Image By: theme-resorts.com

ලෝක සංචාරක සංවිධානය(UNWTO) විසින් පවත්වන සමුලුව මෙවර පවත්වන්නේ පාසිකුඩාවලය. මෙවර පැවැත්වෙන සමුලුව සදහා විදේශ නියෝජිතයන් විශාල ප්‍රමාණයක් සහභාගීවීමට නියමිත අතර හෙට(12) සහ අනිද්දා(13) යන දෙදින තුළ එය පැවැත්වෙනු ඇති. නමුත් එම සමුලුවේ සත්කාරක රට වන ලංකාවෙන් ආරාධනා කිරීමේදී සෑම විටම මතුවන ‘සිංහල පමණයි‘ යන මනෝභාවය නැවතත් මතුව තිබේ. එනම් එහිදී ලංකාවේ නිල භාෂාව සිංහල පවත්, ඉංග්‍රිසි ත් භාවිතා කරන බවත් අදාල නිළධාරීන් විසින් දන්වා ඇති බව මානව හිමිකම් ආරක්ෂකයෙක් වන රුකී ප්‍රනාන්දු පවසයි.

මෙසේ සිදුවන්නේ සංහිදියාව සම්බන්ධයෙන් යාන්ත්‍රණ සකස්වී එහි අදහස් විමසන අවස්ථවේ ම වීම තවත් උබතෝකෝටිකයකි.

එසේම ජාත්‍යන්තර මට්ටමින් සංචාරක සමුලුව ලංකාවේ පවතින විට, කල්පිටිය, කුච්චවේලී, පානම, පාසිකුඩා, ඉරුදෙනියාය සහ කන්කසන්තුරේ සිය ඉඩම් අහිමි වූ ජනයා අද(11) කොළඹදී රැස්වී ප්‍රකාශ කළේ ‘පළමුව තමන්ගේ ඉඩම්වල අයිතිය ලබා දී, ජනතාවට යුක්තිය ඉටුකර දී සංචාරක කර්මාන්තය සිදු කරන ලෙසයි. එහි දී පානම ඉඩම්ජ අහිමි නයා වෙනුවෙන් අදහස් දැක්වූ සෝමසිරි පුංචිරාල පැවසූවේ, ‘අවම වශයෙන් අපේ ඉඩම් සම්බන්ධයෙන්, කැබිනට් මණ්ඩලය දුන් තීන්දුවවත් ක්‍රියාත්මක නොකර, මෙවැනි සංචාරක සමුලු පැවැත්වීම පිළිබද ආණ්ඩුව ලැජ්ජා විය යුතුයි, ඒ වගේම අපේ ඉඩම් අපිට ලබා දී සංචාරක කර්මාන්තය සිදුකල යුතු බව‘ ඔහු ප්‍රකාශ කලේය.

දැන් සමුලුව පැවැත්වෙන පාසිකුඩාවල වත් අනිකුත් මිිනිසුන්ගේ නියෝජනයක් වත් ඒ සමුලුවට නැහැ. වින්දිතයන්ගේ ප්‍රශ්ණය එතනමයි‘ රුකී ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

රුකී ප්‍රනාන්දු දැක්වූ අදහස් පහතින් නැරඹිය හැකිය.