Anuradhapura, Arts and Theatre, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and Conflict

‘බියෙන් අත් මිදෙමු‘ ගීතමය අභියෝගය පිළිබද | ජයතිලක බණ්ඩාරයන් සමග

[Image : Vikalpa file]

”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද
රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද”

‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ, ඊනියා දේශප්‍රේමය යැයි කියා ගනිමින්, සිය දහස් ගණන් මිනිසුන් මරා දමන විටදී ය. දේශප්‍රේමය යැයි කියමින් බහුතරයක් කලාකරැවන් යැයි කියා ගන්නා පිරිස් ඝාතනයට පක්ෂව වේදිකාවල ජය ගීත ගායනා කරද්දී ය. ඔහු එයට විරැද්ධව – මරණයට එරෙහිව, ජීවිතය වෙනුවෙන් ගැයුවේ ය. පෙනී සිටියේ ය. කථා කළේ ය. ඒ මහපාරේ ය. උතුරේ ද දකුණේ ද මිනිසුන් සමග සාධු ජනරාවය ප්‍රසංගයෙන් ය.

අද ද ආණ්ඩුවේ හිරගෙයක් තුළ පහර දී නිමළරෑබන් නම් රැදවියා මරා දමන විට,
‘නිරතුරැව පිටු පසින් මරැ බලා හිටියාද,
නිල් අහස අදුරැ වී වහින්නට හැදුවාද,
හිරගෙදර මහ බිත්ති කම්පිතව හැඩුවා ද,
නිමළරෑබන් මැරැව ඝාතකයෝ කවුරැනද?
යැයි ගැයුවේ ය. එපමණක් ද නොවේ, මානෙල් මල් පිදූ ආණ්ඩුවේ හමුදාව විසින් රතු පස්සවල ජනයාට, වෙඩි තබද්දී එයට එරෙහිව ගැයුවේ ය.

ඒ සැබැවින්ම බලය, මුදල් පසුපස නොගොස් මිනිසුන්ගේ ජීවිතය, නිදහස, යුක්තිය වෙනුවෙන් සිය අරගලය අත්නොහැර තවමත් ඒ වෙනුවෙන් පෙනී සිටින අපුරැ මිනිසා ය.

ජයතිලක බණ්ඩාර නම් කලාකරැවාය.

අයුක්තිය, අසාධාරණය සෑම තැන්හීම වෙලා ගනිද්දී, බහුතරයක් කලාකරැවන් අරලිය සෙවනේ ‘මහරජානෝ’ යැයි කියමින් දෙපා දෝවද්දී, එයට අභියෝග කරමින්, එයට එරෙහිව සිය අරගල බිමට අලුත් ගීතමය අභියෝගයක් එක් කිරීමට ජයතිලකයන් අද දවසේ සූදානම් වෙයි. ඒ ‘බියෙන් අත් මිදෙමු‘ නම් ගීතමය අභියෝගයයි. එහි ආරම්භක පියවර ලබන නොවැම්බර් 18 වනදා, සවස 06.30ට, අනුරාධපුර, ශාන්ත ජෝෂප් දෙව් මැදුරේ රංග ශලාවේදී පැවැත් වෙයි. එයට ආරාධනා කරමින් ජයතිලකයන් ඒ පිළිබදව මේසේ පවසයි. ‘අපි දිගින් දිගටම පෙනී හිටියේ මේ ලෝකය, සමාජය යහපත් තැනක් බවට පත් කරන්නට. ලෝකය යහපත් තැනක් බවට පත් කරන්නට නම් මිනිසුන්ගේ තිබෙන බිය තුරන් කළ යුතුයි. ආසාධාරණයට, අයුක්තියට එරෙහිව නැගී සිටීම තුළින් තමයි ලෝකය වෙනස් කරලා තිබෙන්නේ‘‘ යැයි ‘බියෙන් අත් මිදෙමු‘ නම් අලුත් ප්‍රසංගය පිළිබදව විකල්ප වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ජයතිලක බණ්ඩාරයන් පවසයි. පහත පළවන්නේ ජයතිලකයන් සමග විකල්ප වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහනයි.

Biyen Athmidemu