සාමකාමී රැස්වීමට සහභාගී වු සියල්ලන් ප‍්‍රචණ්ඩත්වය හා වෛරය හමුවේ ශක්තිමත්ව පෙනීසිටිමින්, සාමකාමීව එහෙත් දැඩිව ප‍්‍රතිචාර දැක්වු ආකාරයෙන් අප දිරිමත් විය. අපි පුරවැසි සාමුහිකයන්හි බලය පිළිබඳව විශ්වාස කරන අතර වෙනස්කම්වලට එරෙහිව එකට එක්වී නැගී සිටින ලෙස අපි තවත් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. එකට, අපිට ඉමහත් බලයක් ඇති අතර අපිව නිහඬ කළ නොහැකිය. මෙම සාමකාමී රැස්වීම විවිධයි එත් සමානයි සංවිධානාත්මක ව්‍යාපාරයේ අවසානය නොවේ; එය ආරම්භයක් පමණි. ජාතිවාදය හා අනෙකුත් සියලූ ආකාරයේ වෙනස්කම්වලට එරෙහිව නැගී සිටීමට, ජනතාව එක්රැස් කිරීමට සමාජ මාධ්‍ය හා පොදු කි‍්‍රයාකාරීත්වයන් අඛණ්ඩව භාවිත කිරීමට අපි බලාපොරොත්තු වන බව විවිධයි එත් සමානයි: සමානාත්මතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වු සංවිධානාත්මක ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කර කියා සිටී.

පහත පළවන්නේ එම සම්පූර්ණ නිවේදනයයි.

විවිධයි එත් සමානයි: සමානාත්මතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වු සංවිධානාත්මක ව්‍යාපාරය
පුවත්පත් නිවේදනය: 2016 අගෝස්තු 16

විවිධ පසුබිම් සහිත පුරවැසි කණ්ඩායමක්වන ‘අප විවිධයි එත් සමානයි‘ යන බැනරය යටතේ 2016 අගෝස්තු 15 දින සවස, කොළඹ 7, බෞද්ධාලෝක මාවතේදී එක්රැස් විය.

මෑත කාලයේදී ජාතිවාදය හා නොඉවසීම සහිත වු අඛණ්ඩ වාතාවරණය පිළිබඳව අපි බොහෝ දෙනා ඉතාමත් සැලකිලිමත්වන අතර, අපේ සමාජය තුළ සමානාත්මතාව සහ යුක්තිය ප‍්‍රවර්ධනයට, මෙවන් සංවිධානාත්මක ව්‍යාපාරයක අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කිරීම ආරම්භ කළෙමු. ශ‍්‍රී ලංකාව තුළ මුස්ලිම් හා කි‍්‍රස්තියානි ප‍්‍රජාවන්ට හා ඔවුන්ගේ ආගමික සිද්ධස්ථාන වෙත එල්ල වු ප‍්‍රහාරයන් කිහිපයක් පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් වුයෙමු. මැරකල්ලි විසින් කි‍්‍රස්තියානි හා මුස්ලිම් ආගමික කටයුතු හා එක්වීම් ප‍්‍රචණ්ඩකාරී ලෙස කඩාකප්පල් කිරීම පිළිබඳව අසීමිත වාර්තාවන් (2016හිදී) අප කියවා ඇත. ශ‍්‍රී ලංකාව ‘සිංහල බෞද්ධ’ ජාතියක් වශයෙන් ප‍්‍රකාශ කිරීමට සමහර කණ්ඩායම් විසින් දැනට ගෙනයනු ලබන සංවිධානාත්මක ව්‍යාපාරය පිළිබඳව අපි සැලකිලිමත් වන්නෙමු. මෙම වෙනස්කම් කරන ආකාරයේ මතවාදයන් කි‍්‍රයාකාරීව තර්ක විතර්කනය කිරීමට පුරවැසියන් වශයෙන් අප සතු වගකීම අපි හොඳාකාරවම දන්නෙමු. අපගේ ජාතිය ඉදිරියට යාමට කිසිදු ප‍්‍රජාවකට සමාන නොවන ආකාරයෙන් සැලකිය යුතු නැති බව අපගේ ස්ථිර අවබෝධයයි.

මේ පිළිබඳව සැලකිල්ලක් දක්වන පුරවැසියන් සමුහයක් සමඟ අපගේ අදහස් හා සිතුම් පැතුම් සමාජ මාධ්‍ය හා වෙනත් ජාල ඔස්සේ බෙදාහදා ගනිමින්, අපි අවිධිමත් කණ්ඩායමක් ලෙස කටයුතු ආරම්භ කළෙමු. ඊයේ(15) පැවැති සාමකාමී රැස්වීම අපගේ ස්වකැමැත්තෙන්, පුරවැසි නායකත්වයක් සහිත එකමුතුවක් වශයෙන්, අපගේ පෞද්ගලික අරමුදල් යොදාගනිමින් සාමුහිකව සංවිධානය කළෙමු. සාමකාමී රැස්වීමට පැමිණි සියලූදෙනා ඔවුන්ගේ ස්වකැමැත්තෙන් පැමිණියහ. විවිධ ප‍්‍රජාවන්ගෙන් හා විවිධ පසුබිම්වලින් ජනයා එයට සහභාගී වුහ.

සුළු මොහොතකට පසු, ‘සිංහ ලේ’ කණ්ඩායමෙහි නියෝජිතයින්යැයි පවසන පිරිසක් විසින් බලහත්කාරයෙන් සාමකාමී රැස්වීමට බාධා කෙරිණි. මෙම කණ්ඩායම ඔවුන්ගේ ජාතිවාදය හා වෛරී භාෂණය ප‍්‍රවර්ධනය කිරීමේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාමට කටයුතු කළහ. ‘සිංහලේ’ කණ්ඩායම සාමකාමී රැස්වීමට පැමිණ සිටි අයව අඛණ්ඩව පෙළඹවීමෙන් කණ්ඩායම් දෙක අතර ගැටුමක් පැන නැඟුණි. අවසානයේදී එය අඩුවුයේ සාමකාමී රැස්වීමට පැමිණි සියලූදෙනා ආක‍්‍රමණශීලි නොවන, ගැටුම්කාරී නොවන, සාමකාමී හා ඉවසිලිවන්ත ආකාරයෙන් සිටි නිසාවෙනි. එසේ සිටිමින්ම ඔවුහු තමන්ගේ ස්ථාවරය දැඩිව හා ශක්තිමත්ව ඉදිරිපත් කළහ. අවසානයේදී විවිධයි එත් සමානයි කණ්ඩායම සමඟියේ හා සාමයේ ගී ගයා, මාධ්‍ය වෙත දෙමළ, සිංහල හා ඉංග‍්‍රීසි බසින් තම ප‍්‍රකාශයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සාමුහිකව, සාමකාමීව විසිර ගියහ. අපි ‘සිංහලේ’ කණ්ඩායමට පෙර විසිර ගියෙමු; එය අපේ තෝරාගැනීමයි.

අප ආයතනයක් නොවේ, අපට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට හෝ කිසිදු ආකාරයේ සම්බන්ධයක් නැති අතර එවන් චෝදනා සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන්නෙමු.

මාධ්‍ය

අප සැම වෙනුවෙන් වඩාත් සාධාරණ හා සමාන ශ‍්‍රී ලංකාවක් සඳහා ඉල්ලීමට රැස්වු අය වශයෙන්, ඊයේ එහි පැමිණ සිටි බොහෝ මාධ්‍යයන්හි හැසිරීම පිළිබඳව අපි අතෘප්තිමත් වන්නෙමු. සමානාත්මතාව සඳහා වූ විවිධයි එත් සමානයි කණ්ඩායමේ සාමකාමී රැස්වීම ආවරණය කිරීම සඳහා ඔවුහු එහි පැමිණ සිටියද, බොහෝ දෙනෙක් ඔවුන්ගේ සියලූ අවධානය කඩාකප්පල්කාරී පිරිස් දෙස වහාම යොමු කළහ. සාමකාමී රැස්වීම සඳහා සහභාගීවුවන්ගේ සමබර අදහස් ලබාගන්නවාට වඩා, එහි සිදුවෙමින් තිබු කලබලය දෙසට ඉතා ඉක්මණින් තමන්ගේ කැමරා හැරවීමට පැමිණ සිටි බොහෝ මාධ්‍ය වැඩි උනන්දුවක් දැක්වු බවක් විද්‍යමාන විය.

මෙසේ වෘත්තීමය නොවන බවෙහි ලක්ෂණයක් ප‍්‍රදර්ශනය කරමින්, සාමකාමී රැස්වීමෙන් පසු පල වු මාධ්‍ය වාර්තා කිහිපයක විවිධයි එත් සමානයි පිළිබඳ වැරදි කරුණු ඇතුළත් විය. ජනමාධ්‍යවේදීන් විසින් විස්තර හා කරුණු සොයාගැනීමේ උනන්දුවක් තිබුණේ නම්, මෙය පහසුවෙන්ම මඟහරවා ගැනීමට තිබුණි; මාධ්‍යයට කරුණු දැක්වීම සඳහා සූදානම්වුවන් සිටි අතර, ඕනෑම ප‍්‍රශ්නකට පිළිතුරු දීමට අපි සතුටුවනු ඇත.

මාධ්‍යයට ඔවුන්ගේ වගකීම් වඩාත් බැරෑරුම් ලෙස සලකන මෙන් අපි ඉල්ලා සිටින්නෙමු;

අපක්ෂපාතීත්වය සහ වෘත්තීමය බවට කැපවීමට, බහුවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් ලේඛණගත කිරීමට සහ ඉදිරිපත් කිරීමට, සමාන කාලයක් හා ශ‍්‍රමයක් යොදවන බවට සහතික කිරීම.

කෙසේවෙතත්, සාමකාමී රැස්වීමට සමාජ මාධ්‍ය හරහා ආවරණය ලබාදෙන ප‍්‍රධාන ධාරාවේ නොවන මාධ්‍යයන්ට සහ, නිවැරදි වාර්තා ලබාදීමට වෙහෙස මහන්සි වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ට අපි ස්තුතිපුර්වක වන්නෙමු.

පොලීසිය

අප කණ්ඩායමේ නියෝජිතයින් විසින් නිහඬ, සාමකාමී රැස්වීමක් පැවැත්වීමේ අපගේ සැලසුම කුරුඳුවත්ත පොලීසිය වෙත කලින් දැනුම්දී තිබුණි. සාමකාමී, කඩාකප්පල්කාරී නොවන ආකාරයට සමානාත්මතාවය සඳහා පෙළ ගැසීමට උත්සාහ දරන අනෙකුත් සියලූ පුරවැසියන්, සහ අප වෙනුවෙන් නැඟී සිටීමට ඔවුන්ට වගකීමක් තිබුණු බවට හා අඛණ්ඩව තිබෙන බවට අපි විශ්වාස කරන්නෙමු.

කඩාකප්පල්කාරී පිරිස් පැමිණි පසු බොහෝ පොලිස් නිලධාරීන්ද, සාමකාමී රැස්වීම සිදු කළ ස්ථානයට රැුස්වූහ. විවිධයි එත් සමානයි කණ්ඩායම් සාමාජිකයින් විසින් නිලධාරීන් වෙත මැදිහත්වීමට හා යම්කිසි පියවරක් ගැනීමට තර්කානුකූලව ප‍්‍රකාශ කළද, නිලධාරීන් බොහෝ වේලාවක් යනතුරු, පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණෙනතෙක්, කිසිවක් කළේ නැත.

අවසානයේ දැඩි ලෙස පොලීසිය මැදිහත්වුවද, බොහෝදුරට සිදුවුයේ ඔවුන් විවිධයි එත් සමානයි කණ්ඩායම සමඟ තර්ක කිරීම, සහ මතභේදාත්මක ගැටුමට සම්බන්ධ නොවීමට හා එය දිග්ගැස්සීම නොකරන ලෙසට ඉල්ලීමයි. ඔවුන් ‘සිංහ ලේ’ කණ්ඩායම සමඟද තර්ක කිරීමට උත්සාහ කළද, අපි විශ්වාස කරනුයේ හා දැනෙනුයේ වැඩි යමක් කළ හැකිව තිබු බවයි. ‘සිංහ ලේ’ කණ්ඩායම ජාතික කොඩියෙහි විකෘති අනුරුවක්ද රැගෙන සිටියහ ‐ අප දන්නා ආකාරයෙන් එය අපරාධයකි ‐ අනාගතයේදී අවම වශයෙන් මෙවන් කරුණු සම්බන්ධයෙන් දැඩිව කි‍්‍රයා කරන මෙන් පොලීසියෙන් අපි ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටින්නෙමු.

කෙසේවෙතත්, අපි ඔවුන් එහි සිටීම පිළිබඳව ස්තුතිවන්ත වන්නෙමු.

අවසාන වශයෙන්, සාමකාමී රැස්වීමට සහභාගී වු සියල්ලන් ප‍්‍රචණ්ඩත්වය හා වෛරය හමුවේ ශක්තිමත්ව පෙනීසිටිමින්, සාමකාමීව එහෙත් දැඩිව ප‍්‍රතිචාර දැක්වු ආකාරයෙන් අප දිරිමත් විය. අපි පුරවැසි සාමුහිකයන්හි බලය පිළිබඳව විශ්වාස කරන අතර වෙනස්කම්වලට එරෙහිව එකට එක්වී නැගී සිටින ලෙස අපි තවත් පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. එකට, අපිට ඉමහත් බලයක් ඇති අතර අපිව නිහඬ කළ නොහැකිය. මෙම සාමකාමී රැස්වීම විවිධයි එත් සමානයි සංවිධානාත්මක ව්‍යාපාරයේ අවසානය නොවේ; එය ආරම්භයක් පමණි. ජාතිවාදය හා අනෙකුත් සියලූ ආකාරයේ වෙනස්කම්වලට එරෙහිව නැගී සිටීමට, ජනතාව එක්රැස් කිරීමට සමාජ මාධ්‍ය හා පොදු කි‍්‍රයාකාරීත්වයන් අඛණ්ඩව භාවිත කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

සබැදි සටහන්

‘ලේ’ වලට සැප දී ‘සාමකාමීත්වයට’ තර්ජනය කරන පොලීසිය[Video]
‘සිංහ ලේ‘ කියා ගන්නා මැරයින් සාමකාමී විරෝධතාවයට කඩා පනී(Video)