කිසිදු චෝදනාවක් නොමැතිව දින 200කට වැඩි කාලයක් රදවාගෙන සිටින මානව හිමිකම් ක්‍රියාකාරිණි ජෙයකුමාරි(බාලේන්ද්‍රන් ජෙයකුමාරි) නිදහස් කරන්නැයි විරෝධතාවයක් සංවිධානය කරමින් සිටි ප්‍රජා නායකයෙක් වන තේවරාජාට ඊයේ(08) සවස කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ.

දෙමළ කතා කළ නොහැකි, යතුරැපැදිවලින් පැමිණි 4දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් හමුදා කදවුරක් අසල දී මෙම පහර දීම සිදු කර ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කරයි. වව්නියාව පුරවැසි කමිටුවේ ප්‍රධානියෙක් වන තේවරාජා මහතා හෙට(10) ජෙයකුමාරි නිදහස් කරන ලෙස බල කරන විරෝධතාවයක් වව්නියාවේ දී පැවැත්වීමට සංවිධානය කර තිබිණි.

6

‘උඹ විරෝධතා පවත්වන්න යනවාද! ඊට පෙර නුඹව මරණවා!‘ යැයි තර්ජනය කරමින් තේවරාජාට පහරදී තිබේ. පහරදීමට ලක්වූ තේවරාජා නෙඩුන්කේනි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබදව දෙමළ ජාතික පෙරමුණේ නායක ගජේන් පොන්නම්බලම් මහතාගේ ට්වීට් පණිවිඩවලද එය පළකර තිබෙන අතර පහත දැක්වෙන්නේ ඒ ට්වීට් පණිවිඩයි.