මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල් සංවිධානවල පිරිස් පසුගිය කාලයේදී මධුෂ්කව සොයාගැනීම සදහා විවිද අන්දමේ බලපෑම් වල නියැලුනා. ඒ අතර මුදුෂ්කගේ බිරිද වන මයුරිත් 2014 නොවැම්බර් 1 වන දින කිසියම් පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ‘ලබන උද්ගොෂණ නවතා දමන ලෙස‘ තර්ජනය කරමින් අත්පා බැද මහ මග දමා යනවා.

නමුත් පැවති රාජපක්ෂ පාලනය සිටියේ බීරි අලියෙක් සේ නිසොල්මනේය.

නමුත් මදුෂ්කගේ බිරිද, මයුරි 2015 ජනවාරි 8න් පසු බලයට පැමිණි යහපාලනය ගැන විශ්වාසයක් තිබුණා.

ඒ විශ්වාසයත් සමග 2015 මාර්තුවේ දී ජනාධිපති ලේඛම් කාර්යාලය ඉදිරිපිට ඇය සිය දරුවන් දෙදෙනාත් සමග මහමග වාඩි වී සිටියේ ජනාධිපතිවරයාට මේ බව සෘජුවම දැනුම් දීමටයි. නමුත් ඇය පවසන්නේ 2015 මාර්තුවෙන් පසු විවිද අන්දමේ ලිපි ජනාධිපති, අගමැති කාර්යාලයෙන් ලැබුනු බවත්, නමුත් මධුෂ්ක පිළිබද කිසිදු වැදගත් තොරතුරක් නොලැබුනු බවත්ය.

ඒ තත්ත්වය තුළ මධුෂ්කව පැහැර ගෙන දින 1010 පිරෙන මේ මොහොතේ අය නැවතත් සිය දුක කියන්නට ජනාධිපතිතුමා හමුවන්න පැමිණියා. නමුත් ඇයට සුපුරුදු පරිදි ලැබුනේ සුපුරුදු උත්තරයක්. ‘තව සතියකින් කියන්නම්‘. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරියෙක් ඇයට පවසා තිබුණා.

මේ ඒ පිළිබදව ‘විකල්ප‘ තබන සටහනක් [with Adobe Spark]

##

සබැදි සටහන් – ‘මට ඉන්න තැනක් නැතිනම් ගහක් යට ඉන්නවා, කන්න නැතිනම් බඩගින්නේ ඉන්නවා, මම ඉල්ලුවේ මගේ ස්වාමිපුරුෂයා හොයා දෙන්න කියලා‘‘