Image by:Army.lk

යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ලෙස පත් කිරීම යුද්ධය අවසන් වී අට අවුරුද්දක් තිස්සේ තවමත් යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින දස දහස් සංඛ්‍යාත යුද පීඩිතයන්ට එල්ල කළ අතුල් පහරකි.[ITJP]

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාවේ විධායක ජනරාල් ධූරයට පත් කරන ලද බව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මාර්තු 30වනදා ප්‍රකාශයට පත් කරල ලදි.[1]

මේ පිළිබදව අදහස් දක්වමින්, ‘සත්‍ය හා යුක්තිය සදහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතියේ(ITJP) විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සුකා පවසන්නේ, ‘‘ජිනීවා හී මානව හිමිකම් මණ්ඩලය අවසන් වී දින කිහිපයක් යත්ම මේ පත්වීම සිදු කිරීම සාහසික ක්‍රියාවක් වන අතර ආණ්ඩුව වගවීම හෝ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ හෝ බරපතලකොට නොසලකන බව මේ පත්වීමෙන් පෙන්නුම් කෙරෙයි.”

යැස්මින් සුකා උපුටා දක්වමින්, ITJP විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තව දුරටත් පවසන්නේ ‘‘මේ පුද්ගලයා අඩුම වශයෙන් ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් පිළිතුරු දීමේ වගකීමෙන් බැදෙන අයෙකු බව එක්සත් ජාතීන්ගේ හිටපු මහ කොමසාරිස් නවී පිල්ලේ පවසා තිබුණි”

මානවීය නීතිය සහ යුද අපරාධ

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී කුප්‍රකට 58 වැනි සේනාංකයේ අඥාපති වූයේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ය.

ITJP නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ,

2009 අප්‍රේල් මාසයේ පුදුමාතලන් නැවත අල්ලා ගැනීමට දියත් කළ යුද ප්‍රහාරයට නායකත්වය දුන්නේ තමන් බවද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පිළිගනෙ තිබේ. මෙහි දී විශාල ජීවිත හානියක සිදු වූ බව දිවි ගලවා ගත් අය පවසති. තමන් ඩ්‍රෝන් දර්ශණ වල අධාරයද ලබා ගත් බව මේජර් ජෙනරාල් සිල්වා කියයි. මෙයින් වැටහෙන්නේ ප්‍රහාරය දියත් වන අවස්ථාවේ සාමාන්‍ය වැසියන් අති විශාල සංඛ්‍යාවක් සිටි බවත් ඔවුන් තුවාල වීමටත් මිය යාමටත් හැකි බව කල් තියාම දැන සිටීමේ පහසුකම් තිබුණු බවය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන ආකාරයට, එල්ටීටීඊ යේ හමුදා සහ දේශපාලන නායකයන් 2009 මැයි 18 දා බාර වූ අවස්ථාවේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ප්‍ර දේශයේ ඉද ඇත. ඒ සිය ගනනක් හිතුමතේ ඝාතනය කරන ලදි. නැතහොත් බලහත්කාරයෙන් අතුරුදහන් කර දමන ලදි. සාක්ෂිකරුවන් විසින් ඇසින් දුටු හමුදා අත්අඩංගුවේ සිට පසුව අතුරුදන් වූ අයගේ ලැයිස්තුවක් ITJP විසින් 2014 දී සම්පාදනය කරන ලදි. එල්ටීටීඊ කාඩර්වරුන් සමග බස්රථවලට නංවන ලද කාන්තාවන් සහ ළමුන්ද ඒ ලැයිස්තුවේ වෙයි.

‘සුදු කොඩි‘ භාරවීම් සිදු වූ 2009 මැයි 18 දා උදෑසන ශවේන්ද්‍ර සිල්වා එතැන සිටි බවටත් චෝදනා නැගී ඇති අතර ඒ පළාතේ හමුදා විධානය පැවතියේ තමන් යටතේ බව ඔහු විසින් පිළිගෙන තිබේ.

සුදුකොඩි සිදුවීම සම්බන්ධයෙන් ITJP විසින් 2014 දී සම්පාදනය කරන ලද වාර්තාවක එන ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පවසා ඇත්තේ භාර වූ එල්ටීටීඊ දේශපාලන අංශයේ නායකයන්ට ශවේන්ද්‍ර සිල්වා අතට අත දෙනු ඔහු දුටු බවයි. ඔවුන්ගේ මළසිරුරු එයින් පැය කිහිපයකට පසු මහමග තිබී හමුවිය. එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කියා සිටියේ අන්තරායකින් තොරව බාර විය හැකි බවට ආණ්ඩුවෙන් සහතිකයක් දී තිබිය දීත්, ඒ නායකයන් නඩු නොඅසාම ඝාතනය කර ඇති බවයි.

58වන සේනාංකය වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් චෝදනා ලබන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසයි.

යුද්ධයෙන් පසු ශවේන්ද්‍ර සිල්වාට දඩුවමින් බේරී යා හැකි රාජ්‍යතාන්ත්‍රික මුක්තිය සළසා දෙමින් ඔහු එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නියෝජිත ලෙස නිව්යෝක් නුවරට යවන ලදි. යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මේජර් ජෙනරාල්වරයාට එරෙහි චෝදනා නිසා ඔහු සාම සාධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ඉහළම උපදේශක මණ්ඩලයකින් 2012දී ඉවත් කරන ලදි. ඉන් අනතුරුව ඔහු දකුණු අප්‍රිකාවේ තානාපති ධූරයකට පත්කර යැවීම වළක්වනු ලැබූවේ ඔහු යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධවලට සම්බන්ධ බවට බරපතල චෝදනා ගණනාවක් ඇති හෙයින් ඔහු ඊට නොගැලපෙන බවට රාජ්‍ය නොවන සංවිධාන විසින් නෛතිකව උපදෙස් ලබා දී දකුණු අප්‍රිකාව ඔහු භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමට බලකරනු ලැබීමෙනි.[13]

@ITJP Full Report here