[Video Interview]

“පොදු රාජ්‍ය මණ්ඩලය යටත්විජිතවාදී ඉතිහාසයකින් එන එකක්. ඒ තුළ සුවිශේෂි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරැණු තියනවා යැයි කියලා කියන්න මට නම් අමාරැයි. නමුත් ජගත් මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් ගැන නමින්වත් ඉන්න අවශ්‍යයි. නමුත් පොදුරාජ්‍ය මණ්ඩලය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්ම ක්‍රියාකරනවා කියලා කියන්න ඉතිහාසයක් නෑ. අනිත් එක එවැනි දේශපාලනික කර්තව්‍යන් ඉටු කරන්න යාන්ත්‍රණයක් නෑ. විශේෂයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයට නම් තියනවා. නමුත් අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්නේ මේ රටේ ජනතාව. දැන් අනිත් පැත්තෙන් දැන් මේ රටේ තිබෙන ත්ත්වයෙන් වාසි විදින කොටස් ඉන්නවා. ඒ කොටස්වලට උවමනාවක් තියනවා මේ රටේ තිබෙන අඩුපාඩු හංගන්න. දැන් හිගන්නන් නගරයෙන් බලෙන් අරංගිහිල්ලා හංගනවනේ. අපේම පුරවැසියෝ. විදේශ අය එනවා කියලා අපේම පුරවැසියෝ බලෙන් උස්සං ගිහින් හංගනවා. හංගන සංස්කෘතියක් තියනවා බලවතුන් අතර. එතනයි මෙතන තිබෙන ලැජ්ජාව. ඒ ලැජ්ජාවත් හංගන්න හදනවා. එක පැත්තකින් අපිට ආධාරත් අවශ්‍ය කියනවා. අනික් පැත්තෙන් අපි දුප්පත්කම හංගන්න හදනවා.” යැයි, මෙම සතියේ 15වනදා නිළ වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වන CHOGM හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින්ගේ සමුලුව පිළිබදව, දකුණු ආසියාතික නිදහස් මාධ්‍ය සංගමයේ[SAFMA], ශ්‍රී ලංකා පාර්ශවයේ සභාපති, මෙන්ම ජේ්‍ය්ෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන ලක්ෂ්මන් ගුණසේකර මහතා, ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් දැක්වේ.

සැලකිය යුතුයි | මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 2013 නොවැම්බර් 05වන අගහරැවාදා බව සලකන්න.