ශෙල් වෙඩිවලට

කැඩී කුඩු වුණ

අඩපන හදවත්හි

මැරී ඉපදෙන

–

බලාගෙන ඉන්නා මායිමක්

අහිමි කළ ජීවිතයේ

මායිම ලකුණු කළ

උත්තරධ්‍රව දෙමළා

යළි යළිත් නොබියව

දෙපයින් උන්නා

–

වා නම් වා පෝ නම් පෝ

කම් ඕ ගෝ චිකාගෝ

හිතන්නට හිය්ය දුන්

හදවතේ සිහිනය

තුවක්කුවෙන් දොර වැසිය නොහැකිය.

–

උත්තරධ්‍රැවයට ඉර පායා

දක්ෂිණධ්‍රැවයේ සිංහලයාට

සහෝදර පාඩමක් කියයි

දෙමළාගේ සවිමත් හදෙන්

–

උඔලට වඩා අපිට

හදවත් ගිනිගෙන දැවුනට

අපිටත් වඩා උඔලට

නපුරක් පිටු පසින් හරහට

–

බොහෝ දේ නැති උණත් දෙමළට

මිය නොගිය සිහිනයකි හදවත

–

හොරනෑ වෙඩි හඬ නැගුනට

ගිනිබිඳ දමා ඇත හදවත

උතුරෙන් උගත යුතු පාඩම

දකුණෙන් සිහල පීඩිත

හදකට උස් හඬක් නෑසෙන මානයක

udayaඋදය ආර්. තෙන්නකෝන් | Udaya R Thennakoon