සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 5ක් ඉක්ම යන විට ලසන්තගේ ඝාතකයන් හෙළි කරන ලෙස බල කරමින් වැඩසටහනක්, දෙහිවල අත්තිඩියේ දී ඊයේ(09) පැවැත්විණි. සමගි බලය සංවිධානය කර තිබූ එම වැඩසටහනේ දී ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරැ ලාල් වික්‍රමතුංග, ලසන්ත ඝාතනය පිළිබදව විශේෂ ප්‍රකාශයක් කළේ හිටලු හමුදාපති සරත් ෆොන්සේකා, ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂ ඇතුලු ප්‍රභලයින් පිළිබදව ද සදහන් කරමිනි. ලාල් වික්‍රමතුංග ගේ එම ප්‍රකාශයත් මෙන්ම ලසන්ත ඇතුළු විශාල ප්‍රමාණයක් ඝාතනය කිරීමෙන් පසු ලංකාවේ පවතින තත්ත්වය පිළිබදව අදහස් දක්වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරැ සුනිල් ජයසේකරගේ ප්‍රකාශයත් ඇතුලු ලසන්ත ඝාතනයෙන් වසර 5ක් ඉක්මයන මොහොතේ ‘විකල්ප‘ වෙබ් අඩවිය තබන සටහනකට ද පාඨක ඔබට පහත වීඩියෝව තුළින් පිවිසිය හැකිය.

‘‘ලසන්තගේ ඝාතකයන්ට නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවහම, මට නිසි ආකාරයේ පිළිතුරක් ලැබුනේ නෑ..‘‘

– ලාල් වික්‍රමතුංග

පහත පළවන්නේ එම වැඩසටහනේ ඡායාරෑප සටහනයි.


Created with Admarket’s flickrSLiDR.