Batticaloa, Democracy, End of war | 6 years on, Governance, Human Rights, Human Security, Life quips, Women

‘අද විත්‍යා- හෙට?‘ මඩකලපුවේ කාන්තාවන් විදී බසී

යාපනය, කයිට්ස් හි පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 17හැවිරිදි සිවලෝගනාදන් විත්‍යා පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පල කරමින්, එම දූෂකයන්ට වහාම දඩුවම් පමුණුවන ලෙස බලකරමින් මඩකලපුවේ දෙමළ, මුස්ලිම් කාන්තාවන් අද (21) විරෝධතාවයක නිරත විය.

‘අපි ඉල්ලන්නේ එක දෙයයි. මේ දරුවා මරා දාපු තිරිසනුන්ට ඉතා ඉක්මනින් දඩුවම් දිය යුතුයි. ඒ වගේම පහුගිය කාලේ උතුරු නැගෙණහිර මේ වගේ දරුවො කිහිප දෙනෙක්ම දූෂනය කරා. මරා දැම්මා. නමුත් ඒවායෙන් ගොඩක් ඒවට නීතිය ඉෂ්ඨ වෙලා නෑ. අපි කියන්නේ මේ අලුත් ආණ්ඩුව යටතේවත් මේවාට සාධාරණයක්, යුක්තියක් ඉටු වෙන්න ඕන. මේ වගේ දේවල් ආපහු ඇති නොවෙන්න නීති සැකසෙන්න ඕන‘ එම විරෝධතාවයට පැමිණ සිටි කාන්තාවක් පැවසුවාය.

එම විරෝධතාවය මඩකලපුව, කාත්තන්කුඩි, කාර්මික විද්‍යාලය ඉදිරිපිට පැයක පමණ කාලයක් පැවති අතර, මඩකලපුවේ දෙමළ සහ මුස්ලිම් කාන්තා කණ්ඩායම් මෙය සංවිධානය කර තිබූ අතර පහතින් දැක්වෙන්නේ එම විරෝධතාවයේ ඡායාරෑප සටහනයි.

IMAG0817

IMAG0818

IMAG0821

IMAG0823

IMAG0825

IMAG0830

IMAG0833

IMAG0837

IMAG0839

IMAG0848

IMAG0849

IMAG0853

IMAG0859

IMAG0861