‘‘රජයේ හමුදාවට පුනරුත්තාපනය සඳහා භාර දුන්, සුදු වෑන් වලින් පැමිණි පැහැරගෙන හා අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවූ අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නෑදැයින් වෙනුවෙන් අවුරුදු ගණනාවක සිට මේ අරගලය අපි ගෙන යමින් සිටිනවා.‘‘ යැයි අතුරුදන්කරවනලද සිය සමීපතමයින් ඉල්ලා දින 130ක් තිස්සේ ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාල ඉදිරියේ උපාවස කරන තිරිමදිනාවන් ආශා මව පවසයි.

”1983 සිට 2009 කාල වකවානුවෙත්, මේ යුද්ධය අවසන් වූ පසුවත් හමුදාවට භාර දුන්, අතුරුදහන් කරන ලද, පැහැරගෙන යන ලද, අපේ දරුවන්, නැදැයින්.. සහෝදර, සහෝදරියන් සොයමින් යනවා. මගේ පුතාවත් උන් පැහැරගත්තා. අපි එකිනෙකා පුද්ගලිකව අපගේ දරුවන් සොයමින් ඇවිදිනවා. අපිට මේ යහපාලන ආණ්ඩුවෙන් කිසිම ප‍්‍රතිචාරයක් නොමැති නිසා උතුර සහ නැගෙනහිර ඒකාබද්ධව එක සංවිධානයක් වි ඒකමතික තිරණයකට පැමිණ ප‍්‍රදේශ 8 ක් ඒකාබද්ධ වී සිටිනවා.” යැයි ඇය වැඩිදුරටත් පවසයි.

දින 130ක් මහමග ජීවිතය ඉල්ලා සිටින දෙමාපියන් ඉන්න රටක් කියන්නේ විශේෂයක් නැතිද? ආණ්ඩුකාරතුමා සෑම වේලාවේම ඔවුන් ඉදිරියෙන් යයි. නමුත් කිසිවක් සිදු නොවෙයි. 2009 මැයි 18/19 වන දිනවල හමුදාවට බාර දුන් අයගේ නම් ලැයිස්තුව ලබා දෙන්න යැයි මුලතිව් අධිකරණය හමුදාවට නියෝග කලේ පසුගිය දිනකය. හමුදාව කීවේ එැවිනි ලැයිස්තුවක් තමන් තබා නොගන්නා බවය. මෙය නිත්‍යානුකූල හමුදාවක ක්‍රියාවන්ද? ආණ්ඩුව ද, සහජීවනය ද, මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. එපමණක් ද නොවේ. වව්නියාවේ සිය දරුවන් ඉල්ලා උපවාස කරන මවක් අතුරුදන් කරන ලද සිය දියණිය සමග මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිටන ඡායාරූපයක් පෙන්වමින් ඇයගේ දියණිය සොයා දෙන ලෙස ඉල්ලීම් කලාය. අප ඇයගේ ඉල්ලීම ප්‍රසිද්ධ කලෙමු. ජනාධිපතිවරයා මාධ්‍යට කීවේමම කියනවා පැහැදිලිවම දේශපාලන කුමන්ත්‍රණයක් අන්තවාදීන්ගේ…‘ කියාය.

අප ගමන් කරන්නේ ශිෂ්ඨත්වය දෙසට නම් මේ උදාහරණ දෙක සම්බන්ධයෙන් රටක ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් හෝ ඒ පිළිබදව වන ආයතනයක් සිදු කල යුතුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් පිළිගත හැකි පරීක්ෂණයක් සිදුකර ඉන්පසු ප්‍රතිචාර දැක්වීමයි. නමුත් එැවැනි කිසිදු පරීක්ෂණයක් නොකර ප්‍රතිචාර දැක්වීමෙන් ගම්‍ය කරන්නේ තව දුරටත් මේ දෙමාපියන්ගේ වේදනාව, ඔවුන්ට සිදු වී ඇති අයුක්තිය පිළිබදව ආණ්ඩුව යුක්තිසහගත ප්‍රතිචාරයක් නොදක්වන බව නොවේද? අවම වශයෙන් ඒ ඡායාරූපය ගැන ජනාධිපතිවරයා පවසන පරිදි පැහැදිලි සාක්ෂි ඇතිනම් ඒ ගැන ඒ වව්නියාවේ මවට කියන්නට මේ ආණ්ඩුවට කොන්දක් නැතිද?

එබැවින් ත්‍රිකුණාමලයේ මේ මව මෙසේ පැවසීම ආසාධාරණයි කියා කාට නම් කිවහැකිද? ඇය තවදුරටත් මෙසේ පවසන්නේය,

”විවිධ කොමිසන් සභා ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කලත්, ඒ කිසිවක් අපේ ප‍්‍රශ්ණයට උත්තර සොයන්න පුළුවන්, යාන්ත‍්‍රණයන් නොවෙයි. ඒවාට අපි අපේ දරුවන් ගැන ඉදිරිපත් කරනවා. නමුත් පුස්සක් විතරයි. ඒ නිසා අපි ප්‍රදේශ 8ක දෙමාව්පියන් එකතු වී, එකම සංවිධානයක් ලෙස වැඩකරනවා. හැම දිස්ත‍්‍රික්කයකම අපේ දරුවන් වෙනුවෙන් හඬක් නගන්න තිරණය කලා. ඒ අපි, නොකා නොබී වීදි බැහැලා අපිට අවශ්‍ය කරන සාධාරණත්වය, මේ යහපාලන රජය විසින් ඉෂ්ඨ කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ජාත්‍යන්තරය විසින් ද අපිට උදව් කරයි කියා බලාපොරොත්තු වනවා.

2017.03.04 වන දින මෙම උද්ඝෝෂණය අප ති‍්‍රකුණාමලයෙන් ආරම්භ කලා. අද අපේ 128 වන දවසයි. නමුත් අපේ ඉල්ලිම් ඉල්ලමින් මෙම අරගලයේ සිටියත්, අපට රජයේ කිසිම ආයතනයක්, කිසිම ප‍්‍රතිචාරයක් දුන්නේ නැහැ.

දෙමල දේශපාලඥයින් අපිව බලන්නවත් ආවේ නැහැ. අපි හරිම වේදනාවකින් තමා ඉන්නේ. උන් හිතනවා ඇති මේ දෙමාව්පියන් තව කොච්චර කාලයක් මෙහෙම ඉන්නද කියලා. මේ දෙමව්පියන් අද අත හරියි, හෙට අත හරියි කියලා, අපි එහෙම දෙමව්පියන් නෙවෙයි. අපට ස්ථිර විසදුමක් ලැබෙන තුරු අපි මේ අරගලය දිගින් දිගටම සිදුකරනවා. විවිධ ස්වරුපයන්ගෙන් අපි මේ සටන දියත් කරනවා. පහුගිය දවස්වල අපි අපේ හර්තාල් දිනය සැමරුවා. පැහැරගෙන හා අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවන ලද හමුදාවට බාර දෙන ලද ජිවිතවල අයිතිිය වෙනුවෙන්. ති‍්‍රකණාමලය තුල සහ අනෙකත් සංවිධාන ද ඔක්කෝම අපට සහය දැක්වුවා. කඩවල් වසා සහය දැක්වුවා. ඒ නිසාම අපි තනි නැහැ යන හැඟිමක් අපට ආවා. හරිම සතටුයි ඒ ගැන සිතන කොටත්. මේ සටන. මේ අභියෝගය. මේ සිද්ධියට පමණක් නොවේ. ඉදිරියේදීත් මොනම තත්ත්වයකදීත් නැවත මෙවැනි දෙයක් සිදු නොවිය යුතුයි. ජාති ආගම් බේදයෙන් මෙවැනි තත්ත්වයක් නැවත ඇති නොවිය යුතයි. යහපාලනය කිය කියා මතුර මතුර අපිට නිසි පිළිතුරක් නොදී ඉන්නවා. මෙතන ඉන්න සියළුම දෙමව්පියන් තම දරුවන් අද එයිද? හෙට එයිද? මගේ දරුවන්ට මොකද වුණේ කියලා වේදනාත්මකව බලාපොරොත්තුවකින් ඉන්නවා. මේ යහපාලන ආණ්ඩුව පිළිතුරක් දෙයිද?”

අපේ දරුවන්ව පැහැර ගෙන ගියේ මේ හමුදාවේ සොල්දාදුවන්. ඒ අයව නිදහස් කරන්න කප්පම් ඉල්ලපු එවුන්.

”අපේ දරුවන්ව පැහැර ගෙන ගියේ මේ හමුදාවේ සොල්දාදුවන්. ඒ අයව නිදහස් කරන්න කප්පම් ඉල්ලපු එවුන්. එවැනි බ**න් මේ වීදියේ සැරිසරනවා අපි දකිනවා. ඒ බ**න් පවා මේ යහපාලනය කියලා පම්පෝරි ගහන ආණ්ඩුව අත්අඩංගුවට නොගෙන ඉන්නවා. මේ තත්වය යටතේ අපේ සහෝදර ජනතාව අපෙන් අහනවා ඇයි තවත් ඉන්නේ කියලා. ඔයාලාගේ දරුවන් මැරිලා ඇති නේද? තව කොච්චර කාලෙකට මෙහෙම ඉන්නවාද? කියලා අහනවා. අපිව විහිළුවකට භාජනය කරනවා. අපව දිහා ඒ අය සැකෙන් බලනවා. මේ තත්ත්වයට අපිව පත්කලේ මෛති‍්‍ර – රනිල්ගේ යහපාලන ආණ්ඩුව.

‘මුන්ට කොච්චර කාලයකට විදියේ ඉන්න පුළුවන්ද?‘ එහෙම හිතන්න පුළුවන්. හැබැයි අපිත් නොකඩවා මේ සටන නවත්වන්නේ නැහැ. කවදා හරි දිනක මේ ආණ්ඩුව අපිට අපේ ප‍්‍රශ්ණවලට විසදුම් සොයා දිය යුතුමයි. අපි නිකං මෙහේ ඇවිත් වාඩි වුණේ නැහැ. අපේ ලේ බැදීම් කවුද පැහැරගෙන ගියේ කියා සාක්ෂිත් එක්ක තමයි අපි මෙහි වාඩි වුණේ. අපි නිකං මේ විහිළුවට වාඩිවුණේ නැහැ. අපි ලඟ තොරතරු තිබෙනවා. භාර දුන්න අය කී දෙනෙක් ඉන්නවාද? මරා දැමුවන් කී දෙනෙක්ද? අතුරුදහන් කල අය කී දෙනෙක් ඉන්නවාද? මේ සියළු තොරතුරු අපි ලඟ තියෙනවා. අපිට කිසිම සංවිධානයක් පිලිබඳ විශ්වාසයක් නැහැ. අපි දිස්ති‍්‍රක්ක හැටියට එකතු වෙලා ස්වාධින කණ්ඩායමක් විදියට කි‍්‍රයාකාරිව අරගල කරනවා. සිංහල ජනතාවත් මේ අරගලයට අපිත් එක්ක එකතු වෙලා අපේ අයිතිිවාසිකම් ලබා ගන්න අපට උදව් කරන්න කියලා ඉල්ලා සිටිනවා.

මෙය නොනවතින අරගලයක්. මෙය විවිධ ස්වරූපයෙන් දියත් කරනවා. අපි මැරුනත් අපි උද්ඝෝෂණයේ නියැලෙනවා කියලා මේ අවස්ථාවේ මා කියන්න කැමතියි. මේ සඳහා සමහර අඩිතාලම් දමාගෙන යනවා. ආණ්ඩු ජනාධිපති කොමිසමක් පත්කලා. උගත් පාඩම් කොමිසමක් පත්කලා. දැන් OMP කියන තවත් ආයතනයක් පත්කරලා කියෙනවා. පැහැදිලිව ම කිව යුතුයි, ඒකට අතුරුදහන් කල, මාරු දැමු කිසිම කෙනෙක් ගැන ඒ ආයතනයෙන් සිදු කරන්නේ නැහැ. අපට මොකටද OMP කාර්යාල. මෙවා තියෙන්නේ අපේ ගමන් මඟ අහුරන්න. මෙවැනි ආයතන අපට මොකටද, අපට කියා දෙන්නද? නැහැනේ. තවදුරටත් OMP එපා.

මෙම සිද්ධීන් අපෙන්ම ඉවර වුනදෙන්. නැවතත් මෙවැනි සිදුවිම් සිදු නොවිය යුතුයි. මෙවැනි සිදුවිම් වලට අපිට කිසිම කැමැත්තක් නැහැ. අපේ දරුවන්ව අරගෙන ගිය එවුන් ඉන්නවා. උන්ව අපි දන්නවා. අපේ දරුවන්ගෙන් කප්පම් ගත්ත එවුනුත් ඉන්නවා. උන්වත් අපි දන්නවා. ඒකට ඕන තරම් සාක්ෂි තියෙනවා. මේවා විවිධ ස්වරුපයෙන් අපි ආණ්ඩුවට ඉදිිරිපත් කරනවා. ඒකට අපිට OMP කියන ආයතනයක් ඕන නැහැ. අපිට අවශ්‍යය අපි ළඟ තිබෙන සාක්ෂි නිතියට ඉදිරිපත් කරන්න. අපට ඕන අපේ ඉල්ලීම්වලින්, එක දරුවෙක් හරි එලියට එන්න ඕන, හංගන් ඉනන තැන් වලින්. ඒ වෙනුවෙන් ආණ්ඩුව වැඩ කරන්න ඕන. ඒකයි අපේ ඉල්ලීම්. දැන් ජනාධිපති සමඟ දරුවන් ඉන්න පිංතුර තියෙනවා. ඇයි ආණ්ඩුව උත්තරයක් නොදෙන්නේ. ඉස්සර හිටපු ජනාධිපති විතරක් නෙමේ මේ ආණ්ඩුවත් වැරද්ද වහන්න තමයි උත්සහ කරන්නේ. මේ ජනාධිපති ආවේ අගහරු ලෝකෙන් නෙමෙයි මේයා ආවෙත් ඒ ගොල්ලන්ගේ ම ගොඩෙන්.”

@VIKALPA