‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න් දෙනා වෙඩි තියලා මරලා දැම්මා……(මවක්)‘‘

වැළිකඩ බන්ධනාගාරය තුළ 2012 වසරේ නොවැම්බර් මස 09 දින රාජපක්ෂ ආණ්ඩුවේ සන්නද්ධ හමුදාව එම සිරමැදිරියට කඩා වැදී රැදවියන් 27 දෙනෙකු ඝාතනය කර විශාල පිරිසකට තුවාල සිදු කලේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම් ආරක්ෂා කරනවා යැයි කියමින් රාජපක්ෂලා විසින් ගොඩනගා තිබූ ව්‍යාජ තිරයට මුවා වී රාජපක්ෂලාගේ පාලනය තුළය. එම ඛෙදවාචකය එසේ සිදු කලත් දකුණේ සමාජය තුලින් එයට විරැද්ධව සක්‍රීය හඩකු මතු වූයේ නැත. නමුත් දැන් රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ ජනතාව විසින් පරාජය කල පසු ඒ සම්බන්ධයෙන් නැවතත් සක්‍රීය ලෙස එම රැදවියන් ඝාතනය කිරීමට විරැද්ධව සක්‍රීය ක්‍රියාකාරීත්වයන් මතු වෙමින් පවතී. එයට ද රාජපක්ෂ සමයේ බත්බැලයන් සේ ක්‍රියා කළ ඇතැම් මාධ්‍ය ද, රාජපක්ෂගේ වහලුන් ද තැනින් තැන බුරමින් ඇවිදිනු පසුගිය දා දක්නට ලැබිනි.

පසුගිය දා නෙත් එෆ්එම් ගුවන් විදුලියේ බැලුම්ගල නම් වැඩසටහනක් තුළින් ද ඊට පෙර දිවයින පුවත්පතේ ලිපියකින් ද එවැනි නරැමවාදී අදහස් සමාජය තුළ මුදාහරිමින් සිටිනු දක්නට විය. නමුත් ඒවාට ද අභියෝග කරමින් අද(17) ඒ මරාදැමුණූ ඒ රැදවියන්ගේ සමීපතමයින්, දේශපාලන නායකයින්, පූජ්‍ය පක්ෂය සහ ඝාතනයන්ට විරැද්ධ පුරවැසියන් විශාල ප්‍රමාණයක් එක්වී එම ඝාතනයන්ට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීය. ‘වැලිකඩ රැදවියන් ඝාතනයට එරෙහි ජනතා එකතුව සහ ගෝ රයිට්ස්‘ එක්ව සංවිධානය කල එම විරෝධතාවය පැවැත් වුයේ 2012 නොවැම්බරයේ දී ‘රණවිරැන්ගේ‘ නවීන ගිනි අවිවවලින්, වෙඩි තබා ඝාතනය කල දකුණේ රැදවියන් රදවා සිටි දකුණේ වැළිකඩ සිරගෙදර ඉදිරිපිට දීය. එහිදී ඔවුන් වර්තමාන පාලකයින්ට බල කර සිටියේ වැළිකඩ රැදවියන් ඝාතනය කළ, ඝාතකයින් වහාම නීතිය හමුවට ඉදිරිපත් කර නීතියේ ආධිපත්‍ය තහවරු කරන බවට ක්‍රියාවෙන් ඔප්පු කරන ලෙසය.

එම විරෝධතාවයේ සඨන් පාඨ කිහිපයක් මෙසේ සටහන් කරමු.

තෝර තෝර -මිනි මරන්න
අණ දුන්නේ – කවුද කවුද
කමිටු හදලා – යට ගහන්න
අපි දෙන්නෑ – යට ගහන්න

ය‍හපාලනේ – යහපාලනෙ
කතා කරපු – යහපාලනෙ
පොරොන්දු වුණා – යහපාලනෙ
මෙන්න කරනු – යහපාලනෙ

පහතින් දැක්වෙන්නේ එහි ඡායාරෑප සටහනයි.

IMG_20150217_112409

IMG_20150217_112525

IMG_20150217_112617

IMG_20150217_112635

IMG_20150217_112657

IMG_20150217_112741

IMG_20150217_113915

IMG_20150217_114012

IMG_20150217_114105

IMG_20150217_114244

IMG_20150217_114524

IMG_20150217_115910

IMG_20150217_120149

IMG_20150217_120236

@VIKALPA