IMAG5005

‘අපි ඔක්කොම එකම ලේ‘ යන ශිර්ෂය මුල් කර ගනිමින් අද(15) කොළඹ, රෑපවාහිනි සංස්ථාව ඉදිරිපිට පැවති නිහඩ විරෝධතාවයට කඩා වැදුනු ‘සිංහ ලේ‘ යනුවෙන් හදුන්වා ගත් භික්ෂූන් පිරිසක් සහ මැරයින් පිරිසක් එම නිහඩ විරෝධය කඩාකප්පල් කිරීමට උත්සහ දැරීය.

එහි දී එම මැර පිරිස විසින් සාමකාමීව විරෝධයේ යෙදුනු පිරිස ඔසවා ගෙන සිටි පුවරු ඉරා දමමින් තර්ජනය කරමින් හැසිරුනේ සැබැවින්ම මනුෂ්‍ය කොට්ඨාශයක් ලෙස නොව සත්ත්ව කොට්ඨාශයක් ලෙසය.

විවිධයි එත් සමානයි (#DifferentYetEqual)/ ‘අපි ඔක්කොම එකම ලේ‘ යනුවෙන්, ජාතිවාදයට විරුද්ධව පැවති එම විරෝධතාවයේ මූලික අදහස සදහා පිවිසෙන්න

පහත දැක්වෙන්නේ එම විරෝධතාවය කඩා කප්පල් කිරීමට පැමිණී භික්ෂූන් ඇතුලු මැර පිරිස එහිදී හැසිරුනු අයුරුයි.

පහතින් දැක්වෙන්නේ එම මැරයින් සහ මැරයින් විසින් ඉරා දැමුනු පෝස්ටර්වල සේයාරුයි.

IMAG5010

IMAG5012

IMAG5019

එහි විශේෂ සිදුවීම් ඉතා ඉක්මනින් විකල්ප තුලින් බලාපොරොත්තු වන්න