Image Credit: Thyagi Ruwanpathirana

(කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප‍්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප‍්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු)
##
බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය විසින් 2014 ජුනි මස 15 දින අලූත්ගම නගරයේදී පවත්වන්නට යෙදුනු රැස්වීමෙන් අනතුරුව ජනවාර්ගික කෝලාහලයක් ඇති විය. මෙම රැස්වීම පැවැත්වීම, ප‍්‍රචන්ඩකාරී ක‍්‍රියාවන්ට තුඩු දිය හැකි බව පොලිසියට හා රාජ්‍ය නිළධාරින්ට දැනුම් දුන්නද ඔවුන් එය වැලැක්විම සඳහා කිසිදු පියවරක් ගත්තේ නැත. මුලූ රටම කම්පනයට පත්කළ මෙකී සිද්දීයෙන් අනතුරුව එම සිදුවීම වාර්තාගත කිරිමේ අරමුණින් කාන්තා කණ්ඩායමක් එම ප‍්‍රදේශයට ගොස් විපතට පත්වු පුද්ගලයින් ගණනාවක් හමුවි තොරතුරු රැස්කලහ.

පහතින් දක්වා ඇත්තේ එම වාර්තාවයි.

[*තොරතුරු සැපයූවන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඔවුන්ගේ නම් ගම් හෝ වෙනත් අන්‍යතාවයක් සඳහන් කිරිමෙන් වැළකී ඇත.]

”15.06.14 දින මධ්‍යම රාත‍්‍රී 12.00 ට පමණ වැලිපිටිය මුස්ලිම් දේවස්ථනයේ භාරකාර මණ්ඩලය විසින් දේවස්ථානය විනාශ කිරිම සඳහා මැරවරයින් පිරිසක් පැමිණෙමින් සිටින බව නිවේදනය කරන ලදී. මෙම නිවේදනයක් සමගම ප‍්‍රදේශවාසී පිරිමින් ඔවුන්ගේ දරුවන් හා කාන්තවන් රැගෙන පල්ලිය වෙත පැමිණ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පල්ලිය තුල රඳවා තැබුහ. ඉන් අනතුරුව පිරිමින් පල්ලියෙන් පිටතට පැමිණ පල්ලිය ආරක්ෂා කර ගැනීමට රැදි සිටියහ. ස්වල්ප වේලාවකට පසු 2000 ක පමණ කණ්ඩායමක් පෙළපාලියකින් ”ධර්ගා නගරයේ මුස්ලිම් පල්ලිය විනාශ කරමු”. දර්ගා නගරය සිංහල ගමක් බවට හරවමු. වැනි සටන් පාඨ කියමින් පල්ලියට පහර දී ඇත. මගේ පුතාටද පහර එල්ලවී ඇත. මට පුතුන් 4 දෙනෙකි. මගේ ස්වාමිපුරුෂයාගෙන් වෙන්වී ජිවත් වෙමි. මට අවසාන පුතා ලැබීමෙන් පසු මොහු මා අත්හැර ගිය අතර මම ඉන්පසු ඉතා දුක් මහන්සියෙන් දරුවන් 4 දෙනා රැකබලා ගෙන ජීවත් වෙමි.

‘‘මගේ අවු 20, 17 වයස්වල අවිවාහක පුතුන් දෙදෙනාද පෙරකී නිවේදනය අසා පල්ලිය ආරක්ෂා කිරිමට ගියහ. ඔවුන් ගෙදරින් පිටත්වී ස්වල්ප වේලාවකට පසු වෙඩි ශබ්ද ඇහුණා. එවිට මම මගේ දරුවන් සොයාගෙන ගියා. එහිදී මට ඔවුන් සොයා ගත නොහැකි වු නිසා වහා ගෙදර ගොස් ඔවුන් වෙනුවෙන් යාඥා කලා. වෙඩි තබන ශබ්දය පුරා පැය දෙකක් මට ඇහුණා. ජුනි 16 දින පාන්දර 3.00 ට පමණ මගේ පුතාගේ කකුලට වෙඩි වැදී ඇති බවත් රෝහල් ගත කර ඇති බවත් දැන්වුවා. මෙය දැනගත් පසු මා අසරණ වුනා. ඉන්පසු මගේ පුතා දෙවැනි පුතා ට කිව්වා මා රෝහල වෙත ගෙන යන ලෙස. නමුත් මට දැනගන්නට ලැබුනේ කලූතර නාගොඩ රෝහලට පුතා ඇතුලත් කර ගන්නට අකමැති වු නිසා කොලඹ රෝහලකට රැගෙන ගොස් ඇති බැවින් එහි යා නොහැකි වුනා. දින දෙකකට පසුව පුතා මට දුරකථනයෙන් කතා කොට කීවා මගේ දෙවැනි පුතා ගේ කකුල ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කළ යුතුව ඇති බවත් ඒ සඳහා මාගේ කැමැත්ත අවශ්‍ය බවත්, දැනුම් දුන්නා. ඇය තවදුරටත් කියා සිටියේ දෙවැනි පුතා බැලීමට වැඩිමහල් පුතා යන අවස්ථාවේ දී මැර කණ්ඩායම් විසින් ඔහුට ද පහර දී රු 2000 පැහැර ගත් බවයි.‘‘ එපමණක් නොව මැරවරයින් ඔහුගේ ඇදිවත උණා දමා නිරුවත් කොට ඇත.

‘‘මම මගේ ළමයි හදාවඩා ගත්තේ ඉතාමත් දුකසේ. මට විශ්වාස කරන්න බෑ මගේ අවු 20 ක පුතාගේ කකුලක් නෑ කියලා මට කකුලක් නැති මගේ පුතා බලන්න බැහැ.‘‘ එසේ කියමින් ඇය හඩා වැලපුණාය.

වැලිපිටියේදි සිදු කල ජනවාර්ගික කෝලාහාලය අතරේදි අවු 36 ක් වයසැති පිරිමියෙක් ඝාතනය කෙරිනි. ඔහුගේ භාර්යාවට අවු 12, 4 මාස 2 ක් වයසැති ගැහැණු දරුවන් 3 ක් සිටි. ”අපේ නිවස තිබෙන්නේ සිංහල ගම මැද නිසා මට ආපසු එහි යන්න බෑ”. කියමින් ඇය හැඩුවාය. ඊට වැඩියමක් ප‍්‍රකාශ කිරිමට ඇය අපොහොසත් උණා. දැනට මෙ කාන්තාව ඇයගේ සහෝදරයාගේ නිවසේ ජීවත්වන අතර ඇයට කිසිදු මුල්‍ය සහයෝගයක් නොලැබේ. ඇය සහ ඇයගේ දරුවන් අධික ලෙස බියෙන් තැතිගෙන ඇත.

සිය නිවාස සහ දේපොල ගින්නෙන් විනාශ කරනු ලැබු මිනිසුන් ගණනාවක්ම මෙම කාන්තා කණ්ඩායම් විසින් මුණ ගැසෙන ලදී. අපිි මේ ගමේ පසුගිය අවු 22 පුරාවටම ජීවත් වෙමු. මෙම ගමේ ඇත්තේ මුස්ලිම් ගෙවල් දෙකයි. එ් දෙකම දැනට ගිනිබත් කොට ඇත.

කෝලහාලය ගැන දැනගන්නට ලැබුනු විගසම අපි ගමින් පිටවීමට තිරණය කලත් මැර කණ්ඩායම් විසන් එය වලක්වා දෙන ලදි. නමුත් අපගේ සිංහල අසල් වාසින් අපට බේරි පලා යාම සඳහා උපකාරි කලා. ඊට පස දැනගන්නට ලැබුනා අපගේ නිවෙස් ගිනි තියා අති බව.

මම ආපසු නිවස වෙත යන විට එය සම්පුර්ණයෙන්ම බිමට සමතලාවන සේ ගිනි තබාඇති බවත් එහි තිබු සියලූමදේ ගින්නෙන් විනාශ වී අලූ වි ඇති බවත් දැක්කා.

සිංහල ගෙවල් 17 ක් තිබෙන තැනක එ්වා එකක්වත් විනාශ නොවී මුස්ලිම් ගෙවල් 2 පමණක් ගිනිබත් වී තිබිමෙන් ප‍්‍රත්‍යක්ෂ වන්නේ මුස්ලිම් වාසින්ගේ ගෙවල් දෙක හදුනාගන්නට අසල්වාසින් හෝ ගමේ අය මැරවරයින්ට තොරතුරු ලබා දී ඇති බවයි.

ඉන් අනතුරුව කාන්තා කණ්ඩායම, කෝලාහල කරුවන් විසින් සිය ස්වාමියා මරා දැමු කාන්තාවක් හමු විය. කම්පනය හා කණගාටුව නිසා ඇය අප හා කතා කිරීමට නොහැකි විය. ඇය සමග සිටී. තවත් කාන්තාවකගේද සැමියා ඝාතනයට ලක් වී තිබු අතර, එම සැමියා දෛනික වේතනය මත කම්කරුවකු ලෙස වැඩ කළ අයකු වේ. දැන් වන විට එම පවුලට යැපිම සඳහා කිසිදු මුල්‍ය සහයෝගයක් නැත. මෙකී කාන්තාවන් දෙදෙනාට කුලී නිවාසවල ජීවත් වු අයයි. දෙදෙනාම බිය නිසා අප හා කිසිවක් කතා කිරිම ප‍්‍රතික්ෂේප කලේය.

අපි මේ ගැන කතා කලහොත් සුදුවැන් වලින් ඇවිත් පොලිසිය විසින් විසින් ගෙන යනු ඇත. මම මේ සිද්ධිය පිලිබඳ පොලිසියට දැනුම් දුන්නා. පොලිසිය මගේ දුරකථන අංකය ඉල්ලා ගත්තා. එ්ත් පොලිසිය ගිය පසු මගේ දුරකථනය විසන්දි කර ඇත. එ් ගැන දුරකථන සමාගමින් විමසු විට ඔවුන් කීවේ නැවත දුරකථනයන සම්බන්ධ කර දෙන බව දැන්වීය.‘‘ එ්ත් අද වනතුර එය සම්බන්ධ කර නැත.

කෝලාහල පටන් ගන්නා විට 119, 118 හදිසි ඇමතුම් අංක තුලින් අලූත්ගම හා බේරුවල පොලිස් වලට අමතන ලද නමුත් එම දුරකථන අංක දිගටම විසන්ධිකොට තිබිණ. එ් අය තවදුරටත් අපට ප‍්‍රකාශ කොට සිටියේ පොලිසිය සහ හමුදාව පැමිනියේ කෝලාහල තත්වය සමනය වී ජිවිත දෙකක් ද නැතිවු පසුව බවයි.

කාන්තා කණ්ඩායම ඊලගට අදිකාරිගොඩ ගමට යන ලදුව මුස්ලිම් නිවාස 17 ක් ගිනිබත් කොට ඇති අතර මුස්ලිම් පල්ලියටද අලාභහානි සිදුකර ඇති බවත් දැන ගන්නට ලැබිණ.

අවුරුදු 80 පමණ වයස කාන්තාවක් මෙම කණ්ඩායමට කතා කළා. ඇයගේ නිවසද ගිනිබත් කොට ඇත. ඇය කියා සිටියේ ”

එ් අය මට ගෙදරින් එලියට එන ලෙස දැනුම් දුන්නා. මම ගෙදර තනියමයි හිටියේ, එහෙයන් මට බය හිතුණා. ඒනිසා මම ගෙයි පිටුපස දොරින් පිටවී කැලේ හැංගුණා. ඊලඟට මගේ දුවට මම ජංගම දුරකථනයෙන් කතා කළා. ඇය මට කිවේ ඉන්න තැනට වී ඉවසීමෙන් සිටින ලෙයසි. මම එහි පැය දෙකක් හිටියා. මෙසේ සිටිනා විට බොහෝ බිය දැනුණා. එලෙසම මදුරුවන්ගෙන් ද කරදර උණා. මම කවදාවත් හිතුවේ නැහැ. මට පණපිටින් ගෙදර යා හැකි වේ කියා. මම මගේ ගෙදර විනාශ කරනවා. අහං හිටියා. මට විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණා.

ඊලඟ ට අප හුමුවුයේ සීනිවත්ත ගමේ ජීවත්වන කාන්තාවකි. ඇය කිවේ ”පල්ලියෙන් නිවේදනය නිකුත් කරන විට මා හිටියේ අසල්වැසි නිවසකය. මම ගෙදර බලා පිටත් වූයේ මගේ වටිනා කියන ලියකියවිලි ටික සහ භාන්ඩ ටික එකතු කර ගැනීම සදහාය. නමුත් මම යන විටද මගේ ගෙදර ගිනි ඇවිලෙමින් තිබෙනවා දුටිමි. අසල සිටි හමුදාවේ අයගෙන් මා ඉල්ලා සිටියේ මගේ ලියකියවිලි ටික බේරා ගන්න උදව් වන ලෙසය. එ් අය කීවේ ”මේක ඕගොල්ලො ඉල්ලගෙන කාපු එකක් එ්ක නිසා ඕගොල්ලොම විසදගන්න කීවා” මම මගේ පුතා සමග එක්ව ගින්න නිවා දමන ලද අතර ඉන්පසු පල්ලිය බලා ගියා. මම බොහෝ විට මාගේ අසල්වාසී සිංහලයින්ට උදව් කර තිබෙනවා. එහෙත් ඔවුන්ද අපට විරුද්ධව කළ කෝලාහලයට සම්බන්ධ වූ බව මම දැක්කා. එය අදහා ගත නොහැකි සහ ඉතා වේදනා සහගත අත් දැකීමක්.‘‘

‘‘කෝලාහලයට පෙර දිනයේදී යාබද බෞද්ධ වත්තට ලොරි ගනනාවකින් කාඞ්බෝඞ් පෙට්ටි විශාල සංඛ්‍යාවක් බානවා දැක්කා.‘‘

මේ ගැන සිංහල අසල්වාසියෙකුගෙන් විමසූ විට ඇය කීවේ ‘‘ඊලග දිනයේදී පිරිත් උත්සවයකට ගෙනෙන ලද බඩු බවයි.‘‘ නමුත් දැන් අපට පැහැදිලි වන්නේ මේ පෙට්ටිවල පුරවා තිබෙන්නේ අවි ආයුධ බවයි. තියුනු පිහි, පෙට්ට‍්‍රල් බෝම්බ, පොලූ මුගුරු සහ පොරෝ යනාදිය මේ පෙට්ටිවල තිබුනු බව දැන් අපට වැටහුනා. මේ කෝලාහලය සිදුවීමට සතියකට පෙර සිංහල ගෙවල් වලට දන්වා ඇත්තේ අහවල් දින පෙලපාලියක් එන බවත් එවිට බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙසත්ය. දැන් අපට වැටහෙන්නේ උපදෙස් ලබා දී ඇත්තේ සිංහල බෞද්ධ නිවාස පහසුවෙන් හදුනා ගැනීමට බවයි.

බොහෝ මුස්ලිම් දරුවන් ඉගෙනුම ලබන්නේ සිංහල පාසැල් වල වුවත් දැන් ඔවුන් ආපසු පාසල්වලට යාමට බියෙන් පසුවෙති. එ් නිසා ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත තත්වයක පවතී.

තවත් කාන්තාවක් කියා සිටියේ ඇයගේ ස්වාමි පුරුෂයා පිටරට රැකියාවක් කොට ඉතා මෑතක ආපසු පැමිනි බවත් ඇයගේ ඔරලෝසු කනකර ආභරන ලැප්ටොප් හා මුදල් කේලහාල කරුවන් පැහැරගෙන ගොස් ඇති බවත් හිස් අරක්කු හා සිගරට් කොට අපේ නිවාසයේ ඉතිරිකොට ඇති බවත්ය.

එසේම එම ගමේ දෙමස් ගැබිණියක් කියා සිටියේ,

පල්ලියේ නිවේදනයට ඇහුම්කම් දිමෙන් පසු ගෙදර ඉදිරිපස දොරින් පිටත්ව පල්ලිය බලා ගියා. එවිට මා දුටුවා කෝලාහල කරුවන් සැම තැනින්ම පැමිනෙන බව. මා දුටුවිගසට ඔවුන් අපගේ නිවස දෙසට ගමන් කළා. මට කරගත හැකි දෙයක් නොමැති තැන හයියෙන් කෑ ගසා ඇඩුවා. අල්ලපු ගෙදර සිංහල කාන්තාව මාව ඇගේ ගෙට විගසින් ඇතුල්කරගෙන අසල පල්ලියට දුරකථනයෙන් කතා කර මට උදව් ලබා දෙන මෙන් ඉල්ලා සිටියාය. පල්ලියෙන් පැමිණ ආරක්ෂා තැනකට මාව ගෙන ගියා. මා කසාද බැදලා මේ ගෙදරටයි ආවේ. දැන් මම ගැබිණියක් යාමට එ්මට තැනක් නැතුව ඉන්නවා.

ජුනි 15 දා බොදු බල සේනාවේ අනුග‍්‍රහයෙන් මැරවරයින් විසින් දර්ගා නගරයේ හා අලූත්ගම මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කර මැරප‍්‍රහාරවල බලපෑම කරුනාසේනපුර සහ අබේපිටිය යන ප‍්‍රදේශ වලට ද පැතිරුණි. එම ප‍්‍රදේශවල මුස්ලිම් අයගේ නිවාසද ප.ව 8.30 වන විට ගිනි තබා අලූබවට පත්කර ඇත. මෙම ගම් දෙකින් එකක පදංචි කාන්තාවක් විසින් කියා සිටියේ ”

මේ ගම් මුස්ලිම් පවුල් 4 සිටියා. මේ වන විට අපේ ගෙදරට පුද්ගලයින් 16 ක් පමණ පැමිණ සිටියා. ප.ව 7.30ට මගේ සහෝදරයාට දුරකථනයෙන් දැනගතත්තා දුර්ගා නගරයේ උණුසුම් තත්වයක් ඇති බවත් ප‍්‍රවේශමෙන් සිටිනා ලෙසත් අවවාද කලා. මගේ සහෝදරයා ගොඩක් කණස්සල්ලට පත්වුවා. අපි සියලූ දෙනා ජීවිත බේරා ගැනිමට උත්සහ කල යුතු බව තිරණය කලා. අනතුරුව අප නිවසේ සිසීටිවී කැමරාව කි‍්‍රයාත්මක කර අපි අපේ ඥතීන්ගේ ගෙවල් වලට ගියා. මගේ සහෝදරයා අපිව නැයෙකුගේ ගෙදර ඇරලවා පියා සහ අනෙක් සහෝදරයා රැගෙන ගියා. එ් සමගම මම යහළුවන්ට සහ අසල්වාසින් ට දුරකථනයෙන් කථා කොට අප වෙත ලැබුනු අවවාදය පිලිබඳව දැනුම් දුන්නා. රාත‍්‍රි 8.30 වන විටත් මට සහෝදරයාට දුරකථනයෙන් කතාකලත් සම්බන්ධවිය නොහැකි උණා. එවිට වෙනත් යාළුවෙකුට කතා කර ඔහු කිවේ ඔයාගේ ගෙදර ගින්නෙන් දැවෙනවා එ් නිසා යාඥ කරන්න කියා එය ඇසෙන විට මා ක්ලාන්ත වි බිම වැටුනා. මගේ සහෝදරයාගේ භාර්යාව ගැබිනියකි. මම නැයෙකුට නැවත කථා කර තොරතුරු විමසුවා. ඔහු දැනුම් දුන්නේ ගිනි නිවන හමුදාවට දැන්වු බවත් ඔවුන් පැමිනෙණ විට රාත‍්‍රී 9.30 පමන වන බවත්ය. මට 119 කතා කළා එ්ත් ප‍්‍රතිචාරයක් ලැබුනේ නැ. සියලූ දේවල් සිදුව ඇත්තේ නිශ්චිත සැලසුමක් ඇතුවයි. පසු දින මා අපගේ නිවාස බැලීමට මවත් සමග ගියා . එය සම්පුර්නයෙන්ම පිලිස්සී ගොස් තිබුන අතර මිනිසුන් එදෙස බලා සිටිනු දක්නට ලැබිණි. පොලිසිය පැමින අප එලවා හරින ලදී.

පෙර කී කාන්තාවගේ පියා අප වෙත පවසා සිටියේ සිදුවීමට පෙර ජුනි 15 දින බොදු බල සේනා රැස්වීමක් අලූත්ගමදී පැවැත්වු බවත් එහිදී චීන කොටුවට සහ දර්ගා නගරයට අබසරන වේවා කියා තිබෙන බවයි. එහි තේරුම නම් මෙකී නගර දෙකම අවසාන දිනය අද බවයි.

මම මේක ඇහුව වෙලේ කනස්සල්ලට පත් වී යාලූවන් කිප දෙනෙකු හට අවවාද කලේය. හැමෝම ගමෙන් පිටව යාමට සුදානම් වීමට සිතුවා දර්ගා නගරයේ සිදුවීම ගැන ආරංචි වුනා විනාඩි කිිපයක් පසුව 200 ක් පමණ පිරිසක් අප කරා එන බව දැක්කා. අපේ තරුණයන්ට ආයුධ නොතිබුණත් අපගේ ආරක්ෂාව සඳහා සටන් වැදුනා. මම නෑයින්ගේ නිවසේ සිටියා. ජමියා නලිනියා පල්ලිය වෙත රැගෙන ගොස් රැකවරණය ලබාදුන්නා. ඊලගට මම මගේ ගෙදර දෙසට ගියා එය සම්පුර්ණයෙන්ම විනාශ කර කිබු අතර විශේෂ කාර්යය බලකායේ අය එ් අසල සිටියා මම ඔවුන්ගෙන් බැගැපත්ව ඉල්ලා සිටියා මෙය නවත්වා දෙන ලෙස මගේ ඉල්ලීම ට ප‍්‍රතිචාර ලෙස ඔවුන් කියා සිටියේ ”සොල්දාදුවන් අනුරාධපුර, වව්නියාව, යාපනය ආදී ප‍්‍රදේශ සිට පැමිණිමට නියමිත නිසා ඔවුන් පැමිනි පසුව මෙය මැඩ පැවැත්වීමට හැකි බවයි..

‘‘තවද මම 119 කතා කලද කිසිම ප‍්‍රතිචාරයක් නැත . මම තදබල ලෙස පිඩාවට පත්වුනා. අප ලග මේ සිද්ධිය සම්බ්නධ විඩියෝ දර්ශන තියනවා. සාක්ෂි තියනවා. අපට පහර දුන්නේ කවුද කියා අප දන්නවා. එ් අල්ලපු ගමේ අයයි. මේ බව පොලිසියටත් දැනුම් දුන්නා. ඒත් කිසිවකුවත් මේ වන විට අත්අඩංගුවට ගෙන නැහැ. එ් අය මගේ ඇස් ඉදිරිපිට නිදහසේ ගැවසෙනවා.‘‘

ප‍්‍රහාරය පටන් ගැනිමට පෙර බෙෘද්ධ භික්ෂු නමක් කැඳවා ගෙන විත් ගෙයක් තුල නුල නැවැත්වුවා. මට හිතෙන විදිහට ඔවුන් සැලසුම්කර තිබෙන්නේ බෙෘද්ධ භික්ෂුවට එරෙහිව අප ප‍්‍රතිපහාර කරන්නට ඉඩ තිබෙන බවත් එම සිද්ධීය දඩමීමා කර ගෙන ප‍්‍රචන්ඩත්වය උත්සනන් කිරිමට පසුබිම සකස් කර ඇති බවයි.”

මම මැණික් කැපිමේ ව්‍යාපාරයක හිමිකරුවෙකි. මා ලග 10 සේවකයෝ සිටි. මට මැණික් කපන යනත‍්‍ර පරිගණක යන්ත‍්‍ර සහ තවත් යන්ත‍්‍ර තිබුනා මාගේ ලක්ෂ 80 පමණ සියල්ල මේ සිද්දීයෙන් අහිමි වුනා.‘‘ මෙම සිද්ධිය විස්තර කරන අතර තුරේදී ඔහු හඩමින් කියා සිටියේ මට මේ වට වන්දි ගෙවන්නේ කව්ද කියාය.

ඊළග ට අප හමු වුයේ වයස අවු 27 වයස ඇති අතකට බරපතල තුවට සිදු වු තරුණයෙකි. ශමුට දියනියන් දෙදෙනෙක් ඇති අතර තුවාලය සිදු වුයේ මේ කෝලහාලය අතර තුරේදීය. මැණික් කටුව යටින් අත කපා තිබුනි.

2014.06.15 වන දින මම මස් ජිඞ් පල්ලියේ යාඥ නිම කොට පල්ලියෙන් එලියට විත් තවත් 20 පමණ දෙනා සමග එලියේ සිටියා. 300 පමණ පිරිසක් අප ඉදිරියට අපට පහර දීමට එමින් සිටියා. ඔවුන්ගේ අතේ පිහියා පොරෝ පොලූ මුගුරු කඩු ආදිය තිබුනා අපි අල්ලා හු අක්බාර් කියා කැගැහුවා එවිට ඔවුන් අපට පහර දෙන්නට පටන් ගත්තා. අප කිසි දාක මෙබදු පහරක් එල්ල වේයයි හීනෙකින් වත් හිතුවේ නැ. ඉන් එ්ක අයකු මගේ බෙල්ල කපන්න සුදානම් වුනා. එවිට මම මගේ අත ඉස්සුවා . එවිට යි මගේ අතේ මැණික් කටුව කැපුනේ. අපිත් පෙරලා සටන් නොකරේ නම් ඔවුන් පැමිණ අපේ පල්ලිය සහ චීන කොටුව සම්පුර්ණයෙන් විනාශ කරනවා සහතිකයි. මෙම සිද්ධියෙන් පසු මම රෝහලට ගියා. දොස්තර මහතා කීවේ වෙනත් රෝහලකට ගොස් ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙසයි. එවිටයි අපි කොළඹට ගියේ. මෙම තුවාලය නිසා මට ඉදිරි මාස 6 ක කාලයේ දී කිසිම වැඩක් කර ගැනිමට බැරි වෙයි. මට දරුවන් ට කන්න දෙන්න බැරිවෙයි මට හරිම අසරන බවක් දැනෙනවා.

මේ අතර තවත් ගම් වැසියෙක් කියා සිටියේ කෝලාහලයට දින කිහිපයකට පෙර පැවති වාහන තදබදයක් අතර තුර වාහනයකින් පැමිණි බෞද්ධ භික්ෂුවක් හා මුස්ලිම් තී‍්‍රරෝද රථ රියැදුරෙක් එම තදබදය සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස් වීමක් සටනක් බවට පත් වූ බවය. ඒ අනුව බෞද්ධ භික්ෂුව තමන් විසින්ම සිවුර ඉරා ගෙන සොනමන් නැමැත්තෙකු තමාට පහර දි තුවාල සිදු කරන ලද බව පොලිසියට දැනුම් දී ඇත. ඊට පසු දින අලූත්ගමදී පැවැත්වු බොදු බල සේනා රැස්විමේදී ඔවුන් කියා ඇත්තේ ”මෙය අපේ රටයි. ආණ්ඩුව සිංහල ආමි එකත් සිංහල හැම දෙයක්ම අපේ, එසේ කියමින්‘‘ ඔවුන් පෙළපාලිය ආරම්භ කලා. පෙලපාලිය යන අතර ඔවුන් පල්ලිය විනාශ කර කුරාණයද පුලූස්සාකර දැමුවා.

කාන්තා ගවේෂණ කණ්ඩායමට පහත දැක්වෙන කරුණු සිය ව්‍යාපෘතිය මගින් සොයා ගත හැකි වුනා.

1. මුස්ලිම්වරුන් මේ ප‍්‍රදේශයේ අවුරුදු 100 වඩා වැඩි කාලයක් ජිවත් වි ඇතත්, තව දුරටත් එහි ජීවත් වීමට හැකිවීම නිෂ්විත නැත. අපට හමු වු ඇතැම් කාන්තාවන් කියා සිටියේ සිංහල ගැහැණු අයද මුස්ලිම් කාන්තාවන්ට එරෙහිව කල පහර දීමට සහභාගි වු බවයි. ඇතැම් සිංහල කාන්තාවන් පහරදිම් වලට සහභාගි නොවුවත් බිය නිසා ඔවුන් මුස්ලිම් වරුන්ට උදව් කිරිමට ඉදිරිපත් නොවුහ. එ් එක්කම ඔවුන් අපව දැනුවත් කලා 1991 දී මුස්ලිම් වරුන්ට එරෙහිව කෝලහාලයක් සිදුවු බව.

2. කණ්ඩායමේ තවත් නිරික්ෂණයක් වුයේ අප හා කතා කල මුස්ලිම් වරුන් හැගීම් බර වු විට කතා කර කර සිටි දෙමල භාෂාවෙන් සිංහල භාෂාවට මාරු වී කතාකරන බවයි. එයින් පෙන්නුම් කරන්නේ මුස්ලිම් ප‍්‍රජාව කොතෙක් දුරට සිංහල ප‍්‍රජාව සමග ආසන්න සම්බන්ධතාවය ක් පවත්වනවාද යන්න වගයි. බොහෝ මුස්ලිම් කාන්තාවන් කියා සිටියේ කෝලහාලයේ මුලික අවස්තාවේදී කොල්ලකරුවන් තමන්ගේ නිවෙස් වලට ඇතුල් වන්නට එන විට තමන් ගල් වලින් ගැසිම, උණු වතුර විසි කිරිම, හෝ මිරිස් කුඩු ගැසීම මගින් ප‍්‍රතිරෝධයක් දැක්වු බවයි.

නිරික්ෂණ

x බෞද්ධ භික්ෂුවක් සහ ත‍්‍රිරෝද රියදුරකු අතර ඇති වු පෞද්ගලික ආරවුලක් මිනි මැරුම් දක්වා යන කෝලහාලයක් ඇති කිරිමට නිමිත්තක් ලෙස සුක්ෂමව පාවිච්චි කර ඇති බවයි.
x ආරම්භක අවස්ථාවේ පෙලපාලියක් එන බව දැනුම් දුන් විට එ් සඳහා මුස්ලිම් වරුන් සුදානම්වී සිට ඇත. කෙසේ වෙතත් ඇසින් දුටු බොහෝ සාක්ෂිවලට අනුව කෝලාහාල කරුවන් වාහන මගින් අසල්වැසි ගම් වල සිට පැමිණ ඇත.
x කෝලහාලයට දින ගණනාවකට සිට පෙලපාලිය සහ කැරැල්ල සඳහා බොදු බල සේනා සංවිධානය සැලසුම් සකස් කොට ඇත.
x පොලිසිය විශේෂ කාර්යය බලකාය රජයේ රෝහල් කාර්යය බලකාය එක්තරා අන්දමකට මෙම ප‍්‍රහාරයේ කොටස් කරුවන් වී ඇත.
x වෙඩි තැබීම්, ශාරිරික පහරදීම්, ගිනි තැබීම්, සම්බන්දයෙන් කිසිවකු අධිකරණය වෙත ඉදිරිපත් කර නැත. එ් නිසා කලබල ඇවිස්සීම සඳහා නිතිමය කි‍්‍රියාමාර්ග නොගැනීම පුදුමයට කරුණක් නොවේ.
x උතුරු පලාතේ මෙන්ම මෙම පලාත් වලට බොහෝ හමුදා සොල්දාදුවන් ක‍්‍රියාන්විතව පෙනෙන්ට තිබෙන නිසා ප‍්‍රහාරයට ලක් වෙතයි බියෙන් මුස්ලිම් පිරිමින් බැහැර යාමට බියක් දක්වති. කාන්තාවන් හා ළමයින් සරණාගත කඳවුරු වල රැදී සිටිනු මිස ආපසු යාමට බියක් දක්වති.
x ව්‍යාපාරික ස්ථාන විවෘත කොට ඇතත් ඊලගට සිදු වන්නේ කුමක්ද යන බිය ඔවුන්ගේ සිත් තුල තදින් බල පවත්වයි.
x බොහෝ මුස්ලිම් දරුවන් සිංහල පාසල් වල ඉගෙනුම ලැබු අතර ඔවුන් ආපසු කරා යාමට බියක් දක්වති.
x කෝලාහාලය අතර තුරේදී හා ඉන් පසුවද මුස්ලිම් පල්ලි වල සිර වී සිටි මුස්ලිම් ප‍්‍රජාවට උදව් කිරිමට සඳහා කිසිම පියවරක් ගෙන නැත්තේ එවකට බලපැවැත්වු ඇදිරි නීතිය නිසාවෙනි. බොහෝ අය පවසා සිටියේ ගැබිනි මව්වරුන්ට හා ළමුන් ට හා කිරි දෙන මව් වරුන්ට විශාල කරදර වලට මුහුණ පාන්න ට සිදු වු බවයි. රජය විසින් මුලික අවශ්‍යතා කිසිවක් සපයා නැත.

නිර්දේශ

x මනෝ සමාජයීය සහයෝගය

ප‍්‍රජාවේ ඇතැම් පුද්ගලයන් දරුනු ලෙස මානසික ආතතියෙන් පෙලෙති. මේ තත්වය කාන්තාවන්ට හා ලමයින්ට විශෙෂයෙන් බල පවත්වනු ලැබේ. විපතට පත් ඇතැම් අය අප වෙත කියා සිටියේ දැනටත් ඔවුන්ට වෙඩි ශබදය ඇසෙන බවයි. මේ දක්වා කිසි ආකාරයක මනෝ සමාජීය හෝ මානසික සෞඛ්‍ය සම්බන්ධ සහයෝගයක් ලබා දී නැත.

x නීති සහාය

අතිරේක නීති සහයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන් කියා සිටියේ මේ දක්වා මුස්ලිම් නීතිඥවරුන් පමනක් ඔවුන්ට උදව්වට පැමිණි බවයි. අනෙකුත් ප‍්‍රජා කණ්ඩායම් වල කිසිම නීතිඥයෙකු උදව් සදහා නොපැමිනි බව ඔවුහූ ප‍්‍රකාශ කරති. බොහෝ දෙනෙකු ප‍්‍රකාශ කලේ ඔවුන් සතුව සාක්ෂි, විශේෂයෙන් වීඩියෝ පට ඇති බවත් නීති ක‍්‍රියා මාර්ග ගැනීමේදී එ්වා මහත් සේ ප‍්‍රයෝජනයට ගතහැකි බවත්ය.

x සංහිදියාව
සිංහලයන් හා මුස්ලිම්වරුන් මේ ප‍්‍රදේශයේ අවුරුදු 100ට වැඩි කාලයක් ජීවත් වී ඇත. නමුත් බොහෝ මුස්ලිම් වරුන්ට දැන් දැනෙනුයේ තව දුරටත් ඔවුන්ට මෙම ප‍්‍රදේශයේ ජීවත වීමට නොහැකි බවයි. මෙම ප‍්‍රදේශයේ ජීවත් වන මුස්ලිම්වරු බොහෝ දෙනෙකු සිංහල භාෂාව කතාකරන අය වේ. නමුත් අද ප‍්‍රජාවන් දෙක අතර තිබූ විශ්වාසය බිදී ඇත. එබැවින් දෙපාර්ශවය අතර තිබූ විශ්වාසය, කුඑපග බව අන්‍යෝන්‍ය සහයෝගය නැවත ගොඩ නැගීමට වහාම පියවර ගත යුතුය.

x වග වීම
කෝලාහලයට සහභාගී වූ සියඑ දෙනාම වහා අත්අඩංගුවට ගෙන විවෘත විභාගයක් කිරීම තුලින් ”විපතටපත් අයට සිදුවූ අලාභහානි වලට වන්දි ලබාදීමට හා යුක්තිය ඉෂ්ට කර දීමට ක‍්‍රියා කල යුතුය. කෝලාහලයට තුඩු දුන් හේතු සහ රාජ්‍ය ආයතන වල අකාර්යක්ෂම තාවයට හා අක‍්‍රීයභාවයට තුඩු දුන් හේතු හදුනා ගත යුතුය.‘‘