෙරමුණ නියෝජනය කරමින්ය.

කටඋත්තරයක් ලබා ගැනීමට යැයි පවසා වැල්වැටිතුරෙයි පොලීසිය විසින් රැගෙන ගොස් ඇති ලංකාපේලි මහතා, මේ වන විටත් පොළිසිය තුළ රඳවාගෙන ඇතැයි වාර්තාවේ.